තම හමුදා ඉවත් කරගන්නා බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තර්ජනය කරන රටවල් ලැයිස්තුවට ඉතාලිය සහ ස්පාඤ්ඤය ද එක් වී තිබේ. මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ට්‍රම්ප් පැවසුවේ, ඉරානය තුළ අමෙරිකාව ගෙන යන යුද ව්‍යාපාරය විවේචනය කිරීමට මෙම රටවල් දෙක කටයුතු කිරීම හේතුවෙන් තමන් එවැනි පියවරක් ගැනීමට “බොහෝ දුරට” ඉඩ ඇති බවයි.
“බලන්න, මම එහෙම නොකර ඉන්න හේතුවක් නැහැනේ? ඉතාලිය අපට කිසිම උදව්වක් කරලා නැහැ, වගේම ස්පාඤ්ඤයත් ඉතාම නරක විදිහටයි හැසිරිලා තියෙන්නේ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම රටවල් දෙකම මැදපෙරදිග තුළ ට්‍රම්ප් ගෙන යන යුද්ධය දැඩි ලෙස විවේචනය කර ඇති අතර, එම ගැටුමට එක්වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා එම රටවල නායකත්වයට දිගින් දිගටම දෝෂාරෝපණය කරමින් සිටියි.
මීට පෙර සමීප මිත්‍රයෙකු වූ ඉතාලියේ ජෝර්ජියා මෙලෝනි, යුද්ධයට එක්වීමට රෝමය දැක්වූ අකමැත්ත හේතුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා සමඟ විරසක විය. මෙලෝනි හට “ධෛර්යයක් නැති” බව පැවසූ ට්‍රම්ප්, ලියෝ පාප්වහන්සේ පිළිබඳව තමන් කළ ප්‍රකාශයන් ඇය විවේචනය කිරීම පිළිබඳව ද සිය අකමැත්ත පළ කළේය.
එසේම, අමෙරිකාව නියමිත අවසර ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය අනුගමනය නොකිරීම නිසා, ඉරාන යුද්ධය සඳහා ආයුධ රැගෙන යන අමෙරිකානු හමුදා ගුවන් යානාවලට සිසිලියේ පිහිටි ගුවන් කඳවුරක් භාවිතා කිරීමට ද ඇය අවසර ලබා නොදුන්නාය. මේ අතර, ස්පාඤ්ඤයේ පේද්‍රෝ සැන්චෙස් ආරම්භයේ සිටම මෙම යුද්ධයේ ප්‍රබලතම යුරෝපීය විවේචකයා වී ඇත. මෙයට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප්ගෙන් ඔහුට විවිධ කෝපාවිෂ්ඨ තර්ජන එල්ල වී ඇති අතර, වෙළඳ සම්බාධක පැනවීම හෝ නේටෝ සාමාජිකත්වය අත්හිටුවීම (ඇත්ත වශයෙන්ම එවැනි දෙයක් කළ නොහැකි වුවද) වැනි තර්ජන ද ඒ අතර වේ.
(ද ගාඩියන් ඇසුරිනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd