සංචාරක ඉන්දීය පිල සහ ශ‍්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (28) පැවැති දිවා/රාත‍්‍රි තරගයෙන් ඉන්දීය පිල කඩුලූ 5 ක ජයක් ලබමින් 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණීමට සමත් විය. ඉන්දියාව ලකුණු 287 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 49.4 කදී කඩුලූ 5 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව ලකුණු 20 කට කඩුලූ 3 ක් දැවී අසීරු අඩියක සිටියදී මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සිවුවැනි කඩුල්ල ස`දහා ලකුණු 121 ක සම්බන්ධතාවක් පවත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ. ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 71) සහ ජීවන් මෙන්ඩිස් (නොදැවී 45) හයවැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 104 ක නොබි`දුණු සම්බන්ධතාවක් පැවැත්වූහ. ශ‍්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 5 ට 286 (මහේල ජයවර්ධන 65, කුමාර් සංගක්කාර 73, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 71, ජීවන් මෙන්ඩිස් නොදැවී 45, සහීර් ඛාන් 39/2) ඉන්දියාව ඕවර 49.4 කඩුලූ 5 ට 288 (ගෞතම් ගාම්බීර් 102, විරාට් කෝලි 38, මහේන්ද්‍ර සිං දෝනි 31, සුරේෂ් රයිනා නොදැවී 65, ඉර්ෆාන් පතන් නොදැවී 34, ලසිත් මාලිංග 60/2)
2025 දෙසැම්බර් මස 04
760
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
572
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියාව කඩුලූ 5 කින් ජයගනී
බැසිල් Monday, 30 July 2012 09:47 AM
අපරාදේ කපුගෙදර දැම්මා නම් දිනනවා. තරගයේ වීරයත් වෙනවා. (නි)
ප්‍රවීන් Monday, 30 July 2012 09:56 AM
ඕෂධ, ඉතිං මාරයි නේද? (නි)
සජී Monday, 30 July 2012 10:18 AM
ඊළග තරගත් ඔහොමම තමයි ඉතිං. (නි)
මොහොමඩ් Sunday, 29 July 2012 04:32 PM
අඩුපාඩු හදාගෙන ඊළඟ තරඟ දෙක දිනන්න...(ස)
අජික් ජපානය Sunday, 29 July 2012 06:02 PM
ඉන්දියාවත් එක්ක ගහනකොට මාලිංගව දාන්න හොඳ නෑ. මොකද අයිපීඑල්. ගහල ගහල මාලිංගගේ බෝල හොඳට හුරුයි (අ)
සචිනි Monday, 30 July 2012 12:33 PM
ඩිල්ශාන්ගේ වෙලාව හොඳ නෑ....(ස)
ගීත් Monday, 30 July 2012 12:39 PM
අපේ අය 50ක් ගැහුවහම ඔළුවට අරන් ඉන් පස්සේ එන හැම බෝලෙටම ළකුණු ගන්න දගලනවා. ඔන්න ඕකයි හෙණේ. (නි)
ශානිකා Saturday, 28 July 2012 11:06 PM
අන්තිම හරියෙදි කණා පාරවල් ටිකක් වැදුණු නිසා දිනුවා. (ස)
නුවන් Saturday, 28 July 2012 11:39 PM
මේ තරගය හොදට දිනන්න තිබුණා.. අපරාදෙ...!!(නු)
නිරොෂ් Monday, 30 July 2012 01:21 PM
අජිත් හරි වගේ..(ස)
නිමන්ක Sunday, 29 July 2012 09:13 PM
සංග විතරයි දිගටම ලකුණු ගන්නේ. දැන් සංගටත් සෙල්ලම් කරන්න බැහැ. දෙයියන්ගෙම පිහිටයි දැන් . (අ)
ෂෙරිෆ් Sunday, 29 July 2012 12:28 AM
ජීවිතයට හුරු පැරදුම හමුවේ නොදොඩා ගොලුවී බලාසිටින්නෙමි...!!(නු)
චතුර Monday, 30 July 2012 02:10 PM
අර උඩ පන්දුව අතෑරපු එක තමයි වුණේ...... (නි)
සමිත Sunday, 29 July 2012 01:09 AM
අයියෝ... අපරාදෙ හොදට දිනන්න තිබුණනෙ...!!(නු)
ප්‍රදීපා තායිලන්තය Sunday, 29 July 2012 01:09 AM
දිනන්න තිබුණු තරගයක් පැරදුණේ..!!(නු)
ඔසද Sunday, 29 July 2012 03:06 AM
2012 පාසල් රග්බි ලීග් ශූරතාවය ඉසිපතනයට හිමි වේ. විද්‍යාර්ත විදුහලට එරෙහි චෝදනා තහවුරු වේ.(නු)
සනත් ඉන්දික Sunday, 29 July 2012 04:20 AM
ඔසද ඔයා යන්නේ කොහෙද මල්ලේ පෝල්නෙ...(නු)
ගාමිණි Monday, 30 July 2012 12:37 AM
ලංකාවෙදි සෙල්ලම් කරලත් ඉන්දියාවට පැරෙදෙනවා කියන්නෙ වස ලැජ්ජාවක්..(ස)
තනුර Sunday, 29 July 2012 06:22 AM
දෙවැනි තරගය හරියාකාරව සම්පූර්ණ කර ගන්න නොහැකි වුණු සමහරු ඇයි මේ තෙවැනි තරගයටත් දැම්මේ?
සුසන්ත-පැරිස් Monday, 30 July 2012 02:03 AM
ඔයාලා සියල්ලන්ටම දෙවියන්ගේ පිහිටයි. ලංකාදීපයේ සැමටත් තුණුරුවන්ගේ සරණයි.
සිසිර Sunday, 29 July 2012 08:02 AM
වැරදි ගොඩක් සිද්ධ වෙලා ඉවරයි .දැන් ඉතිං අනෙක් තරග වලට මොනවා වෙයිද? සංගත් නැත්නම් තවත් මොන කතාද? (නි)
සුසන්ත Monday, 30 July 2012 02:11 AM
ජය පරාජය තේරුම් බේරුම් කර ගන්න පුලුවන් අය පමණක් තරග නැරඹුවොත් තමයි හොද. (නි)
අකිල Sunday, 29 July 2012 08:03 AM
පුතාලා ටික තරගාවලියම දිනයි වගේ මට හිතෙන්නේ. (නි)
චමින්ද Sunday, 29 July 2012 08:57 AM
ඊයේ වාසනාව අපේ පැත්තට තිබුණෙම නැහැ. ඒ වගේම ලංකාවේ පන්දු යැවීමත් ඊයේ දුර්වලයි. (නි)
චතුරංග Sunday, 29 July 2012 09:36 AM
අපිට මේවා හුරුපුරුදු දේවල් ලෝක කුසලානේදීත් උනේ ඔය ටිකම තමයි (දී)
ප්‍රවීන් Sunday, 29 July 2012 09:44 AM
හැබැයි කපුගෙදර හිටිය නම් දිනනවා අපි ..මොකෝ හිතන්නේ කට්ටිය ..? හා හාහ් හා ...... (දී)
දිලුම් Sunday, 29 July 2012 10:01 AM
තනිකරම අප්සෙට් තරගයක් ගෑහුවෙ. අනික මලින්ග හරියට බොල් කරේ නෑ.මාලින්ග කවදාවත් ඉන්දියාවට හොදට බොල් කරන්නෙ නෑ. (දී)