ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නියැලීම හේතුවෙන් මෙරට අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ධීවරයින් 69 දෙනෙකු යලි එරටට භාර දීම අද ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි.
එම ඉන්දීය ධීවරයින් පිරිස භාර දීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රීලංනානෞ රණගජ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 404 මුර සංචාරක යාත්‍රාව එක් විය. ඔවුන් කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘අමේයා’ නෞකාව වෙත භාර දීමට කටයුතු කරන ලද බව නාවික හමුදාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd