යුද සමයේ මන්නාරම සහ තලෙයිමන්නාරමෙන් බෝට්ටු මගින් සරණාගතයන් ලෙස ඉන්දියාවට ගොස් සිටි හැත්තෑ දෙදෙනෙක් අද කටුනායකින් යලි දිවයිනට පැමිණියහ.
පවුල් 23ක දරුවන් 32ක් ද පැමිණි පිරිස අතර වෙති.
අවුරුදු 15-20 ක පමණ කාලයක් ඉන්දියා සරණාගත කඳවුරුවල ජීවත්වූවෝද සිටිතියි කියති.
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිලිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් මොවුන්ට නැවත පදිංචි වීමට අවශ්‍ය සියළු පහසුකමි, ගමන් ගාස්තු සහ සුබසාදන මුදලක්ද ගුවන්තොටුපොළේදීම සැපයූ බවද කීහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ අය ලංකාවෙන් පිටව ගිය සරණාගතයින්ද? මීට කලිනූත් සරණාගතයින් කිය කියා කිහිප වතාවක්ම ගොඩ බැස්සා නේද? මේ හැටි කොහෙ ඉන්න සරණාගතයොද? දැන් කරුනානිධිගේ කොටි ගැත්තෝ එනවද කියන්නත් දන්නෙ නැහැ.අනික ද්‍රවිඩයන්ට සිංහල මහා ජාතීන්ගෙන් හිංසා කරදර ඇතිවෙන බව කියමින් රිංගා ගන්නේ කූමක් නිසාද? නැවත යූද්ධයකට සූදානමක්ද? ගරු ජනාධිපතිතූමනි, මොක නැතත් එන අය ගැන කල්පනාවෙන් විමසිල්ලෙන්. (නි)
යුධ බිය නැති රටක සැනසීම උත්කෘෂ්ඨයි..(ස)
ඔබ සැම සාදරයෙන් පිළිගිනිමු.
පුල්ලි එහෙම තියෙනවද කියලා පරීක්ෂා කළාද? (නි)
මට හිතා ගන්න බැහැ ඇයි මේ මිනිස්සු එක්ක මෙච්චර තරහ කියල. බුද්ධාගමට අනුව වෛරය නැති කර ගන්න ඕන එකේ මේ අය වෛරය ප්‍රචලිත කරනවා. (දී)
ලංකාවට ඇවිත් ශ්‍රී ලාංකිකයෝ වගේ ජීවත් වෙන්නකෝ.. (ස)
සාධරයෙන් පිලිගන්නවා ඔබව (දී)
ගොඩක් දුක්වින්ද මිනිස්සු. සාදරයෙන් පිලිගනිමු...(ස)
ආවට කමක් නෑ . මේක තමිල්නාඩුව නොවෙන බව මතක තියාගන්න... (ස)
නමින් සරණාගතයෝ , ඒත් බලන්නකෝ බෙල්ල දිහා.. (ස)
ආවට සන්තෝෂයි. නැවත දාලා නොයන් රත්තරනේ. (නි)
මෙතන අදහස් දාන්නේ සිංහලයෝද කියලා හිතාගන්න බැහැ (නි)
අනේ හොදයි