ඉන්දියාවේ චෙන්නායි නුවරින් රෙදිපිළි ගෙනවුත් එහි මිලට ලංකාවෙන් රත්තරන් ගෙනයමින් සිටි ඉන්දියා ජාතිකයකු කටුනායකදී අද අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
ඔහු ළඟ තිබූ රන් වල වටිනාකම ලක්ෂ 34කි.
ග්‍රෑම් 500ක් බර රන් බිස්කට් පහ ගුද මාර්ගයේ සඟවාගෙන යද්දී රේගු අධිකාරී යාපා පියසේන, සහකාර රේගු අධිකාරීවරුන් වන අමල් අබේවීර, නුවන් අබේනායක, චන්දන රත්නායක, කසුන් ගමගේ, චන්දිම කරුණානායක සහ ඩබ්. ප්‍රේමජයන්ත නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් රන් ජාසන්තක කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ස්ටැනිල් සේනාරත්න මහතා සැකකරුට රුපියල් ලක්ෂයක දඩ නියම කළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර රත්තරන් රට පටවන්න ලංකාවෙත් රත්තරන් නිධි තියෙනවද ආයුබොවන්ඩ. මම හිතන්නේ කැළණි ගගෙන් මතුවෙලා වෙන්න ඇති. (නි)
අනේ මන්දා මෙහෙමත් මිනිස්සු! (නි)
ගුද මාර්ගයත් ආදායම් මාර්ගයක් වූ අයුරු? (නි)
අනේ මටත් බලන්න ඕනි.(ස)
නරකම නැහැ (නි)
ගුද මාර්ගයේ රත්තරන් ගණන් වැඩියි..(ස)
රන් ටිකටත් ඡයසිරි මංගලම් (ස)
මේ තොගය රාජසන්තක නම් ඉතිං පරෙස්සමට තියේවි. (නි)
රන් තරු රිදී තරු පායයි අහස් ගැබේ රන් හොරු මෙලෙස අහුවෙනවා ගුවන් ගැබේ (ස)
මේ දඩය හොදටම මදි. (නි)
ගුද මාර්ගය සමග රන් රාජසන්තක කළොත් එයාට ආයිත් හංගන්න තැනක් නැති වෙයි. (නි)
කාන්තාවන්ද රන් හා සමානයි. (නි)
රත්තරන් ඇයි මේ ජරා තැන්වල රිංගවන්නේ?
චෙන්නායි කියන්නේ මුඩුක්කු ලෝකයේ අග නගරයලුනේ. (නි)
ඉන්දියාවෙ අය ලංකාවට එන්නේ ලංකාව බලන්න නෙමෙයි.. කීයක් හරි හොයාගෙන යන්න..!(නු)
නියම වැඩක් මේක අල්ලාගත් විදිය එළිකරන්නකෝ..!(නු)
අතන මෙතන කොතන ගියත් ගහගෙන යන රත්තරන් රේගුවේ අය කොහෝමහරි හොයා ගන්න රත්තරන් ගද ගහන්නේ නැහැනේ මෙහෙම ගහගෙන යන රත්තරන්... (නි)
ගුද මාර්ගයත්ආදායම් මාර්ගයක් කරගෙන. (නි)
බැලුවහම ඉන්දියානුවන්ගේ පශ්චාත් භාගය බොහොම වටිනවනේ. (නි)
මම මේ නිකමට වගේ අහන්නේ. ඔය මාර්ගයේ රෙදි හංගාගෙන එන්න බැරිද? (නි)
නරකද ශය චෙන්නායි යන සියල්ලන්ගේම රහස් ප්‍රදේශයයි, අධෝ මාර්ගයයි පරීක්ෂා කරලා යවනවානම්? මේක පොඩි අදහසක් විතරයි. (නි)
ඇයි රත්තරං ඔයතරම් ගණන්? (නි)
ඇයි මේ කරේ දමන්න තියෙන රත්තරන් ගුද මාර්ගයේ දාන්නේ? ඇයි රත්තරන්, රත්තරන් වලට මෙහෙම කරන්නේ? (නි)
දැන් රේගු නිලධාරීන්ට පශ්චාත් භාග ඔක්කොම පරීක්ෂා කරන්න වෙයි නේද? (නි)