(තිළිණි ද සිල්වා)
ඉන්දියාවේ විශාකාපට්නම් හි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු සේවිකාවකට ලිංගික අතවර සහ හිංසා කළා යැයි චෝදනා යටතේ එහි සේවය කළ ශ්‍රී ලාංකිකයකු ඇතුළු දෙදෙනෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්සේවය අද (20) වාර්තා කළේය.
මෙලෙස ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් වනුයේ එම්.ශ්‍යාම් සුන්දර් නැමැති තිස් හැවිරිදි ලාංකිකයෙකි. මොහු විශාකාපට්නම් හි පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවේ විධායක නිලධාරියකු වශයෙන් සේවය කරන්නෙ කි.
එම ඇගළුම් සේවිකාවට හිංසා සිදු කිරීමේ චෝදනා යටතේ අත්ඩංගුවට පත් දිලීප් පින්ටෝ නැමැති ඉන්දිය ජාතිකයා එම කර්මාන්ත ශාලාවේ සාමාන්‍යධිකාරීවරයා බැව් පැවසේ.
මොවුන් දෙදෙනා අතින් ලිංගික අතවරයට සහ හිංසාවට පත්ව ඇත්තේ විශාකාපට්නම් හි මල්කාපුරම් ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇය මීට දින කිහිපයකට පෙර විශාකාපට්නම් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
ඉන්දීය ජාතිකයා විසින් තමන්ට නිරන්තරයෙන් ලිංගික අතරවර කළ බවත්, ඉන්පසුව ලාංකික විධායක නිලධාරියා විසින් ඉකුත් ජනවාරි මාසයේදී තමන්ට හිංසාවන් සිදු කළ බවද එම කාන්තාව විසින් ගොනු කළ පොලිස් පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙයා ඉන්දියානු කාන්තාවට මේ දේ කල හන්ද ලංකවේ වීරයෙක් වෙයිද?
ලංකාවේ වගේ නොවේ ඉන්දියාවේ ළමා සහ කාන්තා හිංසනයට එරෙහි සංවිධාන. ඒවා ඉතා ප්‍රබලයි. එරට නීතියත් ඒ වගේමයි. මොහු වැරදි කාරයා වුවහොත් ඉතා දැඩි දඬුවම් ලැබේවි.
ඒ වගේම තමයි ඉන්දියාවේ තරම් කාන්තා හිංසන ලෝකේ කොහෙවත් වෙන්නේ නැහැ
ඉන්දියාවේ හිරේ යනවට වඩා හොඳයි බෙල්ල කපන් මැරෙනවා.......
ලංකාවේ වගේ නොවෙයි ඉංදියාවේ ඔයවගේ අමාරුකම් තියන අයට අවශය පහසුකම් නීතයානුකූලව ලබා ගන්න ක්‍රම හදලා තියනවා. ඒවාට යොමු නොවී නොමිලේ කර ගන්න උත්සහා කලාම වෙන අකටයුතුකම් තමයි මේ .
අපේ රටේදී වගේ එහෙත් ජිල්මාට් එකක් දාල හිර ගෙදර හොස්පිටල් එකට ඇතුලත් වෙන්න අමාරුයි.
ලංකාවේ කොල්ලෝ මොන රටට ගියත් රටේ නම තියල ඇති.
ලෙස්ලි හර්බට් විජේසිංහ: ඔයා පව් අප්පා