
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ පද්මා කුමාරි)
ඉන්දියාවේ සිට නීති විරෝධි ලෙස බෝට්ටු යාත්‍රා ආධාරයෙන් තීරු බදු රහිතව ගෙනෙවිත් තිබූ ලක්ෂ 50ට ආසන්න වටිනාකමකින් යුත් කහ තොගයක් කල්පිටිය, පල්ලිවාසල්තුරේ, ප්‍රදේශයේ සඟවා තිබියදී කල්පිටිය පොලීසිය අද (13 ) අලුයම අත්අඩංගුවට ගෙනතිබේ.
ඉතා සූක්ෂම ලෙස පොහොර උරවල ඇසුරුම්කර ප්‍රවාහනය සදහා වෙරළ තීරයේ ගබඩා කර තිබියදී පොලීසිය සොයාගෙන තිබේ. කහ කැබලි සහිත උර 29 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර, කිලෝ 1500ට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව නැති අතර, සැකකරුවන් සොයා මේ වනවිට කල්පිටිය පොලිසිය පුළුල් විමර්ශණ ආරම්භ කර ඇත.
අත්අඩංගුවට ගත් කහ තොගය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහි වටිනාකම තක්සේරු කිරීම සදහා රේගු වාර්තාවක් කැදවීමට නියමිතය.


(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)


(ඡායාරූප - පද්මා කුමාරි)
2025 දෙසැම්බර් මස 30
67
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉන්දියාවෙන් ගෙන්වූ ලක්ෂ 50ක කහ තොගයක් කල්පිටියේ සඟවලා
අගුණබණ්ඩා Thursday, 13 August 2020 04:58 AM
ඡන්දෙට කලින් ඇල්ලුවේ කුඩු... දැන් අල්ලන්නේ කහ
ධනාThursday, 13 August 2020 06:38 AM
තාම කුඩුත් අල්ලනවා. ආසන තුනේ කෙනෙක්ද කොහෙද? උන්දැලාගේ ඇස් පේන එක ඡන්දෙන් පස්සේ අඩුවෙනවා කොහොමත්...
BamunuarachchiFriday, 14 August 2020 05:15 AM
කුඩු, කහ හෝ තව දෙයක් කියලා විශේෂයක් නැහැ. මොන හොතුවක් නිසා හෝ රටට ගෙන එන්න තහනම් දේ ගෙනාවොත් අල්ලනවා. ඒකට ඡන්දය අදාළ නැහැ.
Bamunuarachchi Thursday, 13 August 2020 05:41 AM
මේ අත්‍යාවශ්‍ය බඩු හොරෙන් ගෙනෙන්න වුණේ ආනයනය තහනම් නිසයි. නැතිනම් මේවා හොරෙන් ගේන දේවල් නොවේ. එමනිසා බදුගහලා හරි වෙළඳාමට නිකුත් කරන්න. මේ එදිනෙදා කෑම පිසීමට ඉතා අවශ්‍ය දේවල්...
wedage Thursday, 13 August 2020 06:53 AM
නරක් වෙනකම් තියලා ඉතිරි වුණොත් විසිකරයි.
බන්ඩාර Thursday, 13 August 2020 10:10 AM
අමාරුවෙන් හරි තව මාස කිහිපයක් ඉවසන්න. අපේ ගොවියන්ගේ කහ අස්වැන්න, නෙලනකොට ඕක අඩුවෙනවා ඉබේම... ගොවියාටත් හොඳයි.. පාරිභෝගිකයාටත් හොඳයි. කහ කෑවේ නෑ කියලා මැරෙන්නේ නැහැනේ...