ඉන්දු ලංකා ධීවර ගැටලූවට විසඳුම් සෙවීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇතැයි සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා අද (15) පැවැසීය.
ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඉන්දියානු ධීවරයන් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම හේතුවෙන් මෙරට ධීවරයන්ගේ අයිතීන් උල්ලංඝණය වන බව පවසමින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රත්න ගමගේ මහතා කීවේය.
ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවේ නීති විරෝධි ලෙස මසුන් මැරීමේ නිරත වීම නිසා උතුරු පළාතේ ධීවරයන්ගේ ජන ජීවිතයට දැඩි බලපෑමක් වී ඇති බව පැවැසූ ගමගේ මහතා එම නිසා උතුරු ප‍්‍රදේශයේ සාම්ප‍්‍රදායික ධීවර භාවිතය අඩු වී ඇතැයි ද කීය.
ඉන්දීය ධීවරයන් නීති විරෝධී ලෙස මෙරට මුහුදේ ධීවර කර්මාන්තයේ රටේ ස්වාධිපත්‍යයට බලපෑමක් එල්ල වී ඇතැයි පැමිණිලිකාර පාර්ශවය ගොනු කිරීමට සම්බන්ධ වූ නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා පැවැසීය.
මන්නාරම ධීවර සමූපකාර සමිති සංගමයේ සභාපති මොහොමඞ් අලාම්, මුලතිව් ධීවර සමූපකාර සමිත සංගමයේ සභාපති ඇත්තනීපිල්ලේ මරියරාස, යාපනය ධීවර සමූපකාර සමිත සමිති සංගම් සම්මේලනයේ සභාපති වී. සුබ‍්‍රමනියම්, කිලිනොච්චි දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් ජෝශප් ෆ‍්‍රැන්සිස් යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීරි අලින්ට වීණා වයල පලක් නැහැ (බ)
ඉන්දියාව බංගලිදේශයේ ගංගා වලටත් අනවසරයෙන් ඇතුල්වී මත්ස්‍ය හොරකමේ යෙදෙනවා පල්හොරු ඒ මදිවට අපේ මුහුදත් ගොඩ බිමත් කොල්ලකන්න එනවා (බ)
ඇයි ඔය උතුරේ බකට් ඇද ඇද ඉන්න මහත්තුරුන්ට බැරියැ ජාත්‍යන්තරයෙන් උපදෙස් ගන්න මේකටත්. ඇයි මෙයාල කට අරින්න ඔච්චර භය ලලිත ඇන්ටිට එරෙහිව. මුන් ඔක්කොම සිංහලයට විරුද්ධව කෑ කෝ ගහනවා මිසක් තමන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන එකාලගේ මේ ජරා වැඩ ගැන කතා කරන්න එකෙක් නැහැ. (බ)