ශ්රී ලංකාවට එරෙහිව ජිනිවා මානව හිමිකම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියා රජයේ ස්ථාවරය පිළිබඳව ඉන්දියා විදේශ අමාත්‍ය එස්.එම් ක්‍රිෂ්ණා ඉන්දියා පාර්ලිමේන්තුවේදී බදාදා විශේෂ ප්‍රකාශයක් කිරීමට යයි. ඉන්දියා පාර්ලිමේන්තුව අද (13) රැස්වූ විට ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සහාය දක්වන ලෙස ඉල්ලමින් ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ හා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කළහම් පක්ෂයේ මන්ත්‍රිවරුන් විරෝධතාවක නිරතවීමෙන් පසු ඇතිවූ කලබලකාරි තත්ත්වයෙන් පසු ඉන්දියා රජය මෙම තීරණය ගෙන තිබේ. ඉන්දියා රජයේ ස්ථාවරය පැහැදිලි කරනතුරු පාර්ලිමේන්තුව වර්ජනය කරන බවට එම දෙපක්ෂය පැවැසීමෙන් පසු ඇති වූ කලබල නිසා රැස්වීම ද කල් තැබිණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd