සංචාරක ඉන්දීය පිල සහ ශ‍්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (28) පැවැති දිවා/රාත‍්‍රි තරගයෙන් ඉන්දීය පිල කඩුලූ 5 ක ජයක් ලබමින් 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණීමට සමත් විය. ඉන්දියාව ලකුණු 287 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 49.4 කදී කඩුලූ 5 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව ලකුණු 20 කට කඩුලූ 3 ක් දැවී අසීරු අඩියක සිටියදී මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සිවුවැනි කඩුල්ල ස`දහා ලකුණු 121 ක සම්බන්ධතාවක් පවත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ. ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 71) සහ ජීවන් මෙන්ඩිස් (නොදැවී 45) හයවැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 104 ක නොබි`දුණු සම්බන්ධතාවක් පැවැත්වූහ. ශ‍්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 5 ට 286 (මහේල ජයවර්ධන 65, කුමාර් සංගක්කාර 73, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 71, ජීවන් මෙන්ඩිස් නොදැවී 45, සහීර් ඛාන් 39/2) ඉන්දියාව ඕවර 49.4 කඩුලූ 5 ට 288 (ගෞතම් ගාම්බීර් 102, විරාට් කෝලි 38, මහේන්ද්‍ර සිං දෝනි 31, සුරේෂ් රයිනා නොදැවී 65, ඉර්ෆාන් පතන් නොදැවී 34, ලසිත් මාලිංග 60/2)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ කපුගෙදර දැම්මා නම් දිනනවා. තරගයේ වීරයත් වෙනවා. (නි)
ඕෂධ, ඉතිං මාරයි නේද? (නි)
ඊළග තරගත් ඔහොමම තමයි ඉතිං. (නි)
අඩුපාඩු හදාගෙන ඊළඟ තරඟ දෙක දිනන්න...(ස)
ඉන්දියාවත් එක්ක ගහනකොට මාලිංගව දාන්න හොඳ නෑ. මොකද අයිපීඑල්. ගහල ගහල මාලිංගගේ බෝල හොඳට හුරුයි (අ)
ඩිල්ශාන්ගේ වෙලාව හොඳ නෑ....(ස)
අපේ අය 50ක් ගැහුවහම ඔළුවට අරන් ඉන් පස්සේ එන හැම බෝලෙටම ළකුණු ගන්න දගලනවා. ඔන්න ඕකයි හෙණේ. (නි)
අන්තිම හරියෙදි කණා පාරවල් ටිකක් වැදුණු නිසා දිනුවා. (ස)
මේ තරගය හොදට දිනන්න තිබුණා.. අපරාදෙ...!!(නු)
අජිත් හරි වගේ..(ස)
සංග විතරයි දිගටම ලකුණු ගන්නේ. දැන් සංගටත් සෙල්ලම් කරන්න බැහැ. දෙයියන්ගෙම පිහිටයි දැන් . (අ)
ජීවිතයට හුරු පැරදුම හමුවේ නොදොඩා ගොලුවී බලාසිටින්නෙමි...!!(නු)
අර උඩ පන්දුව අතෑරපු එක තමයි වුණේ...... (නි)
අයියෝ... අපරාදෙ හොදට දිනන්න තිබුණනෙ...!!(නු)
දිනන්න තිබුණු තරගයක් පැරදුණේ..!!(නු)
2012 පාසල් රග්බි ලීග් ශූරතාවය ඉසිපතනයට හිමි වේ. විද්‍යාර්ත විදුහලට එරෙහි චෝදනා තහවුරු වේ.(නු)
ඔසද ඔයා යන්නේ කොහෙද මල්ලේ පෝල්නෙ...(නු)
ලංකාවෙදි සෙල්ලම් කරලත් ඉන්දියාවට පැරෙදෙනවා කියන්නෙ වස ලැජ්ජාවක්..(ස)
දෙවැනි තරගය හරියාකාරව සම්පූර්ණ කර ගන්න නොහැකි වුණු සමහරු ඇයි මේ තෙවැනි තරගයටත් දැම්මේ?
ඔයාලා සියල්ලන්ටම දෙවියන්ගේ පිහිටයි. ලංකාදීපයේ සැමටත් තුණුරුවන්ගේ සරණයි.
වැරදි ගොඩක් සිද්ධ වෙලා ඉවරයි .දැන් ඉතිං අනෙක් තරග වලට මොනවා වෙයිද? සංගත් නැත්නම් තවත් මොන කතාද? (නි)
ජය පරාජය තේරුම් බේරුම් කර ගන්න පුලුවන් අය පමණක් තරග නැරඹුවොත් තමයි හොද. (නි)
පුතාලා ටික තරගාවලියම දිනයි වගේ මට හිතෙන්නේ. (නි)
ඊයේ වාසනාව අපේ පැත්තට තිබුණෙම නැහැ. ඒ වගේම ලංකාවේ පන්දු යැවීමත් ඊයේ දුර්වලයි. (නි)
අපිට මේවා හුරුපුරුදු දේවල් ලෝක කුසලානේදීත් උනේ ඔය ටිකම තමයි (දී)
හැබැයි කපුගෙදර හිටිය නම් දිනනවා අපි ..මොකෝ හිතන්නේ කට්ටිය ..? හා හාහ් හා ...... (දී)
තනිකරම අප්සෙට් තරගයක් ගෑහුවෙ. අනික මලින්ග හරියට බොල් කරේ නෑ.මාලින්ග කවදාවත් ඉන්දියාවට හොදට බොල් කරන්නෙ නෑ. (දී)