ඩයනා උදයංගනී
ඉන්ධන මිල ඉහළ නොදමා පවත්වාගෙන යාම හේතුවෙන් පසුගිය ජනවාරි හා පෙබරවාරි මාසවල පමණක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 9886 ක පාඩුවක් සිදුව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
වසර තුනක කාලයක් නොකඩවා ඉන්ධන මිල වැඩි නොකළ රජය වත්මන් රජය බව කී අමාත්‍යවරයා මේ වන විට ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇතත් එම බර ජනතාව මත පටවා නැතැයි ද සඳහන් කළේය.
මේ නිසා ඉහත කී මාස දෙක තුළ පෙට්රල්වලින් රුපියල් මිලියන 3200කට වැඩි ප්‍රමාණයක්, ඩීසල්වලින් රුපියල් මිලියන 4500කට වැඩි පාඩුවක් හා භූමිතෙල්වලින් රුපියල් මිලියන 2200ක පමණ පාඩුවක් සිදුව ඇතැයි ද ඇමැතිවරයා කීවේය.
යුද්ධය අවසන් වූ 2009 දී රුපියල් 133ක්ව තිබූ පෙට්‍රල් ලීටරයක මිල 2013 වන විට රුපියල් 170ක් දක්වා ඉහළ ගොස් තිබුණත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු 2015 ජනවාරියේදී රුපියල් 128 දක්වා අඩු කළ බවත් 2009 දී රුපියල් 73ට තිබී 2012 වන විට රුපියල් 115ක් බවට පත්වූ ඩීසල් ලීටරයක මිල රුපියල් 95 දක්වා සහ 2009 දී රුපියල් 51ක්ව හා 2012 දී රුපියල් 106ක් වූ භූමිතෙල් ලීටරයක මිල වත්මන් රජය ක්‍රමානුකූලව රුපියල් 44 දක්වාත් අඩු කළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තවදුරටත් ලෝක වෙළඳපොළ තත්ත්වය දෙස බලමින් එම මිල ගණන් රඳවාගෙන සිටින බව කී අමාත්‍යවරයා මිල සූත්‍රයක් ගැනත් යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි කියා සිටියේය. ලෝක වෙළඳපොළ මිල ගණන් අනුව ඉන්ධන මිල අඩු වැඩි කිරීම සඳහා මෙම මිල සූත්‍රය ගෙන ආවද රජය විසින් යම් ප්රතිශතයක පාඩුවක් දරාගන්නා ආකාරයෙන් එය හඳුන්වා දිය හැකි බවද රාජිත සේනාරත්න මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක හිතන්න තිබුනේ 2015 ඡන්දයට කලින් එහෙනම් අපි මෙහෙම අමාරුවක වැටෙන්නේ නැත. 2015 තෙල් මිල පහත දැමීමෙන් කිසිම බදුවල මිල පහල ගියේ නැත නමුත් මෙවර මිල වැඩි කලොත් නැවත බඩු මිල ඉහල යනවා.
ඇයි පාඩු ලබාගෙන ඉන්ධන දෙන්නේ? මිනිස්සුන්ට අමාරු වෙන බව දන්නවා. එත් ඒක යථාර්තය නම් අපි ඒක දරාගන්න වෙනවා. රජය පාඩු කරගෙන ඉන්ධන දෙන්න ඕනේ නැති ,බැරි මිනිස්සුන්ට සහ අත්‍යවශ්‍ය සේවා වලට විතරයි. නැත්නම් සල්ලි තියෙන මිනිස්සුත්, ජාවාරම්කාරයොත් හැමෝම ඒ වාසිය ගන්නවා. අන්තිමට දුප්පත් මිනිහා ඒ අයටත් එක්ක බදු ගෙවනවා. ආයෙමත් දිළිඳුකමේ විෂම චක්‍රය කරකැවෙනවා. අනිත් පැත්තෙන් ඉන්ධන නැතිවෙනකොට, ඉන්ධන මිළ වැඩිවෙනකොට නාස්තියත්, පරිසර දුෂණයත් අඩු වෙනවා. මිනිස්සු විකල්ප බලශක්ති භාවිතයට පෙළඹෙනවා. ඒ වගේ හොඳ පැත්තකුත් තියෙනවා. ඒ නිසා ලෝක වෙළඳ පොලේ මිල ගණන් අනුවයි රජය ඉන්ධන වෙළදාම කල යුතු කියලයි මම හිතන්නේ. රටේ ආදායම පුළුස්සා නොදැමිය යුතුයි.
පාඩු ලැබෙන්නේ ඉන්ධන මිල වැඩි නොකිරීමෙන් නෙවෙයි... අතිශය සේවක අතිරික්තයක් එක්ක ඛනිජ තෙල් සංස්ථාව පවත්වාගෙන යාමෙන්... ඔය සංස්ථාව පුද්ගලීකරණය කිරීම එකම විසඳුමයි.
ඉන්ධන මිල ඉහළ ගියාට ඒ බර ජනතාව පිට පටවලා නැහැලු. අනේ මන්දා... එතකොට රාජිත මහත්තයා ගෙදරින් ගෙනත් වෙන්න ඇති ඒ ටික ගෙවන්න ඇත්තේ.. ජනතාවාදී නායකයෝ.
තව විස්වාසභංග 5,6 ක් මාසෙකට ගෙනාවනම්, හැම ආයතනයක්ම ලාභ ලබන්න පුළුවන් ,මොකද දවසකට වියදම කෝටියකට වඩා නැතිලුනේ, අනික මිනිස්සුන්ට එකෙන් ලැබෙන ආස්වාදය, දැනුම පොඩිද.
රජය විසින් පාඩු දරාගෙන අහිංසක පාරිභෝගිකයන්ට සහන සපයනවා කියන එක මිත්‍යාවක්, වංචාවක්, රජයේ වියදම් ගෙවන්නේ මිනිස්සු, අපි නොදන්නවා වුනාට කඩයකින් සිල්ලර ද්‍රව්‍ය ගන්නා විට, අවුරුද්දට අවශ්‍ය කළමනා ගන්නා විට, බිල් ගෙවන විට රජයට බදු කියල කප්පම් ගෙවනවා, ඒ මුදලින් තමයි ඔය ආණ්ඩු කරවන කපටි රැළ තමන්ගේ වතුපිටි වලින් ආ ආදායම වගේ වියදම් කරන්නේ, මිල සූත්‍රයක් උවමනායි, ඊටත් වඩා වක්‍ර බදු ඉවත් කර පොදුවේ සෑම පුරවැසියෙක්ම ආදායම් බදු ගෙවීමක් අවශ්‍යයි, එයින් කළු සල්ලි ඉපයීම අඩු වෙනවා, තමන්ගේ මුදල් රජය වියදම් කරන බව මිනිස්සුන්ට හැඟෙනවා දැනෙනවා, නාස්තිකාර වැඩ වලට මහජන විරෝධය වැඩි වෙන නිසා රජයේ නාස්තිය අඩු වෙනවා,
උසස්පෙළ ශිෂ්‍යයන්ට ටැබ් දෙන්න කියල අවුරුද්දටම යන්නේ කෝටි 400 යි, මෙතන මාස දෙකට කෝටි 1000 යි, මේවා තමයි මිනිස්සුන්ගේ සල්ලි ගිලින රාක්ෂයන්, දේශපාලන කළු කුහර, මේ පාඩුව අන්තිමට ගෙවන්නේ සාමාන්‍ය පුරවැසියන්, මේ ආයතන පෞද්ගලික අංශයට පවරනවා නම් මෙහෙම පාඩු වෙන්නේ නැහැ, ව්‍යාපාරය උපයන ආදායම මත බද්දක් ගෙවන නිසා රජයට ආදායමක් ලැබෙනවා, දේශපාලන අත පෙවීම් අඩු නිසාත් තරඟකාරීත්වය වැඩි නිසාත් පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සේවයක් ලැබෙනවා. ඉන්දියන් තෙල් සමාගමට තරඟයක් දෙන්න දේශීය හෝ විදේශීය සමාගමකට ආරාධනා කර සිපෙට්කෝ හි ඉතිරි සියලු කොටස් රජයේ මෙහෙයුමින් ඉවත් කල යුතුයි,