(සිරාජ් හසීම්)
ඉන්දියා මුහුදු සීමාවෙන් මසුන් මරමින් සිටි ඉන්දියා ධීවරයන් පිරිසකට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වෙඩි තබා ඇතැයි දකුණු ඉන්දියාවේ ධීවරයෝ චෝදනා කරති. නාවික හමුදාවේ වෙඩි තැබීමෙන් එක් ධීවරයකු මිය ගිය බව ද ඔවුහු කියති.
රාමේෂ්වරම්හි පදිංචි ඉන්දීය ධීවරයින් පිරිසක් ධනුෂ්කොඩි ආසන්න මුහුදේ මසුන් මරමින් සිටියෙදී යාත්‍රා හතරකින් පැමිණි නාවික හමුදා කණ්ඩායමක් මුහුදු සීමාවට අනවසරෙන් ඇතුළුවන්නේ දැයි විමසා ඊයේ (06) රාත්‍රියේ වෙඩි තබා ඇති බවත් මෙනිසා ඉන්දීය ධීවරයෙකු මරණයට පත්වී තවත් ධීවරයෙකු තුවාල ලබා ඇති බවත් තමිල්නාඩු මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ තමිල්නාඩුවේ තංගච්චිමඩම් හි පදිංචි බිරිට්ජෝ නැමති 22 හැවිරිදි ධීවරයෙකු වන අතර එම ධීවරයාගේ මරණ පරීක්ෂණය රාමේෂ්වරම් රෝහලේදී සිව්පුද්ගල වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකර ඇත.
මෙම සිද්ධියෙන් පසු ධීවරයන් නොසන්සුන්වී ඇති හෙයින් තමිල්නාඩුවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මෙන්ම බෞද්ධ විහාරස්ථානවලට පූර්ණ ආරක්ෂාවක් ලබා දී ඇතැයි තමිල්නාඩු මාධ්‍ය වාර්තා කරයි.
මෙය සිදුව ඇත්තේ ඉන්දීය මුහුදු සීමාවේ වන බැවින් මීට නාවික හමුදාවේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් මෙනිසා මෙහි වගකීම නාවික හමුදාවට බාරගත නොහැකි බවත් උතුරේ ජ්‍යෙෂ්ඨ නාවික හමුදා ප්‍රකාශකයෙක් පැවසීය.
දකුණු ඉන්දියා ධීවරයන් එල්ල කරන චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා පවසයි. මෙරට මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට බලයක් ඇතත් කිසිදු අවස්ථාවක වෙඩි තැබීමේ බලයක් නැතැයි ද වලාකුළුගේ මහතා කියයි.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1529
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉන්දීය ධීවරයන්ට වෙඩි තැබුවැයි නාවික හමුදාවට චෝදනා
ravin Tuesday, 07 March 2017 12:09 PM
වෙඩි තැබුවේ කොහේදිද? ඉන්දියන් සාගර කලාපය තුලදීද? කොපමණ දුරක් ලංකා දේශ සීමාවේද?