ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ජිනීවාහි මානව හිමිකම් සමුළුවේ සැසිවාරයට ගෙනඒමට නියමිත යෝජනාව සම්බන්ධයෙන් නිසි වේලාවට තීරණය ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් එකී නිශ්චිත මොහොතේ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්. ක‍්‍රිෂ්ණ ඉන්දියා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කෙළේය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලූවලට විසඳුම් සෙවිය යුතු වැඩපිළිවෙලකට එළැඹිය යුතු බව ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රජයට පෙන්වා දී ඇතැයි ද දෙරට අතර සබඳතාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම ඉන්දීය රජයේ අරමුණ යැයි ද ඔහු කීවේය. ඉන්දීය විදේශ ඇමැති ප‍්‍රකාශය ශ්‍රී ලංකා රජයේ ඡායා පිටපතක් බව ප‍්‍රකාශ කළ ඞී.එම්.කේ. හා ඒ.අයි.ඞී.එම්.කේ. පක්‍ෂ මන්ත‍්‍රීවරු ඔහුගේ කතාවේ පිටපත් ඉරාදමමින් සභාවෙන් පිට වූහ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd