තිසර පෙරේරාගේ (19/3) සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ (14/3) විශිෂ්ට පන්දු යැවීම නිසා සංචාරක ඉන්දීය පිල සහ ශ‍්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ (දිවා/රාත‍්‍රි) පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 33.3 කදී ලකුණු 138 කට සීමා විය. මෙම ලකුණු 138 ඉන්දියානු පිල එක්දින තරගයකදී ශ‍්‍රී ලංකාවේදී රැුස්කළ තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර මීට පෙර ඉන්දියාව දඹුල්ලේදී සහ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ලකුණු 103 කට සීමා වී තිබේ. මෙම තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන හයවැනි එක්දින ජාත්‍යන්තර තරගය වන අතර එහිදී කණ්ඩයමක් දැවී ගිය තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ද මෙය වේ. කෙන්යාව ලකුණු 112 කට ද, කැනඩාව ලකුණු 122 කට ද දැවී ගොස් තිබේ. ඉන්දියාව ඕවර 33.3 කදී සියලූ දෙනා දැවී 138 (ගෞතම් ගාම්බීර් 65, විරේන්ද්‍ර සෙවැග් 15, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 21, ලසිත් මාලිංග 36/2, තිසර පෙරේරා 19/3, ඇන්ජලෝ මැතිව්ස් 14/3)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කොල්ලන්ට ජය වේවා! (නි)
රුවන් ඔබ වැරදිමයි දකින්නෙ.. තරංග හොද කොල්ලෙක්.. (ස)
සිංහ පැටවුන්ට සුභ පැතුම්..!!(නු)
හැමදාම 300 ඒවා ගහන්න බැහැ මල්ලි (දී)
අපිට ඕක ගහන 1 වැඩක්ද (දී)
138නෙ තරංග ඇතුළු මුල් පෙළ පිතිකරුවන් වැඩ දදා ගහයි.. ලොකු ලකුණු ප්‍රමාණයක් තිබුණනම් හොදට අල්ල අල්ල ගහයි..!!(නු)
හැමදාම නත්තල් නැ මල්ලි (දී)
මොකද ඉන්දියා කණ්ඩායම හිතුවද දන්නෙ නැහැ ඕවර 35කට සීමා වෙච්ච එකක් කියලා. තිසර ඔයාට සුභ පැතුම්..!!(නු)
කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ (දී)