
අදියර 7 ක් යටතේ, දින 44 ක් තිස්සේ පැවැති ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) ඉන්දියාවේ වේලාවෙන් උදෑසන 8.30 ට ආරම්භ වෙයි. ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීම ද සිදුවෙයි.
ඉන්දියාවේ ඡන්ද ප්‍රකාශ කිරීම සිදුවන්නේ ඉලෙක්ට්‍රොනික යන්ත්‍රවලිනි. මෙම යන්ත්‍ර බැටරියෙන් ක්‍රියාත්මක වෙයි. ඡන්ද ගණන් කිරීමේ දී ඡන්දය ප්‍රකාශ කරන යන්ත්‍රයේ ඡන්ද තහවුරු කිරීමට තවත් යන්ත්‍රයක් ද ඇත.
ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවන්නේ, ඡන්ද දායකයා සිය මනාපයට අදාල බොත්තම තද කිරීම පමණි. එහිදී ඡන්දය දුන්නේ කාටද යන්න යන්ත්‍රයේ තිරයේ දිස්වෙයි.
මැතිවරණ කටයුතු අවසානයේ ඡන්ද ප්‍රකාශ කිරීම යන්ත්‍රයත්, තහවුරු කිරීමේ යන්ත්‍රයත්, පසුව මුද්‍රා තබා (සීල් කර), එම ඡන්ද කොට්ඨාශය තුළ ආරක්ෂිතව තබයි.
ඡන්ද ගණන් කරන අවස්ථාවේදී, මැතිවරණ බලධාරීන්, මෙම යන්ත්‍ර එළියට ගැනීම සිදු කරන්නේ පක්ෂ නියෝජිතයන් ඉදිරියේය. යන්ත්‍රවල ප්‍රතිඵලය පෙන්වන බොත්තමක් ඇති අතර එය තද කළ සැණින් ප්‍රතිඵල දැක ගත හැකිය. මෙය මිනිත්තු කීපයක ක්‍රියාදාමයකි.
පශ්චාත් මැතිවරණ සමීක්ෂණ අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට තවත් විශිෂ්ට ජයක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
73 හැවිරිදි ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ භාරතීය ජනතා පක්ෂයේ ඉලක්කය වී ඇත්තේ මෙවර මැතිවරණයෙන් ආසන400 කට වඩා වැඩි ගණනක් දිනා ගැනීමය. එසේ වුවත්, සමීක්ෂණ අනුව පෙනී ගොස් ඇත්තේ, අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ආසන 350 ත් 380 ත් අතර සංඛ්‍යාවක් පමණක් දිනා ගනු ඇති බවය.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
14
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය ඡන්දයේ ප්‍රතිඵල අද