මහේන්ද්‍රසිං දෝනි විසින් පන්දු 42 කදී නොදැවී ලකුණු 55 ක් ලබාගැනීම නිසා ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර අද (15 වැනිදා) කොළඹ පී සරවනමුත්තු ඕවල් පිටියේදී පැවති 20-20 ලෝක කුසලාන පුහුණු තරගයේදී ඉන්දීය පිල ලකුණු 26 කින් ජයග‍්‍රණය කළේය. ඉන්දීය පිල ලබාගත් කඩුලූ5 ක් දැවී ලබාගත් ලකුණු 146 ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාවට ලබා ලබාගත හැකි වූයේ සියලූ දෙනා දැවී ලකුණු 120 ක් පමණි. ඉන්දීයාව කඩුලූ5 ක් දැවී146 (මහේන්ද්‍රසිං දෝනි නොදැවී 55ල රෝහිත් ෂර්මා 37) ශ්‍රී ලංකාව සියලූ දෙනා දැවී 120 යි (කුමාර් සංගක්කාර 32ල ලහිරු තිරිමාන්න 24ල ජීවන් මෙන්ඩිස් 26ල ඉර්ෆාන් පතාන් 25/5ල ලක්ෂ්මිපති බලාජි 28/3)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න එපා අපේ කට්ටිය අන්තිම තරගය දිනන්නනෙ බලාගෙන ඉන්නෙ..!!(නු)
ලංකාව මේ පාරත් පැරදෙයි වගේ. (නි)
නැවත උත්සාහ කරන්න..මට විශ්වාසයි..දිනන්න පුළුවන්..(ස)
මම ඒකතමයි කිවුවේ කාට පරාද වුණත් ඉන්දියාවට පරාද වෙන එක බලාගෙන ඉන්න බැහැ කියලා. (නි)
ඉන්දියාවට ගැහුවේ නැත්තේ පස්සේ සෙල්ලම් පෙන්නන්නද දන්නේ නැහැ. (නි)
අනුග්‍රහය ඉතිං ඉන්දියාවෙන්නේ. (නි)
මෙයාලා අපිට ක්‍රිකට් එපා කරනවා. ඉස්සර අපි කොච්චර ආසාවෙන්ද ක්‍රිකට් මැච් බැලුවෙ? අද ක්‍රිකට් කියනකොට ඇගේ මාලු නටනවා. පම්පෝරිය නම් තියෙනවා. නමුත් ලංකාවෙ ගහන මැච් වල තත්ත්වය බිංදුවයි. මෙයාලට ඉතිං මොකද? ගැහුවත් සල්ලි, නොගැහුවත් සල්ලි . අපි නිකන් ලේ පුච්චා ගන්නවා විතරයි.ඔය හයේ හතරේ පාරවල් ගහනකන් තවටික දවසක් ඔහොම ඉදියි. ඊට පස්සේ මෙයාලා දේශපාලනයට යනවා. අපේ මිනිසුත් ඉතිං හුරේ දාගෙන ගිහින් මෙයාලට ඡන්දෙ දෙනවා. හයේ පාරවල් හතරේ පහරවල් පිහිටෙන් මෙයාලා පාර්ලිමේන්තු යනවා.එහෙ වැඩි හරියක් ඉන්නේ මෙයාල වගේ අය තමයි. දැන් එයාලත් වැඩි භරියක් කරන්නේ ක්‍රිකට් ගහන එක තමයි . (නි)
මටත් දැන් මෙයාලගේ ක්‍රිකට් එපාවෙලා. මොකද අපිත් එක්ක ඉන්න ඉන්දියාවේ අය මහ ඉහළින් තමයි එයාලගේ ක්‍රිකට් ගැන කතා කරන්නේ. අපේ අය ඉතිං හැමදාම පරාදයි. (නි)
සැලෙන්න එපා පුතා (දී)
තරගාවලි දෙකක් පැරදුනාම පුහුණුකරුට පුළුවං නායකයා සහ සියලුදෙනාම මාරුකරන්න පුළුවං.. ඒත් මෙච්චර පැරදිලත් මේවා වෙසන් වෙන්නේ නැත්තේ ඇයි.. හොයන්න බලන්න කවුරුත් නැද්ද?(නු)
කතාවනම් කොහොමද. හැබැයි ගැහුවොත් පරාදයි (දී)
අපිට අයි.පී.එල්.සල්ලි නැතිව යයි..!!(නු)
ගහන්න බැරි කම නෙමෙයි.. පුදුම බයක් නෙ තියෙන්නෙ..!!(නු)
මහේල ඕනකමින් පරදිනවා වගේනේ..!!(නු)
මට නම් හිතෙන්නේ මෙයාලා ඉන්දියාවට හිතා මතාම පැරදෙනවාද කෙහෙද?(නු)
අපිට ඉන්දියාවට ගහන්නම බැරිද ? .(ස)
පුහුණු තරගයක්නෙ ගනං ගන්න එපා..!!(නු)
මහේල ඉන්දියාවෙ තරගවලට මාලිංගව දාන්න එපා..!(නු)
ඩුබායිවල ඉන්න අයට මුහුණ දෙන්නෙ කොහොමද? ඇහුවොත් ලෝක එක්දින කණ්ඩායමේ දෙන්නෙක් ඉන්නවා.. දිල්ලි කණ්ඩායමේ නායක.. මෙහෙ 120ට සියල්ලම් දැවී යනවා..!!(නු)
ඉන්දියාව එක්ක තරග තියෙනවිට මාලිංගව එලියෙන් තියන්න ඕන.. මේ තරගයේදි මාලිංගගෙ ඕවර 4ට ලකුණු 50ක්ම ගහලා.. මේ ඔකේකොම අයි.පි.එල් නිසා..!!(නු)
මාලිංගගේ ඕවර හතරට ලකුණු පනහක් සහ එක විකට්ටුවයි.. තාමත් මෙයාව ඉන්දියාවෙ තරගවලට ගන්නවානෙ... අපිට ඉන්දියාවෙ තරග කවදාවත් දිනන්න බැහැ. දැං ශ්‍රී ලංකා ඉන්දියා තරග බලලා එපා වෙලා.. මහේල දන්නෙ එකම එක පහරයි.. ඒකෙන්ම තමයි එයා දැවී යන්නෙත්. (නු)
මං හිතන්නෙ අපේ අයට බයක් තියෙනව ඉංදියාවට ගැහුවොත් IPL ගන්නැතිවෙයි කියල. ඒක නැතිවුනොත් ලංකාව පරාද වුනාවගේද.(නු)
අයි.පී.එල් යන එක තහනම් කරන්න ඕන.. ඔක්කොම සල්ලිවලට යටවෙලා..!!(නු)
මෙදා පාර අන්තිම එකත් ඉන්දියාවට විකුණයි වගේ අපේ අය...(ස)
එහෙම කියන්න එපා බලමු මොකද වෙන්නේ කියලා..(ස)
මේකනම් මාර ප්‍රෙහේලිකාවක්..අනිත් ටීම් වලට හොඳට සෙල්ලම් කරනවා . ඒත් ඉන්දියාව එක්ක සෙල්ලම් කරාම පරදිනවා.මටනම් ඇඩෙන්න වගේ...(ස)
ගහයි ජිල් බෝල .(ස)
අඩුම තරමින් ඉන්දියාව එක්ක පුහුණු තරඟයක්වත් ගහන්න බැරිද මේ ගොල්ලොන්ට...(ස)
ගහන්න පුළුවන් ජිල් බෝල තමයි...(ස)