මොනෝසෝඩියම් ග්ලූටාමේට් හෙවත් එම්.එස්.ජී අනුමත ප්‍රමාණයට වඩා ඇතුළත් මැගී නූඩ්ල්ස් ටොන් 27,420ක් සිමෙන්ති උඳුන්වලට දමා නෙස්ලේ සමාගම විසින් විනාශ කරන ලද බව විදෙස් වාර්තා කියයි.
ඉන්දියාවේ ආහාර සුරක්ෂිතතා හා තත්ත්ව පාලන අධිකාරිය මගින් කළ පර්යේෂණවලදී අදාළ නූඩ්ල්ස් නිෂ්පාදනයේදී එම්.එස්.ජී වැඩි ප්‍රතිශතයක් ඇතුළත්ව ඇති බවත් එම රසකාරකය මිනිස් සිරුරට අහිතකර බවත් සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනොසෝඩියම්ග්ලුටමෙට් ලංකාවෙත් බහුලව භාවිතා කරනවා රසකාරකයක් හැටියට,, කොත්තු රොටි වලට වගේම බයිට් වර්ගවලටත් යොදවනවා.." අ" යන්නෙන් පටන්ගෙන "ටෝ" යන්නෙන් ඉවරවෙන නමක් තියන මෙය ලංකාවේ බහුලව භාවිතකරනවා .. (ම)
එතකොට ලංකාවේ? (ම)
ඒ ඉන්දියාවේ.ලංකාවේ එහෙම වෙන එකක් නැහැ.මොකද බලෙන් ලෙඩ ඇගට දාගන්නනේ පුරුදුවෙලා තියෙන්නේ.(ම)
මම මැගී භාවිතය අත ඇරියේ දෙවැනි පැකට් එකෙන්. කලකට පෙර පලවෙනි පැකට් එක කාලා මම ඒ දවස් වල අතිරේක පන්තියකට ගියා . එදා පන්තියේදී නොනවත්වාම වමනයක්. නමුත් මම කිරි පැකට් එකකුත් බීපු නිසා හේතුව හැටියට වැඩි බරක් වැටුනේ කිරි පැකට් එකේ පැත්තට. නමුත් දෙසතියකට පසු දෙවැනි පැකට් කාල මම හවස වෙනත් ගමනක් යනකොට අතරමගදී වමනය දැම්ම.. වෙනත් කිසිවක් එදින මැගී වලට පසු ආහාරයට නොගත් නිසා මම දැන ගත්ත ප්‍රශ්නය ඒකේ කියලා කියල. පවුලේ දොස්තර ඒ බව මට සනාථ කළා මැගී නුඩල්ස් වලට මම අසාත්මික බව. (බ)
ඉන්දියාවේ අනෙක් කෑම ගැනත් මේ වගේම පිළිවෙතක් අනුගමනය කරන්නේ නැත්තේ ඇයි? (බ)
මට නම් කොහොමත් ක්ෂණික නුඩල්ස් අල්ලන්නෙම නැහැ. මටත් කවුද කිව්වා මතකයි සමහරුන්ට අසාත්මික වෙන රසායනික සංඝටකයක් එහි තිබෙනවා කියලා. (නදී)
මේවයින් කොටසක් පන්නලා ලංකාවේ වෙළද පොලේ අඩුමිලට විකුනයිද දන්නේ නෑ. හැමෝම අවදානයෙන් ඉන්න එක තමා නුවනට හුරු.(නදී)
ලංකාවෙනම් තාම කොමිසමක් දැම්මේ නැද්ද (බ)
"ඉන්දියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ-ඕනෑ වසක් අපි කනවා අතහරින්නේ නෑ " (නි)
එතකොට අපි කන ඒවා? (නි)
දැම්ම කිව්වට හොරෙන්ම අඩු ගානට මෙහාට විකුනලද දන්නේ නැහැ (නදී)
එම් එස් ජී කියන්නේ මොනවාද අනේ. කොහොම උනත් ලංකාවට බහුජාතික සමාගම් එවන හැම කෑමක්ම වසවිස සහිත බව හිතුවොත් හොදයි(නදී)