ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව ගෙන ඒමට සැරැසෙන යෝජනාවට ඉන්දියාවේ සහාය හිමිවීමට ඉඩ ඇතැයි ඉන්දීය අගමැති මන්මෝහන් සිං පවසයි. ”ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ඇමෙරිකාව ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවලිය පිළිබඳ අවසන් නිගමනයකට එළැඹීමට පෙර අප ඒ යෝජනාවලිය හොඳින් අධ්‍යනය කළ යුතුයි. එම යෝජනාවලිය තවමත් අප අතට පත්වී නැහැ. ශ්‍රී ලංකා දෙමළ ජනතාවට අසාධාරණයක් සිදුවන්න දෙන්න බැහැ. ඔවුන්ගේ ගෞරවය අප ආරක්ෂා කළ යුතුයි. එනිසා ඇමෙරිකාවේ යෝජනාවලිය අප සහයෝගය දීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා” යැයි අගමැති සිං මැතිසබය අමතමින් කියා සිටියේය. ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරෙන යෝජනාව පිළිබඳව ඉන්දියාවේ ස්ථාවරය තීරණය කිරීමේදී, අසල්වැසි ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා මෙන්ම, තමිල්නාඩුවේ මතය ද සැලකිල්ලට ගැනීමට සිදුවන්නේ යැයි ඉන්දියා විදේශ අමාත්‍ය එස් එම් කි‍්‍රෂ්ණා පවසා ඇත. අමාත්‍යවරයා එසේ පැවැසුවේ ඇමෙරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට සූදානම් වන යෝජනාවලියේදී, ශ්‍රී ලංකාව බේරා ගැනීමට ඉදිරිපත් නොවන්නැයි තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා, ඉන්දීය අගමැති මන්මෝහන් සිංගෙන් කළ ඉල්ලීමකට ප‍්‍රතිචාර දක්වමිනි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ කැතැයි...
ඉංදියාව අපේ ලොකු අයියයා කියපු අය දැන් මොකද කරන්නේ?
ඉන්දියාවෙ සහායෝගය ලංකාවට ලැබේවා කියා මං ප්‍රාර්ථනා කරනවා...
කොහොමත් ඉන්දියාව ඔයවගේ කියල දන්නේ නැද්ද.
ඉන්දියාව සහයෝගය නොදෙන්නෙනම් සියලුම ඉන්දිය සම්බන්ධකම් අත්හල යුතුය.