IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඉන්දියාව ලකුණු 26 කින් ශී‍්‍ර ලංකාව පරදවයි

මහේන්ද්‍රසිං දෝනි විසින් පන්දු 42 කදී නොදැවී ලකුණු 55 ක් ලබාගැනීම නිසා ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර අද (15 වැනිදා) කොළඹ පී සරවනමුත්තු  ඕවල් පිටියේදී පැවති 20-20 ලෝක කුසලාන පුහුණු තරගයේදී ඉන්දීය පිල ලකුණු 26 කින් ජයග‍්‍රණය කළේය. ඉන්දීය පිල ලබාගත් කඩුලූ5 ක් දැවී ලබාගත් ලකුණු 146 ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාවට ලබා ලබාගත හැකි වූයේ සියලූ දෙනා දැවී ලකුණු 120 ක් පමණි. ඉන්දීයාව කඩුලූ5 ක් දැවී146 (මහේන්ද්‍රසිං දෝනි නොදැවී 55ල රෝහිත් ෂර්මා 37) ශ්‍රී ලංකාව සියලූ දෙනා දැවී 120 යි (කුමාර් සංගක්කාර 32ල ලහිරු තිරිමාන්න 24ල ජීවන් මෙන්ඩිස් 26ල ඉර්ෆාන් පතාන් 25/5ල ලක්ෂ්මිපති බලාජි 28/3)



අදහස් (0)

ඉන්දියාව ලකුණු 26 කින් ශී‍්‍ර ලංකාව පරදවයි

කැල්වින් Sunday, 16 September 2012 01:07 AM

තරගාවලි දෙකක් පැරදුනාම පුහුණුකරුට පුළුවං නායකයා සහ සියලුදෙනාම මාරුකරන්න පුළුවං.. ඒත් මෙච්චර පැරදිලත් මේවා වෙසන් වෙන්නේ නැත්තේ ඇයි.. හොයන්න බලන්න කවුරුත් නැද්ද?(නු)

:       0       0

රවී Sunday, 16 September 2012 07:06 AM

සැලෙන්න එපා පුතා (දී)

:       0       0

සුනන්ද Sunday, 16 September 2012 08:27 AM

මටත් දැන් මෙයාලගේ ක්‍රිකට් එපාවෙලා. මොකද අපිත් එක්ක ඉන්න ඉන්දියාවේ අය මහ ඉහළින් තමයි එයාලගේ ක්‍රිකට් ගැන කතා කරන්නේ. අපේ අය ඉතිං හැමදාම පරාදයි. (නි)

:       0       0

රිස්මි Saturday, 15 September 2012 02:47 PM

අපිට ඉන්දියාවට ගහන්නම බැරිද ? .(ස)

:       0       0

සාලිය Saturday, 15 September 2012 02:49 PM

ගහන්න පුළුවන් ‍ජිල් බෝල තමයි...(ස)

:       0       0

සඳුන් Saturday, 15 September 2012 02:52 PM

අඩුම තරමින් ඉන්දියාව එක්ක පුහුණු තරඟයක්වත් ගහන්න බැරිද මේ ගොල්ලොන්ට...(ස)

:       0       0

සාලිය Saturday, 15 September 2012 02:59 PM

ගහයි ජිල් බෝල .(ස)

:       0       0

මයික් Wednesday, 19 September 2012 07:13 PM

ලංකාව මේ පාරත් පැරදෙයි ව‍ගේ. (නි)

:       0       0

විමුක්ති Saturday, 15 September 2012 03:03 PM

මේකනම් මාර ප්‍රෙහේලිකාවක්..අනිත් ටීම් වලට හොඳට සෙල්ලම් කරනවා . ඒත් ඉන්දියාව එක්ක සෙල්ලම් කරාම පරදිනවා.මටනම් ඇඩෙන්න වගේ...(ස)

:       0       0

දීපා Saturday, 15 September 2012 03:11 PM

එහෙම කියන්න එපා බලමු මොකද වෙන්නේ කියලා..(ස)

:       0       0

මන්ජු Saturday, 15 September 2012 04:16 PM

මෙදා පාර අන්තිම එකත් ඉන්දියාවට විකුණයි වගේ අපේ අය...(ස)

:       0       0

කුමාර Saturday, 15 September 2012 04:19 PM

අයි.පී.එල් යන එක තහනම් කරන්න ඕන.. ඔක්කොම සල්ලිවලට යටවෙලා..!!(නු)

:       0       0

චන්ද්‍රදාස Saturday, 15 September 2012 04:41 PM

මං හිතන්නෙ අපේ අයට බයක් තියෙනව ඉංදියාවට ගැහුවොත් IPL ගන්නැතිවෙයි කියල. ඒක නැතිවුනොත් ලංකාව පරාද වුනාවගේද.(නු)

:       0       0

සිරිලාල් Monday, 17 September 2012 10:29 AM

නැවත උත්සාහ කරන්න..මට විශ්වාසයි..දිනන්න පුළුවන්..(ස)

:       0       0

චමප් Saturday, 15 September 2012 05:09 PM

මාලිංගගේ ඕවර හතරට ලකුණු පනහක් සහ එක විකට්ටුවයි.. තාමත් මෙයාව ඉන්දියාවෙ තරගවලට ගන්නවානෙ... අපිට ඉන්දියාවෙ තරග කවදාවත් දිනන්න බැහැ. දැං ශ්‍රී ලංකා ඉන්දියා තරග බලලා එපා වෙලා.. මහේල දන්නෙ එකම එක පහරයි.. ඒකෙන්ම තමයි එයා දැවී යන්නෙත්. (නු)

:       0       0

අසේල -ඉතාලි Saturday, 15 September 2012 06:12 PM

ඉන්දියාව එක්ක තරග තියෙනවිට මාලිංගව එලියෙන් තියන්න ඕන.. මේ තරගයේදි මාලිංගගෙ ඕවර 4ට ලකුණු 50ක්ම ගහලා.. මේ ඔකේකොම අයි.පි.එල් නිසා..!!(නු)

:       0       0

Cooray Nawalage Jude Yohan Saturday, 15 September 2012 06:33 PM

ඩුබායිවල ඉන්න අයට මුහුණ දෙන්නෙ කොහොමද? ඇහුවොත් ලෝක එක්දින කණ්ඩායමේ දෙන්නෙක් ඉන්නවා.. දිල්ලි කණ්ඩායමේ නායක.. මෙහෙ 120ට සියල්ලම් දැවී යනවා..!!(නු)

:       0       0

කුමාර Saturday, 15 September 2012 06:27 PM

මහේල ඉන්දියාවෙ තරගවලට මාලිංගව දාන්න එපා..!(නු)

:       0       0

අජිත් Sunday, 16 September 2012 12:50 PM

මෙයාලා අපිට ක්‍රිකට් එපා කරනවා. ඉස්සර අපි කොච්චර ආසාවෙන්ද ක්‍රිකට් මැච් බැලුවෙ? අද ක්‍රිකට් කියනකොට ඇගේ මාලු නටනවා. පම්පෝරිය නම් තියෙනවා. නමුත් ලංකාවෙ ගහන මැච් වල තත්ත්වය බිංදුවයි. මෙයාලට ඉතිං මොකද? ගැහුවත් සල්ලි, නොගැහුවත් සල්ලි . අපි නිකන් ලේ පුච්චා ගන්නවා විතරයි.ඔය හයේ හතරේ පාරවල් ගහනකන් තවටික දවසක් ඔහොම ඉදියි. ඊට පස්සේ මෙයාලා දේශපාලනයට යනවා. අපේ මිනිසුත් ඉතිං හුරේ දාගෙන ගිහින් මෙයාලට ඡන්දෙ දෙනවා. හයේ පාරවල් හතරේ පහරවල් පිහිටෙන් මෙයාලා පාර්ලිමේන්තු යනවා.එහෙ වැඩි හරියක් ඉන්නේ මෙයාල වගේ අය තමයි. දැන් එයාලත් වැඩි භරියක් කරන්නේ ක්‍රිකට් ගහන එක තමයි . (නි)

:       0       0

ශිවන්ත Saturday, 15 September 2012 06:54 PM

පුහුණු තරගයක්නෙ ගනං ගන්න එපා..!!(නු)

:       0       0

බුද්ධික Saturday, 15 September 2012 07:13 PM

බයවෙන්න එපා අපේ කට්ටිය අන්තිම තරගය දිනන්නනෙ බලාගෙන ඉන්නෙ..!!(නු)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 16 September 2012 01:35 PM

අනුග්‍රහය ඉතිං ඉන්දියාවෙන්නේ. (නි)

:       0       0

සිසිර Saturday, 15 September 2012 08:44 PM

මට නම් හිතෙන්නේ මෙයාලා ඉන්දියාවට හිතා මතාම පැරදෙනවාද කෙහෙද?(නු)

:       0       0

රන්මල් Saturday, 15 September 2012 08:53 PM

මහේල ඕනකමින් පරදිනවා වගේනේ..!!(නු)

:       0       0

කුරුවිට Sunday, 16 September 2012 03:43 PM

ඉන්දියාවට ගැහුවේ නැත්තේ පස්සේ සෙල්ලම් පෙන්නන්නද දන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රසාද් ගුණසේකරම් Saturday, 15 September 2012 09:10 PM

ගහන්න බැරි කම නෙමෙයි.. පුදුම බයක් නෙ තියෙන්නෙ..!!(නු)

:       0       0

ගුණරතන හිමි Saturday, 15 September 2012 09:14 PM

අපිට අයි.පී.එල්.සල්ලි නැතිව යයි..!!(නු)

:       0       0

විමුක්ති Sunday, 16 September 2012 04:45 PM

මම ඒකතමයි කිවුවේ කාට පරාද වුණත් ඉන්දියාවට පරාද වෙන එක බලාගෙන ඉන්න බැහැ කියලා. (නි)

:       0       0

මොහං Saturday, 15 September 2012 09:51 PM

කතාවනම් කොහොමද. හැබැයි ගැහුවොත් පරාදයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site