


(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
වෘත්තීකයන්ගේ ජාතික පෙරමුණේ සාමාජිකයින් විශේෂ සංදේශයක් බාරදීමට අද (21) කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ගිය අවස්ථාවේදී කල් තියා වේලාවක් වෙන්කර නොපැමිණිමෙන් සංදේශය බාර ගැනීමට ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට ලබාදීමේ රජයේ තීරණයට විරෝධය පළකරමින්, වහාම එම ගිවිසුමෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටීම සඳහා මොවුන් මෙලෙස සංදේශයක් බාරදීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ගොස් තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය , ලංකා ප්‍රගති ගුරු වෘත්තීය සමිතිය , රේගු නිළධාරින්ගේ සංගමය , ශ්‍රී ලංකා නීතිඥ සංගමය , ජාතික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය , විදුලි සංදේශ ඉංජිනේරු සංගමය , දේශීය ආදායම් වෘත්තීය සමිති එකමුතුව ,රජයේ දේශීය වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ,දුම්රිය වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව , ඇතුළු වෘත්තීය සමිති රැසකින් සමන්විත වන වෘත්තීකයන්ගේ ජාතික පෙරමුණහි සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
වෘත්තීකයන්ගේ ජාතික පෙරමුණේ හි ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා සහ උප සභාපති වෛද්‍ය සමන්ත ආනන්ද යන මහත්වරු මෙහිදී පවසා සිටියේ ය.
මෙම පර්යන්ත ගැටලුව ජාතික ගැටළුවක් දක්වා මේ වනවිට උත්සන්න වී ඇති නිසා මේ පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර කෙසේ හෝ මෙම ගිවිසුම නවතා දැමීමට උත්සහ දරන බවත් ඒ සඳහා වෘත්තීය සමිති ලෙස ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නා බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නැහැ... ඊලඟට වෙලාවක් වෙන්කරගෙන ගියාම හරි.
හම්බන්තොට වරාය 99 අවුරුද්දකට චීනයට බදු දෙනවිටදී, මෙවන් දේශප්‍රේමී උද්ඝෝෂකයන් එදා නම් සිටියේ නැහැ. පැහැදිලි වෙනසක් ඇත.. බදුදීමට කැමති අප ආයෝජනයට අකමැතියි.
ඕක ගිහින් දෙන්න සර්ට... සමහර විට තාම දන්නේ නැතිව ඇති... වරාය විකුණනවා කියලා..
රජයක් පිහිටුවන්න උදව්කරපු අයම ඕක බේරාදෙන්න... අපිට නම් ඡන්ද දායකයන් හින්දා තව අවුරුදු 04කින් තමයි පුළුවන් වෙන්නේ... එතකොට පරක්කු වැඩියි.
වීරවංශ අපි ඉන්දියන් භාණ්ඩ වර්ජනය කරමුද? දැන් තමයි පෙරට එන්න ඕනේ.. ඔබ නිතරම කිව්වේ ඒ කාලේ මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා... දැනුත් ඒකනේ වෙන්නේ...
අපිට නම් සතුටුයි. දියසේන කුමාරයාට රට බාරදෙන්න මූලික වෙච්ච හාමුදුරුවරුන්ට හා වෘත්තීය වේදීන්ට මෙහෙම වෙච්චි එකට.., ජනතාව අතර බොරුව සමාජගත කරලා රට විනාශ කරන තැනට අරගෙන ගියේ මේ දෙගොල්ලන් තමයි.