(හර්ෂණ තුෂාර සිල්වා)
ඉදිරි වසරවලදී විශ්‍රාම ගන්නා රජයේ සේවකයන් පිළිබඳ දත්ත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත් කිසිදු රාජ්‍ය ආයතනයක් එම තොරතුරු එවීමට පියවර ගෙන නොමැති බවත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජෙනරාල් ඒ.ජගත් ඩී ඩයස් මහතා ලිපියක් මගින් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාශය ලේකම්වරයාට දැනුම් දී තිබේ.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව 2016 වසරේ විශ්‍රාම ගනු ලැබ 2017 පෙබරවාරි 28 වැනිදා සිට ගෙවීම් කරනු ලබන විශ්‍රාමිකයන්ගේ සංඛ්‍යාව 22,062ක් යැයි ද විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට යැවූ ලිපියේ සඳහන්වේ.
එම සංඛ්‍යා ලේඛණවලට අදාළව ගණනය අඩු නොකළ විශ්‍රාම වැටප රුපියල් 818,929,474ක් බවත් ගෙවු මාසික අඩුකළ විශ්‍රාම වැටුප රුපියල් 721,879,191ක් බවත් විශ්‍රාම වැටුප් අඅධ්‍යක්ෂක ජෙනරාල්වරයා යැවූ ලිපියේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර විශ්‍රාමිකයන්ගේ ලිපි ගොනු විශ්‍රාම දෙපාර්තමේන්තුවට ලැබිලා අවුරුදු දෙකක් විශ්‍රාම වැටුප් ගෙවීමෙන් පස්සේ ගොනුව නැත කියල වැටුප් නතර කරලත් තියෙනවා එයත් අමාත්යාංසයට කියන්න
විදේශිකයෝ ලංකා පරිපාලන පද්ධතිය සකසන කොට ක්‍රමවේදයක් අනුව සකස්කර තිබුනේ. සෑම අංශයකටම බඳවා ගැනීමේ සිට විශ්‍රාම යාම දක්වා එම ක්‍රමවේදය ක්‍රියාත්මකවූ නිසා අවශ්‍ය දත්ත ඕනෙම වෙලාවක ලබාගැනීමේ හැකියාව තිබුණා.
මහත්තයෝ, ඉදිරියේදී විශ්‍රාම ගන්න ඉන්න අයගේ නෙමෙයි දැනට විශ්‍රාම අරගෙන ඉන්න අයගේ හිඟ,වැඩිවීම් ටිකවත් හදල දෙන්ඩකෝ. නැතිදේ ගැනම කියකියා ඉන්නේ නැතිව.......