IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඉන්දීය ධාවකයන් සමග තරගයට ගයාන් යළිත් ධාවන පථයට බසී

ගජබා සුපර් ක්‍රොස් ’මෝටර් රථ හා යතුරු පැදි තරගාවලියට මෝටර් රථ හා යතුරු පැදි ධාවකයෝ 195 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය එක්ව 11 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලිය මේ මස 26 වැනිදා පෙරවරු 9.00 ට අනුරාධපුරයේ සාලියපුර යුද හමුදා ධාවන පථයේදී පැවැත්වේ. මෝටර් රථ ඉසව් 11 ක් හා යතුරු පැදි ධාවන ඉසව් 10 කින් තරගාවලිය සමන්විතය. යතුරු පැදි තරග සඳහා ධාවකයන් 105 දෙනෙක් ද, මෝටර් රථ ඉසව් සඳහා ධාවකයෝ 90 දෙනෙක් ද ඉදිරිපත්ව සිටිති. මෝටර් රථ ඉසව් සඳහා ධාවකයන් වැඩි පිරිසක් මෙවර ඉදිරිපත්ව සිටින බව ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා ‘ලංකාදීපයට’ පැවසීය. ඉල්ලීම් රැුසක් ඉදිරිපත් කරමින් තරග වර්ජනයකට සුදානම්වූ යතුරු පැදි ධාවකයන් සමග කළ සාකච්ඡා සාර්ථකවීම මත යතුරු පැදි ධාවකයන්ද මෙවර තරගාවලියට සහභාගිවේ. ඉන්දීය යතුරු පැදි තරගකරුවන් වන සී. එස්. සන්තොෂ්, හරීඞ් නෝහා සහ මොහොමඞ් අඞ්නන් තිදෙනා මෙවර තරගාවලියට සහභාගිවන බවද ගම්මන්පිල මහතා පැවසීය. මේ අතර ශ‍්‍රී ලංකාවේ මෝටර් ක්‍රොස් ශූරයා වන ගයාන් සඳරුවන්ද තරගාවලියට සහභාගිවීමේ අපේක්‍ෂාවෙන් පසුවෙයි. ගයාන් පවසන්නේ තමන්ගේ දකුණු අතේ පවතින ආබාධය සම්පූර්ණයෙන්ම සුව වී නොමැති බවත්, එනිසා තරගාවලිය ඉලක්ක කරමින් පුහුණුවීම්වල නිරතවීමේ හැකියාවක් තමන්ට නොලැබුණු බවයි. මෙම තත්ත්වය නිසා සියැට් ශූරතාවලියේ ඉදිරියට ඒමේ ලකුණු ලැබීමේ අපේක්‍ෂාවෙන් තමන් තරග ඉසව්වකට හෝ සහභාගිවීමට බලාපොරොත්තුවන බවද ගයාන් පැවසීය. යතුරු පැදි ධාවකයන්ගේ ඉල්ලීම් සලකා බලා ඉසව්වල ජය ගන්නා යතුරු පැදි ධාවකයන් සඳහා මුදල්් ත්‍යාග ලබාදීමට ද කටයුතු යොදා තිබේ. සීගිරිය මෝටර් රථ හා යතුරු පැදි තරගාවලියේ සිට යතුරු පැදි ධාවකයන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘සියැට් - ස්ලාඩාර්’ මෝටර් රථ හා යතුරු පැදි තරගමාලාවේ පස්වැනි තරගාවලිය ලෙස මෙය පැවැත්වේ. යුද්ධයේදී දිවිපිදු ගජබා රෙජිමේන්තුවේ සෙබළුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ සහ ආබාධිත සෙබළුන්ගේ සුබ සාධන අරමුදලට ආධාර පිණිස මෙන්ම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් නගා සිටුවීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධානය කරයි. තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහකයා ලෙස විජය පුවත්පත් සමාගම කටයුතු කරයි. ගයාන්  සඳරුවන්



අදහස් (0)

ඉන්දීය ධාවකයන් සමග තරගයට ගයාන් යළිත් ධාවන පථයට බසී

සමීර Friday, 24 August 2012 11:51 AM

ගයාන් සහ අපේ රටේ සියළු තරඟකරුවන්ට ජය වේවා... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site