IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉන්දියාවට ලකුණු 153 ක ජයක්

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඉන්දෝර් හි පැවැති සිවුවැනි (දිවා-රාති‍්‍ර) එක් දින තරගයෙන් ඉන්දීය කී‍්‍රඩකයෝ ලකුණු 153ක ජයක් ලැබූහ. තරග 5කින් සමන්විත එක් දින තරගාවලියේ තරග 3-1ක් ලෙස ඉන්දියාව පෙරමුණේ සිටී. කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව සිය  ඕවර 50 අවසානයේ කඩුලූ 5ක් දැවී ලකුණු 418ක් රැස්කර ගැනීමට සමත් විය. ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ විරේන්දර් සෙවැග් (219) සහ ගෞතම් ගම්බිර් (67) එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 176ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. විරේන්දර් සෙවැග් එක්දින තරගයකදී පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවීය. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ කොදෙව් පිලට සියලූ දෙනාම දැවී ලබාගත හැකිවූයේ ලකුණු 265කි. කොදෙව් කඩුලූ රකින්නා වූ ඩිනෙෂ් රැම්ඩින් පන්දු 96 කදී හතරේ පහර 12ක් සමගින් වේගවත් ලකුණු 96 ක් ලබා ගැනීමට සමත්විය. තරගයේ වීරයා- විරේන්දර් සෙවැග් ඉන්දියාව  ඕවර 50 කදි කඩුලූ 5ට 418 (විරේන්දර් සෙවැග් 219, ගෞතම් ගම්බිර් 67, සුරේෂ් රයිනා 55, පොලාර්ඞ් 65/1) බටහිර ඉන්දීය කොදෙව් පිල  ඕවර 49.2කදී සියලූ දෙනා දැවී 265 (දිනේෂ් රැුම්ඩින් 96, සිමන්ස් 33, ෂර්මා 43/3, ජඬේජා 34/3) විරේන්දර් සෙවැග්



අදහස් (0)

ඉන්දියාවට ලකුණු 153 ක ජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 621 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site