(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් ආසාදිතයන්ගේ සහ කොවිඩ් මරණවල සැළකිය යුතු අඩුවක් ඉදිරි දෙසතියෙන් පසු බලාගත හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
දැනට ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ඇඳිරි නීතිය කොයි මොහොතක හෝ ඉවත් කෙරෙන හෙයින් ඊට පෙර පොදු ගමනාගමන හා ආයතනවලදී සේවකයන් හසුරුවන නව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඒ ඒ ආයතන බලධාරීන් කටයුතු කළ යුතු බව පැවසූ හෙතෙම එසේ කටයුතු නොකළහොත් රට විවෘත කළ සැණින් කොවිඩ් වයිරසය යළි පැතිර යා හැකි බවද සඳහන් කළේය.
සෞඛ්‍ය අංශ වලට පමණක් කොවිඩ් වයිරසය පරාජය කළ නොහැකි බවත් ඒ සඳහා ජනතාවගේ සහයෝගය උපරිමයෙන් ලැබිය යුතු බවත් ඔහු පැවසුවේය.
සෑම අංශයක්ම ආවරණය වන පරිදි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද සකස් කළ යුතු වන බවද හේරත් මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කරුණාකරලා කට වහගෙන ඉන්න මහත්තයෝ.ඔයාගේ ගණන් හිලව් වගේම අනාවැකිත් දැක්කා.පුලුවන් නම් තව ඉලක්කම් ජිල්මාට් එකක් දාලා අඩු කරලා පෙන්වන්න.ඒක නම් කරයි
කොහොමත් අඩු කරල කියන බව මුලු රටම දන්නව ලොක්කා
ඔහොම කියන්නේ ඇයි කියල අපිට දැන්ම හිතා ගන්න පුලුවන් .
නඩුත් හාමුදුරුවන්ගේ... බඩුත් හාමුදුරුවන්ගේ...
මරණ වල අඩුවක් ගැන කතා කරලා වැඩක් නැහැ වැළඳුනොත් සමහර අය මැරෙනවා. වැදගත් ලෙඩේ වැළඳීම ප්‍රචලිත වීම අඩුවීමයි නේද?