IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉන්දියාව මැගී නූඩ්ල්ස් පැකට් කෝටි 40ක් සිමෙන්ති උඳුන්වලට කවයි

මොනෝසෝඩියම් ග්ලූටාමේට් හෙවත් එම්.එස්.ජී අනුමත ප්‍රමාණයට වඩා ඇතුළත් මැගී නූඩ්ල්ස් ටොන් 27,420ක් සිමෙන්ති උඳුන්වලට දමා නෙස්ලේ සමාගම විසින් විනාශ කරන ලද බව විදෙස් වාර්තා කියයි.

ඉන්දියාවේ ආහාර සුරක්ෂිතතා හා තත්ත්ව පාලන අධිකාරිය මගින් කළ පර්යේෂණවලදී අදාළ නූඩ්ල්ස් නිෂ්පාදනයේදී එම්.එස්.ජී වැඩි ප්‍රතිශතයක් ඇතුළත්ව ඇති බවත් එම රසකාරකය මිනිස් සිරුරට අහිතකර බවත් සොයාගෙන ඇත.



අදහස් (0)

ඉන්දියාව මැගී නූඩ්ල්ස් පැකට් කෝටි 40ක් සිමෙන්ති උඳුන්වලට කවයි

සජී Thursday, 18 June 2015 10:25 AM

මොනොසෝඩියම්ග්ලුටමෙට් ලංකාවෙත් බහුලව භාවිතා කරනවා රසකාරකයක් හැටියට,, කොත්තු රොටි වලට වගේම බයිට් වර්ගවලටත් යොදවනවා.." අ" යන්නෙන් පටන්ගෙන "ටෝ" යන්නෙන් ඉවරවෙන නමක් තියන මෙය ලංකාවේ බහුලව භාවිතකරනවා .. (ම)

:       0       0

දිමුත් Thursday, 18 June 2015 05:58 AM

එතකොට ලංකාවේ? (ම)

:       0       0

ඉසුරන්දි Thursday, 18 June 2015 06:13 AM

ඒ ඉන්දියාවේ.ලංකාවේ එහෙම වෙන එකක් නැහැ.මොකද බලෙන් ලෙඩ ඇගට දාගන්නනේ පුරුදුවෙලා තියෙන්නේ.(ම)

:       0       0

සරසි Thursday, 18 June 2015 06:40 AM

මම මැගී භාවිතය අත ඇරියේ දෙවැනි පැකට් එකෙන්. කලකට පෙර පලවෙනි පැකට් එක කාලා මම ඒ දවස් වල අතිරේක පන්තියකට ගියා . එදා පන්තියේදී නොනවත්වාම වමනයක්. නමුත් මම කිරි පැකට් එකකුත් බීපු නිසා හේතුව හැටියට වැඩි බරක් වැටුනේ කිරි පැකට් එකේ පැත්තට. නමුත් දෙසතියකට පසු දෙවැනි පැකට් කාල මම හවස වෙනත් ගමනක් යනකොට අතරමගදී වමනය දැම්ම.. වෙනත් කිසිවක් එදින මැගී වලට පසු ආහාරයට නොගත් නිසා මම දැන ගත්ත ප්‍රශ්නය ඒකේ කියලා කියල. පවුලේ දොස්තර ඒ බව මට සනාථ කළා මැගී නුඩල්ස් වලට මම අසාත්මික බව. (බ)

:       0       0

ලුම්බිණි Thursday, 18 June 2015 06:40 AM

ඉන්දියාවේ අනෙක් කෑම ගැනත් මේ වගේම පිළිවෙතක් අනුගමනය කරන්නේ නැත්තේ ඇයි? (බ)

:       0       0

මෙලනි Thursday, 18 June 2015 06:50 AM

මට නම් කොහොමත් ක්ෂණික නුඩල්ස් අල්ලන්නෙම නැහැ. මටත් කවුද කිව්වා මතකයි සමහරුන්ට අසාත්මික වෙන රසායනික සංඝටකයක් එහි තිබෙනවා කියලා. (නදී)

:       0       0

මනෝජ් Thursday, 18 June 2015 07:15 AM

මේවයින් කොටසක් පන්නලා ලංකාවේ වෙළද පොලේ අඩුමිලට විකුනයිද දන්නේ නෑ. හැමෝම අවදානයෙන් ඉන්න එක තමා නුවනට හුරු.(නදී)

:       0       0

දුමින්ද Thursday, 18 June 2015 07:45 AM

ලංකාවෙනම් තාම කොමිසමක් දැම්මේ නැද්ද (බ)

:       0       0

සජිත් Thursday, 18 June 2015 08:03 AM

"ඉන්දියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ-ඕනෑ වසක් අපි කනවා අතහරින්නේ නෑ " (නි)

:       0       0

ටියුඩර් Thursday, 18 June 2015 08:10 AM

එතකොට අපි කන ඒවා? (නි)

:       0       0

විජයබාහු Thursday, 18 June 2015 08:25 AM

දැම්ම කිව්වට හොරෙන්ම අඩු ගානට මෙහාට විකුනලද දන්නේ නැහැ (නදී)

:       0       0

සුනිල් ගිකියනගේ Thursday, 18 June 2015 10:13 AM

එම් එස් ජී කියන්නේ මොනවාද අනේ. කොහොම උනත් ලංකාවට බහුජාතික සමාගම් එවන හැම කෑමක්ම වසවිස සහිත බව හිතුවොත් හොදයි(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site