(යොහාන් භාසුර)

මෙරට තුළ ඉන්ධන ව්‍යාපාර කිරීම සඳහා ඕස්ට්‍රේලියානු සමාගමක් වන "යුනයිටඩ් පෙට්‍රෝලියම්" සමාගමට අවසර ලැබී තිබේ.

එම සමාගම  'යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ලිමිටඩ්' ලෙස මෙරට ලියාපදිංචි කර තිබේ.

ඉන්ධන වෙළඳාම සම්බන්ධයෙන් එම සමාගම සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය අතර ගිවිසුම පසුගිය 22 වැනිදා අස්සන් කළේය.

මෙරට ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 150 ක් එම සමාගම ට පැවරීමට සහ නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීමට අවස්ථාව දීමටද එම ගිවිසුමෙන් බැඳී තිබේ.