නව කොවිඩ් -19 වයිරස ප්‍රභේදය “ඉන්දියානු ප්‍රභේදය“ යනුවෙන් සඳහන් නොකරන ලෙස ඉන්දීය රජය දැනුම්දී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම වයිරසය B.1.617 ලෙස හඳුන්වා දී ඇති නමුත් ඉන්දීය ප්‍රභේදය ලෙස කිසිදු අවස්ථාවක එය නම් කර නොමැති බව ඉන්දීය රජය පෙන්වාදී ඇත.
එලෙස සඳහන් කර සමාජජාල මාධ්‍යවල පළවන සියලු වාර්තා ඉවත් කර ගන්නා ලෙස අදාළ සමාගම් වෙත එරට රජය විසින් දැනුම්දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ඉන්දියාවේ මේ වන විට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 26,530,132 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර එරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 299,296කි.
හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත නේන්නං. චීනයේ වූහාන්වලින් අාරම්භවෙලා මුළු ලෝකයටම පැතිරුණාට කෝවිඩ්19 කියනවා මිස " චීන වයිරසය" කියලා කියන්නේ නැහැනේ. මුලදීනම් එහෙම තමයි කිවේ. ඒ වුණාට වැඩිකල් යන්න කලින් නම වෙනස් වුණා.
තමන්ට සිදුවුණාම වේදනාව තේරෙනවා...
ඉන්දියන් රජයේ නියෝග මත අද සිට ඉන්දීය වෛරසය අඟහරු ග්‍රහලෝක වෛරසය නම් වෙන බව කරුණාවෙන් සලකන්න.
ඉන්දියා ප්‍රභේදයට ඉන්දියා ප්‍රභේදය කියලා කියන්නේ නැතිව වෙන කුමක් කියන්නද? ඔය ඉලක්කම් සාමාන්‍ය මිනිස්සුන්ට මතක තිබෙනවාද?
මේකට ඉන්දීය ප්‍රභේදය නොකියා භාරත කියලා කියමු..
එහෙම නම් ඒක අපේ කියමු... අපිටත් කියලා මොනවා හරි දෙයක් තියෙන්න එපෑයෑ. පඳුරකට පයින් ගැහුවොත් මහාචාර්යවරු, විශේෂඥවරු දුසින් ගණන් විසිවෙනවා.