‘ස්ලම්ඩෝග් මිලියනර්’ චිත්‍රපටය හරහා සිනමාවට එක්වූ දේව් පටලේ මේ වනවිට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ හොලිවුඩ් සිනමාව තුළය. ‘ස්ලම්ඩෝග් මිලියනර්’ හොලිවුඩ් චිත්‍රපටය තුළින් ‘ඔස්කා’ සම්මානයටද පාත්‍රවූ දේව්, පසුගිය වසරේ තිරගත වූ ‘ලියෝන්’ චිත්‍රපටය තුළින්ද මෙවර වසරේ හොඳම සහාය නළුවා ලෙස ‘ඔස්කා’ සම්මානයට නිර්දේශවී සිටියි.
ඉන්දීය ජාතිකයෙකු වන දේව් පටලේ මේ දක්වා දායක වී ඇති හොලිවුඩ් චිත්‍රපට ප්‍රමාණය 20කට අධික වේ. එහෙත්, ‘ස්ලම්ඩෝග් මිලියනර්’ චිත්‍රපටයෙන් පසුව ඉන්දීය සිනමාවට එක් නොවූ දේව් ඉදිරියේදී බොලිවුඩ් සිනමාවට එක්වීමට දැඩි කැමැත්තෙන් පසුවන බව සඳහන් කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd