
(ගයාන් සූරිය ආරච්චි)
ඉතියෝපියාව හරහා කැනඩාව බලා මෙරටින් පිටත්ව ගිය යාපනය ප්රදේශයේ පුද්ගලයන් තිදෙනකු ඉතියෝපියාවේ සංවිධානාත්මක අපරාධ කල්ලියක් ප්රාණ ඇපයට ගෙන ඇතැයි වාර්තා වේ.
ප්රාණ ඇපයට ගත් තිදෙනා නිදහස් කිරීම සඳහා එක් අයකුට ඇමෙරිකානු ඩොලර් 30,000 බැගින් කප්පන්කරුවන් ඉල්ලන බවත් ඔවුන් විවිධ වද හිංසාවලට ලක්වී ඇතිි බවත් පවසමින් දුරකථන සහ වීඩියෝ පණිවුඩ ඥාතීන් වෙත ඒවා තිබූ බවද පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන ඒකකය 2, නිලධාරීන් විසින් එම තිදෙනා විදේශ ගත කිරීම සඳහා කටයුතු කළ සැකකරු යාපනය චුන්නාගම් ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd