ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඉන්දෝර් හි පැවැති සිවුවැනි (දිවා-රාති‍්‍ර) එක් දින තරගයෙන් ඉන්දීය කී‍්‍රඩකයෝ ලකුණු 153ක ජයක් ලැබූහ.
තරග 5කින් සමන්විත එක් දින තරගාවලියේ තරග 3-1ක් ලෙස ඉන්දියාව පෙරමුණේ සිටී.
කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව සිය ඕවර 50 අවසානයේ කඩුලූ 5ක් දැවී ලකුණු 418ක් රැස්කර ගැනීමට සමත් විය.
ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ විරේන්දර් සෙවැග් (219) සහ ගෞතම් ගම්බිර් (67) එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 176ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
විරේන්දර් සෙවැග් එක්දින තරගයකදී පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවීය.
පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ කොදෙව් පිලට සියලූ දෙනාම දැවී ලබාගත හැකිවූයේ ලකුණු 265කි.
කොදෙව් කඩුලූ රකින්නා වූ ඩිනෙෂ් රැම්ඩින් පන්දු 96 කදී හතරේ පහර 12ක් සමගින් වේගවත් ලකුණු 96 ක් ලබා ගැනීමට සමත්විය.
තරගයේ වීරයා- විරේන්දර් සෙවැග්
ඉන්දියාව ඕවර 50 කදි කඩුලූ 5ට 418 (විරේන්දර් සෙවැග් 219, ගෞතම් ගම්බිර් 67, සුරේෂ් රයිනා 55, පොලාර්ඞ් 65/1)
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 49.2කදී සියලූ දෙනා දැවී 265 (දිනේෂ් රැුම්ඩින් 96, සිමන්ස් 33, ෂර්මා 43/3, ජඬේජා 34/3)
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd