හර්ෂණ තුෂාර සිල්වා
නීතිවිරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අත්අඩංගුවට පත් ව සිටින ඉන්දීය ධීවරයන් 20 දෙනක් නිදහස් කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අනුමැතිය දී ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අනුව නෛතික කටයුතු අවසන් වීමෙන් අනුව අත්අඩංගුවේ සිටින ධීවරයන් 20 දෙනා ඉන්දීය රජයට බාරදෙන බව ද අමාත්‍යාංශය කියයි. මේ වසරේ මෙතෙක් ගත වූ කාලයේදී නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයන් 129 දෙනකු නාවික හමුදා අත්අඩංගුවට පත් වූ අතර ඔවුන්ගෙන් 109 දෙනකු ඉකුත් දා ඉන්දීය නාවික හමුදාවට හා වෙරළාරක්ෂක බළකායට බාර දී ඇත.
ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනකු ඉන්දීය රජය ඉකුත් දිනෙක නිදහස් කළ බවත් තවත් ශ්‍රී ලාංකිකයන් 6 දෙනකු ඉන්දීය අත්අඩංගුවේ සිටින බව සඳහන් කරන ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය ඔවුන්ගෙන් සිව්දෙනකු ධීවරයන් නොවන බවත් ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූවන් බවට තොරතුරු ලැබී ඇතැයි කියයි.
ඉතිරි දෙදෙනා සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පැවත්වෙන බවද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය මාසයේදී සංශෝධිත විදේශීය ධීවර යාත්‍රා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වූ අතර ගැසට් කිරීම සඳහා කතානායකවරයාගේ අනුමැතිය ලැබී ඇතැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පින් අැමැතිතුමා නම් නියමෙට ජොබ් එක කරනවා. රණවිරුවන්ව හිරේ දාන්න හිර ගෙදර ඉඩ ඕනෑ නිසා, අපේ මුහුදේ අනවසරයෙන් මාළු අල්ලමින් සිටියදී නාවික හමුදාව අල්ලාගත් ඉන්දියානුවන් නිදහස් කළා. අනික, ජඩපාලනය තවදුරටත් ආරක්ෂා කරන, අපේ රටේ ස්වාධීනත්වයට විරුද්ධව කටයුතු කරන ඉන්දියාවට කළගුණ සැලකුවේ නැත්නම්, පින් ඇමැතිකමත් ගහලා යනවනේ...
පිං මාමා වුණාට නිතරම සිනහ මුසු මුහුණින් ඉන්න එකත් ලොකු දෙයක්නේ... නැද්ද...?
මෙම ඉන්දියානුවන් අපේ මුහුදු මායිම් උල්ලංගනය කරමින් මසුන් මරණ මුවාවෙන් ඊට එහා ගිය දෙයක් කරනවා යැයි සිතිය නොහැකිද? මෙය නොනවතින දෙයක් බැවිනි. නැත්නම් මෙලෙස රටතුල මත්ද්‍රව්‍ය ඇති විශාල වශයෙන් තිබෙන්නේ කෙසේද? මේවා සුළුවට තැකිය නොහැක , මේවා පිටුපස මහා පරිමාන ව්‍යාපාරිකයින් ප්‍රබල මැර පාතාල සබඳකම් ඇති දේශපාලඥයින් පොලිස් සහ යම් හමුදාවට සම්බන්ද අයවලුන්ද සිටිය හැක. මොනොව වුනත් කෙසේ කිව්වත් දැඩි පියවර නොගතහොත් රටටවන හානියද, අපකීර්තියද අනාගත රට බාර ගැනීමට සිටින වැඩදායි තරුණ පරපුරක් නැති නාස්තිවී යාමයි .මෙයට රටේ සෑම පාලකයෙක්ම පාට පක්ෂවලින් තොර වග කිව යුතුයි.අසල්වැසි රටක් කියා තම මව් බිම ප්‍රපාතයට අගාදයට ඇද දැමිය නොයුතුයි, එය ජාති ජාතිත් පලදෙන සහගහන අපරාදයක් හෙයින්.
පින් මාමා පින්පතා දොන් සිමන් දෙකම ගහනවා .