විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ දෙවැනි කාණ්ඩයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (30) රාත‍්‍රි පැවැති දිනයේ දෙවැනි තරගයේදී ඉන්දියාව කඩුලූ 8 කින් පාකිස්තානය පරාජය කළේය. පාකිස්තානය ඕවර 19.4 කදී සියලූ දෙනා දැවී 128 (මොහොමඞ් හෆීෂ් 15, සහිඞ් අෆ්රිඩි 14, ෂොයිබ් මලික් 28, උමාර් අක්මාල් 21, උමාර් ගුල් 12, ලක්‍ෂ්මිපති බලාජි 22/3, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 16/2, යුවරාජ් සිං 16/2) ඉන්දියාව ඕවර 17 කදී කඩුලූ 2 ට 129 (විරේන්ද්‍ර සෙවැග් 29, විරාට් කෝලි නොදැවී 78, යුවරාජ් සිං නොදැවී 19)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඉන්දියාව කඩුලූ 8 කින් පාකිස්තානය පරදවයි
සිල්වා Monday, 01 October 2012 12:50 AM
අනේ දෙවියනේ, අන්තිම තරගයට මෙයාලව නම් එවන්න එපා. මට පෙන්නන්න බැහැ. (නි)
රෂීඩ් Monday, 01 October 2012 01:50 AM
ඒ රටවල් තරග වදින්නේ යුද්ධයක් හා සමානවයි. අපිට ඒවා අදාල නැහැ. (නි)
ලුෂාන් Monday, 01 October 2012 09:31 AM
ඉන්දියානු ක්‍රිඩකයන්ගේ හෑසිරිම හරිම කැතයි. මහත්වරුන්ගෙ ක්‍රිඩාවකට මෙවා ගෑලපෙන්නෙ නෑ. ක්‍රිකට් බලදාරින් මෙ සම්බන්ද විනය ක්‍රියාමාර්ග ගත යුතුයි.මෙවගෙ අයටත් මෙ ලෝක කුසලාන ලෑබෙනවානේ ??? (ස)
සුරංග Monday, 01 October 2012 10:33 AM
අපරදේ , ඔලුව ඉදිමුණු ඉන්දියාවට වඩා පාකිස්ථානය හොඳයි (ස)
සරත් Monday, 01 October 2012 11:20 AM
පාකිස්ථානය හොද ආරම්භයක් දුන්නා. නමුත් අනෙක් අය සාර්ථකව ක්‍රීඩා කළේ නැහැ. (නි)
රාජා Monday, 01 October 2012 03:46 PM
ඉන්දියාව පැරදුනානන් එක රටයි පරාද. පකිස්ථානෙ පැරදුනාම රටවල් දෙකයි. ඊලඟ තරගෙදිවත් හොදින් සෙල්ලම් කරල ඊලඟ වටයට යන්න පකිස්ථානෙට ලැබේවා!! (ස)
ෆාරු Monday, 01 October 2012 03:52 PM
සුබ පැතුම් (ස)
චන්ද්‍රසිරි Monday, 01 October 2012 12:41 PM
කිසිම ලෝක කුසලාන තරගයකදී පකිස්ථානය, ඉන්දියාව හමුවේ දිනලා නැහැ. නමුත් පකිස්ථානයට තවමත් අවස්ථාව තියෙනවා. (නි)