ඉන්දියාව ගෝල 4-0 කින් ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් සාෆ් පාපන්දු කුසලාන හය වැනි වතාවටත් දිනා ගැනීමට ඊයේ (11) සමත් විය. මෙම ජයග‍්‍රහණය සඳහා ඉන්දියාවට ඇමරිකානු ඩොලර් 50,000 (රුපියල් ලක්ෂ 65ක ආසන්න) මුදලක් පිරිනැමිණි. අවසන් මහ තරගයේදී ගෝල දෙකක් ලබාගනිමින් තරගාවලියේ වීරයාට තේරුණු ඉන්දීය ක‍්‍රීඩක සුනිල් චෙට්ටිට මෝටර් රථයක් තෑගි ලෙස ප‍්‍රදානය කෙරුණි. ඔහු තරගාවලියේ වටිනාම ක‍්‍රීඩකයාටද තේරෙමින් සම්මාන දෙකක් දිනා ගත්තේය. අවසන් මහ තරගය නැරඹීමට 15000 කට අධික ජනකායක් පැමිණ සිටීම කැපී පෙනුණි. නීති විරෝධී හැසිරීම හේතුවෙන් ඇෆ්ගනිස්ථානු පාපන්දු කණ්ඩායම් නායක හමිදුල්ලා යුසුජසරී සිංගප්පූරු ජාතික විනිසුරු සුක්වීර් සිගේ රතු කඩා පත් පෙන්වා පිටියෙන් පිටමං කිරීමෙන් තරගය උණුසුම් විය. පිටියෙන් පිටමං කළ ඇෆ්ගනිස්ථානු නායකයාගේ විනය විරෝධී ක‍්‍රියා කලාපය හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට දඬුවම් පහරක් ප‍්‍රදානය වුණු අතර එය සාර්ථක කර ගනිමින් 67 වැනි විනාඩියේදී සුනිල් චෙට්ටි ඉන්දීය කණ්ඩායමට පළමු ගෝලය දිනා දුන්නේය. ඒ අනුව පළමු විනාඩි 45 ක මුල් භාගය නිලකුණු තත්ත්වයක් මැද අවසන් වුවත් දෙවැනි විනාඩි 45 ක කාලය තුළදී ඉන්දීය කණ්ඩායම 67, 78, 79 යන විනාඩි වලදී දස්කම් දක්වමිල් ගෝල හතරක් සම්පූර්ණ කළේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd