සංචාරක ඉන්දීය පිල සහ ශ‍්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (21) පැවැති පළමු තරගයෙන් (දිවා/රාත‍්‍රි) ඉන්දීය ක‍්‍රීඩකයෝ ලකුණු 21 ක ජයක් ලැබූහ.
ලකුණු 315 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ‍්‍රී ලංකා පිලට ඕවර 50 යේදී කඩුලූ 9 ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 293 ක් පමණි.
කුමාර් සංගක්කාර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 151 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 133 ක් රැස්කරමින් සිය 14 වැනි එක්දින ශතකය වාර්තා කළේය.
තිසර පෙරේරා වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 28 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 44 ක් රැුස්කරමින් ශ‍්‍රී ලංකාවට බලාපොරොත්තුවක් ඇති කිරීමට සමත් විය.
ඉන්දියාව ඕවර 50 යේදී කඩුලූ 6 ට 314 (විරේන්ද්‍ර සෙවැග් 96, විරාට් කෝලි 106, සුරේෂ් රයිනා 50, මහේන්ද්‍ර සිං දෝනි 35, තිසර පෙරේරා 70/3)
ශ‍්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 9 ට 293 (උපුල් තරංග 28, කුමාර් සංගක්කාර 133, දිනේෂ් චන්දිමාල් 13, මහේල ජයවර්ධන 12, තිසර පෙරේරා 44, ලසිත් මාලිංග නොදැවී 19, ඉර්ෆාන් පතන් 37/2, උමේෂ් යාදේව් 76/2, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 46/2)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නෙවෙයි... මම නෙවෙයි.... (නි)
ඉන්දියාව 314 ක් ගහල තිබුනත් මුල්පෙලේ පිතිකරුවන් ඉතාසෙමින් (සංගා ඇතුළුව) ලකුණු ගත්නිසා තමයි පැරදුනේ. ශ්‍රී ලංකා කණ්ඩායම ඒකට පලපුරුදු නැතිව නොවෙයිනේ. (ස)
අපේ කණ්ඩායමට ගෙවනව වැඩියි. (ස)
හැමෝටම හැමදාම ගහන්න බෑ තමයි. ඒත් අපේ පිතිකරුවෝ හත්දෙනාගෙන් දෙන්නෙක් විතරක් සෙල්ලම් කළාම මෙහෙම ඉලක්කයක් අතඇරෙන එක සාමාන්‍ය දෙයක්. (ස)
මාලින්ග කවදාවත් ඉන්දියාවට හොදට බොල් කරනනෙ නෑ. (ස)
ලංකාව පාවා දුන්නාවත් ද ? (ස)
මේ අදහස් දැම්මට වැඩක් නෑ. මොකද මේවා මහේලලා බලන එකක්යැ. ඒත් මටනම් හිතෙන්නේ ඉතුරු තරඟ ටිකත් ඔහොම තමයි කියලා. (ස)
සංගා හිටියේ නැත්නම් දිනන්න තිබුණා ලේසියෙන්ම (ස)
අපේ පිතිකරු ලැයිස්තුව බොහොම මනදගාමී (දී)
මහේල දිල්ෂාන් චන්දිමාල් වැඩ කෝ
සංගා,ඔයා කවදා වෙනකල් මේ වැඩේ කරන්නද? (නි)
කුලසේකර ඔයා හිටියානම් අපි අනිවාර්යෙන්ම දිනනවා. ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. අනෙක් තරග 4ට සහභාගී වෙන්නට ලැබේවා. (අ)
මාලිංග බෝල් කෙරුවේ හරියට පුරුදු වෙන්න වගේ. (ස)
නියමයි සංගට සහ තිසරට සුභපැතම්... තිසර ආරම්භක පිතිකරු වශයෙන් එවන්න ඔනි......(ස.වි)
මෙවැනි ක්‍රීඩකයොත් එක්ක තරග දිනන්න බැහැ. ශතක ලබාගන්න නම් පුලුවනි. එහෙමයි මට නම් හිතෙන්නේ. (නි)
සංගා එහෙමවත් නොගැහුවා නම් අපේ කට්ටිය ඔක්කොම 100ක් වෙද්දි දැවී ගිහින් ඉවරයි. (නි)
අනිත් පිතිකරුවන් ගැන අපිට දුකයි. (නි)
කමක් නෑ සංග. ඊලග එකේදී බලමු (දී)
හනේ මෙහෙමත් මිනිස්සු ... දිනුවානම් සංගට ඔහොම කියන්නේ නැනේ... අනෙත් අයට තිබුනේ සංග වටේ එකතු වෙලා ගහන්න ..නමුත් ඒ අය එහෙම කලේ නෑ..ඒකයි අපි පැරදුනේ.. සංග ඔහොමවත් නොගහ හිටියනම් අපිට 100 ක් වත් ගහන්න වෙන්නෑ......(ස)
මේ දෝනි, හිතන්න එපා අපි පැරදුනා කියලා.ඔහොම යන්.සංගා ඉන්න කල් අපිට මල් තමයි. (නි)
@ප්ලේ බෝයි, මැතිව්ස් පාකිස්ථාන මැච් එක දිනවනකොට නම් හොඳයි නේද.. එතකොට වගකීම ගත්තා...එකක් පරදිනකොට ඕගොල්ලන්ට කරපු ඔක්කොම හොඳ අමතකයි නේද... (නි)
උත්සාහය හොදයි.ඉතුරු තරග ටික දිනමු. (නි)
ක්රිකට් කියන්නෙත් රෙස්ලින් වගේ රගපාන ක්‍රීඩාවක්. ඕගොල්ලොත් හොදට කල්පනා කරලා බලන්නකෝ. (නි)
දිනනදාට කොල්ලෝ ෂා නියමය කියලා කරවට මල් මාල දමනවා.. එකක් දෙකක් අයියෝ පැරදුනාම ගොයියෝ මොකද්ද මේ කළේ අහනවා..
හොද තරගයක් දීලයි පැරදුන ? එත් අනික් ක්‍රීඩකයන් තමන්ගේ වගකීම ඉටු කරාද ?
සංග පැරදුනාට කමක් නැහැ. උත්සාහය තමයි වඩා වඩා ගත්. ඔබට සුබ පැතුම් (දී)
නියමයි
අපි දිනුව වගේ තමයි සංග
අපි පැරදුනේ නැහැ.. ලස්සනට හමා ගියා.. ක්‍රීඩාව ඔහොම තමයි.. සංගා ඔයාට සුභ පැතුම්..!!(නු)
ඔයාල සැමට තුණුරුවන්ගෙම සරණයි.. ඉදිරියට වාසනාව ලැබේවා..!! සංගා ඔයාට මගෙන් සුභ පැතුම්....!!! (නු)
පැරදුණත් තරගය බලපු අයට ගෞරවයක් දීලා... ඉතිරි තරග 4න් 3ක්වත් බලමු ළමයිනේ.... සුභ පැතුම්...!!(නු)
කණ්ඩායමේ දෙන්නයිනෙ ඉන්න සෙල්ලම් කරන්න.. අනෙක් අය ඉන්නෙ තරගය බලන්න විතරයි.. ඉතිං කොහොමද දිනන්නෙ..?(නු)
නියමයි. අපි පරාද නෑ. අපේ කණ්ඩායම තමයි දිණුවේ. (ත)
බලන්න අදහස් දක්වල තියෙන කට්ටිය හැමෝම වගේ 'පැරදුනත් උත්සාහය අගය කරලා තියෙනවා" ඉන්දියාව ඉන්දියාවේදී පැරදුනානම්. කූමට තියෙයිද. කොහොමද රටවල් 2 කේ වෙනස (දී)
මැතිව්ස් මීට වැඩිය පීඩනයෙන් මිදිලා සෙල්ලම් කළානම් හොදයි. නැත්නම් එතැනට තිසරව එවුවා නම් හරිනේ. (නි)
අපි දීනුව වගේ තමයි සංග (දී)
සංග තිසර ඇති විශිෂ්ටයි .හොද තරගයක් දුන්න .
තව ට්ක්කක් පඩිය වැඩි කරමුද ? (දී)
සංගා ඔය පහර නොගැහුවනම් අපි දිනුම්. (නි)
හොද තරගයක් . එත් පන්දු යැවීම හා රැකීම අසාර්ථකයි. තව ලකුණු 30 නොදී හිටියනම් අපි දිනුම් (දී)
කෝ මේ රුවන් කලපගේ ???????????? (දී)
අභියෝගාත්මක පරාජයක්. සුබ පැතුම්............!!!!!! (සවි)
කමක් නැහැ කට්ටිය හොද තරගයක් දුන්න (දී)
පරාජය උනත් දුක නේ හොද තරගයක් දීලනේ .සංග ,තිසර තමන්ගේ වගකීම ඉටු කලා වගේ අනිත් ක්‍රීඩකයොත් එයාලගේ වගකීම ඉටු කලානම් ඊයේ තරගය අපි දිනුන්නේ .අවුලක් නැ ක්‍රීඩාව කියන්නේ ඕකයි . (දී)
හොඳ තරඟයක් තිබ්බ ඒ උනත් අපේ පිතිකරුවන්ට හොඳට පුහුණු වීම් කරන්න වෙනවා (දී)
තිසර පෙරේරා = කුමාර ධර්මසේන (දී)
තිසර හොඳයි, සංගා හොඳයි........ (ස)