තිසර පෙරේරාගේ (19/3) සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ (14/3) විශිෂ්ට පන්දු යැවීම නිසා සංචාරක ඉන්දීය පිල සහ ශ‍්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ (දිවා/රාත‍්‍රි) පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 33.3 කදී ලකුණු 138 කට සීමා විය. මෙම ලකුණු 138 ඉන්දියානු පිල එක්දින තරගයකදී ශ‍්‍රී ලංකාවේදී රැුස්කළ තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර මීට පෙර ඉන්දියාව දඹුල්ලේදී සහ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ලකුණු 103 කට සීමා වී තිබේ. මෙම තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන හයවැනි එක්දින ජාත්‍යන්තර තරගය වන අතර එහිදී කණ්ඩයමක් දැවී ගිය තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ද මෙය වේ. කෙන්යාව ලකුණු 112 කට ද, කැනඩාව ලකුණු 122 කට ද දැවී ගොස් තිබේ. ඉන්දියාව ඕවර 33.3 කදී සියලූ දෙනා දැවී 138 (ගෞතම් ගාම්බීර් 65, විරේන්ද්‍ර සෙවැග් 15, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 21, ලසිත් මාලිංග 36/2, තිසර පෙරේරා 19/3, ඇන්ජලෝ මැතිව්ස් 14/3)
2025 දෙසැම්බර් මස 04
760
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
572
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියාව ලකුණු 138 කට සීමාවෙයි
කෝනාර Wednesday, 25 July 2012 12:37 PM
අපේ කොල්ලන්ට ජය වේවා! (නි)
සුසන්ත Wednesday, 25 July 2012 01:57 AM
රුවන් ඔබ වැරදිමයි දකින්නෙ.. තරංග හොද කොල්ලෙක්.. (ස)
දයා යූ.ඒ.ඊ Tuesday, 24 July 2012 05:54 PM
සිංහ පැටවුන්ට සුභ පැතුම්..!!(නු)
නිශාන්ත Tuesday, 24 July 2012 06:21 PM
හැමදාම 300 ඒවා ගහන්න බැහැ මල්ලි (දී)
නිශා Tuesday, 24 July 2012 06:21 PM
අපිට ඕක ගහන 1 වැඩක්ද (දී)
රුවන් Tuesday, 24 July 2012 06:21 PM
138නෙ තරංග ඇතුළු මුල් පෙළ පිතිකරුවන් වැඩ දදා ගහයි.. ලොකු ලකුණු ප්‍රමාණයක් තිබුණනම් හොදට අල්ල අල්ල ගහයි..!!(නු)
නිශා Tuesday, 24 July 2012 06:21 PM
හැමදාම නත්තල් නැ මල්ලි (දී)
අනුර Tuesday, 24 July 2012 06:23 PM
මොකද ඉන්දියා කණ්ඩායම හිතුවද දන්නෙ නැහැ ඕවර 35කට සීමා වෙච්ච එකක් කියලා. තිසර ඔයාට සුභ පැතුම්..!!(නු)
වරුණ Wednesday, 25 July 2012 11:20 AM
කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ (දී)