අප්‍රේල් විරු සමරුව සඳහා රෝමයට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා රෝමයේ සිට ‘එසැණ‘ සමග දුරකතනයෙන් සම්බන්ධ විය.
ප්‍රශ්නය- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරී සාමාජික කුමාර් ගුණරත්නම් පසුගියදා ඉතාලි සංචාරයකට එක් වෙමින් සති කිහිපයකක් පුරා පක්ෂයේ ක්‍රියාකාරකම්වල නිරත වුණා. ඒ සමගම ඔබත් මෙහි පැමිණියා. එයින් පෙනෙන්නේ පක්ෂ දෙක අතර තරගකාරිත්වය නේද?
පිළිතුර- කොහෙත්ම නැහැ. ඔවුන්ගෙන් අපට අභියෝගයක් නැහැ. අපි අරමුණක් ඇතිව ඉදිරි ගමකන නිරත වෙනවා. මම ඉතාලියට පැමිණියේ අප්‍රේල් විරු සමරුවට එක්වීමට.
ප්‍රශ්නය - ද ඉකොනමිස්ට් ඉන්ටලිජන්ස් යුනිට් සඟරාවේ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයකට අනුව ශ්‍රී ලංකාව පවතින්නේ 89 වැනි ස්ථානයේ. ආසියානු කලාපයේ බංගලිදේශය අපට වඩා ඉදිරියෙන් ඉන්නවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
පිළිතුර - ඉතිහාසයේ ලොකුම ආර්ථික කඩා වැටීමට අපේ රට ලක් වෙලා. ඒ ආශ්‍රිතව ඇතිවෙන සමාජ නැගිටීම මර්දනය කරන්න පවතින රජය ගන්නා ක්‍රියා මාර්ගවල ප්‍රතිඵල තමයි මේ පෙනෙන්නේ.
ප්‍රශ්නය - ශ්‍රී ලංකාවෙ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස ඔබටත්, ඔබ පක්ෂයටත් සමස්ත විපක්ෂයටත් වගකීමක් තියෙනවා නේද ඒ නැතිවෙලා කියන ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කරන්න උරදීමට?
පිළිතුර - සත්තකින්ම ඔව්. අපි එවැනි අවස්ථාවල මහජනතාව වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක්. උදාහරණයක් විදියට අධිකරණයට එරෙහිව එල්ලවුණ අභියෝගයේදි අපි නැගී සිටියා. රටේ ජනතාව අපහසුතාවට පත් වන ඕනෑම මොහොතක අපි පෙරමුණට එනවා.
ප්‍රශ්නය - ඔබ ආර්ථික කඩා වැටීමක් ගැන සදහන් කළත් අපේ රටේ ආර්ථික දියුණුවක් ඇති වෙමින් පවතින බව බැලූ බැල්මට තියෙනවා. නවීන අධිවේගී මාර්ග, ගුවන් පාලම්, මාගම්පුර වරාය, මත්තල ගුවන්තොටුපොළ වැනි මේ හැම එකකින්ම පෙනෙන්නේ ආර්ථික දියුණුව නොවෙයිද? රටේ ජනතාව ඒ දියුණුව අපේක්ෂා කරන නිසා නේද හැම මැතිවරණයකින්ම රජය ඉහළින්ම දිනන්නේ?
පිළිතුර - මේ කොන්ක්‍රීට් වනාන්තර වනාන්තරවලින් රටේ ආර්ථිකයට ප්‍රථිලාබයක් අත්වෙලා තිබෙනවාද? ඔබ කියපු හැම එකකින්ම වාගේ, නෙළුම් පොකුණ රඟහල, සූරිය වැව ක්‍රීඩාංගනය, රටේ මුදල් කාබාසිනියා කරපු තැන් විදියටයි අපි දකින්නේ. මේ හැම එකක් නිසාම රට විශාල ණය බරකට මුහුණ දීලා තියෙන්නේ. රටේ ආර්ථිකයට කිසිම පිටුවහලක් මේවායින් ලැබෙන්නේ නැහැ. ඡන්ද ප්‍රතිශතය ගැන සදහන් කළොත් රටේ ජනතාවගෙන් සියයට අසූවකට මේ රජය එපා වෙලා. නමුත් මැතිවරණයක් ආසන්නයේ ලබා දෙන අල්ලස් හා නොයෙක් දොළපිදේනි නිසා ඡන්ද ප්‍රතිශතය ඉහළ යනවා.
ප්‍රශ්නය - මාදුළුවාවේ සෝභිත හිමි ප්‍රමුඛ විද්වත් කමිටුවක් විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු යෝජනා රැසක් රජයට ඉදිරිපත් කළා. එහිදි ඔවුන් කියා සිටින්නේ රජය මෙම යෝජනා ක්‍රියාත්මක කරන්න අපොහොසත් වුවහොත් එන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සඳහා විපක්ෂය සමග සාකච්ඡා කරන බවයි. ඔබ පක්ෂය ඒ සදහා සූදානම් ද?
පිළිතුර - මේ සමාජ දේශපාලන වාතාවරණය විධායකය නිසාම ඇතිවූ දෙයක් නොවේ. නමුත් අපි ඕනෑ මොහොතක හයපත් දෙයක් වෙනුවෙන් සාකච්ඡා කරන්න සූදානම්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගැන විවේචනය කරනව මිසක් රට ස්වයං පෝෂිත කරන පිළිවෙලක් ගැන යෝජනාවක් ගෙන එන්න තරම් මොලයක් නැද්ද ? (නදී)
ඇසළ, තව ටිකක් වැඩිපුර ගොටුකොල කාලා බලන්න. ඇස් අමාරුවට හොඳයි. (නි)
රනිල් වික්‍රමසිංහ බලයට එනවානම් මේ ගැටලුවට විසදුම් හොයාගන්න පුළුවන්. දර්ශනයක් ඇති එකම නායකයා, ජනතාව සත්‍යට ගරු කරන්න ඕනා.(නදී)
හේවාවිතාරණ, ඔයා මොළේ පාවිච්චි කරල දෙන්ටකෝ හොඳ යෝජනාවක් රට ස්වයං පෝෂිත කරන්ට.(නදී)
ගන්නා තීරණයක් ඉක්මන් විය යුතුයි කියා සිතේ. යහපත් ඕනම දෙයක් වෙනුවෙන් අපද සිටිනවා.(නදී)
අනුර කුමාරලා දන්නේ කටින් බටල කොළ හිටවන්නයි. (නදී)
අම්මෝ මේ පාරනම් අපි විපක්ෂවලට පාඩම් උගන්වන්නේ නෑ. මදෑ විපක්ෂවලට පාඩම් උගන්වන්න ගිහින් අපි ඉගෙනගත්ත පාඩම.(නදී)
කිසිම සංඛ්‍යා ලේඛනයක් නැතුව අහන අය හරක් කියල හිතාගෙන කතා කරන්නේ.(නදී)
ආර්ථිකය කඩාවැටුණේ අද ඊයේ නෙමේ. දැන් ගොඩ කාලෙකට කලින්. දැන් හරි හොඳ ප්‍රතිපත්ති මත කටයුතු කලොත් වර්තමාන පරපුරට හරි සාධාරණයක් වෙයිනේ.(නදී)
රට යන අත. දැන් දැන් විපක්ෂවල අගය අපිට තේරෙනවා. හෙට ඊටත් වඩා හොඳින් තේරෙයි.(නදී)
මේ විදිහට තව කලක් ගියෝත් ගොඩදාන්න රටක් ඉතුරු වෙන එකක් නැහැ. අඩු ගන්නේ කෙලින් කතා කරන්නවත් ඉන්නේ අනුර කුමාරලා වගේ මිනිස්සු විතරයි. (නදී)
ඇයි මෙයාව ඉතාලියෙදි දුරකතනයෙන් සම්බන්ධ කරගන්නේ. ලංකාවේ ඉන්නකොට හොයාගන්ඩ අමාරුයිද?(නදී)
88-89 කාලයේ නිල නොලත් ඇදිරි නීතියට පිටුපා වෙළදසැල විවෘත කලා කියලා අපේ පුංචි ගෙටත් ගිනිතිව්වා අපිට යන්තම් මතකයි.(නදී)
උපුත් එකයි. මුනුත් එකයි. කෝකත් එකයි.(නදී)
විදුලි බිල හින්දයි මේ කියන්නේ. ලංකා ඉතිහාසයේ ජරාම ආන්ඩුව මේක කමයි. ජනතාව එළියෙන් අදුරට කල්ලු කරන මේ යක්කුන්ව ගෙදරකටවත් වද්දාගන්න හොද නැහැ.(නදී)
කොහොමටත් තරංග, 88-89 හෝ 71 දී දිනාගත් දෙයක් නැහැ. මියගිය අයට ජීවිතත් මව්පියන්ට දරුවනුත් මා ඇතුළු බොහෝ පිරිසකට නිවාසත් අහිමි වුනා විතරයි. ඒවාට වගකිවයුතු අය අදටත් යහතින් බවනම් පෙනෙනවා (නි)
අපේ රටේ අනාගතය බාරදෙන්න පුළුවන් රටට ජනතාවට ආදරේ ඇති එඩිතර නායකයෙක් තවමත් විපක්ෂයේ බිහිවෙලා නැහැ. එහෙම කෙනෙක් ගැන විස්වාශය තියන්න පුළුවන් උන දාට ජනතාව තීරණයක් ගනීවි. (නදී)
ලෝකෙටම ණය වෙලා, අනුන්ගෙන් හිඟා කාල ආශ්චර්යය කරා යන ආඩම්බරකාරී ගමනට අකුල් හෙලන්න එපා.(නදී)
උදය කියලා කෙනෙක් සංඛ්‍යා ලේඛන ඉල්ලනවා. රට සංවර්ධනය වෙලා කිවොත් එක ඇත්තද බලන්න සංඛ්‍යා ලේඛන එයාලාට ඕන නෑ. පොළොවේ පය ගසන මිනිසුන්ට ඇත්ත වැටහෙයි.(නදී)
පෙරටුගාමියොත් කුරුටුගාමියොත් දෙගොල්ලොම එක හා සමානයි. අද වෙනකම් කළේ ජාතියට ද්‍රෝහිකම්. ස්ට්‍රයික් මෙහෙයවීම, නගර අදුරේ තැබීම, පාසල් වැසීම, ආරක්ෂක හමුදාවන්ට පහරදීම, කුමන්ත්‍රණ මෙහෙයවා අහිංසක විශ්ව විද්‍යාල සිසුන් දඩමීමා කරගැනීම. යුද්දය ඉවරකරලා මෙතරමට රට ගොඩනගපු එකට පවතින රජයට අපි ණයගැතිය. අමාරුවෙන් හරි ඉවසගෙන රට ගොඩනැගුවොත් තව අවුරුදු 10 කින් අපේ රට ලෝකයේ ලස්සනම වටිනාම රටක් වේවි.(නදී)
මේ සමහර කොමන්ට් දිහා බලනකොට තේරෙනවා රට මේතරම් අඝාදයට ගිහින් තිබියදීත් එක නොතේරෙන අය කොච්චර සිටිනවාද කියා. මිනිස්සු හරි පුදුමයි. රට කොරන්න කොටසකට කොන්ත්‍රාත් දීලා, එක බලා ගන්න විපක්සයකටත් කොන්ත්‍රාත් දීලා, අත් බැදගෙන බලාගෙන ඉන්නවා. රටේ පුරවැසියෙක්නම් කොන්ද කෙළින් තියාගෙන අඩුමගානේ තනි තනිව හරි අරගල කරහන්කෝ කවුරුවත් දිනාගෙන ලඟට පුදනකන් ඉන්නේ නැතිව.(නදී)
ඇසල, ඔයා දවල් හීන දකිනවා වගේ අපි දන්නවා ඔයා කව්ද කියලා.(නදී)
රටේ වර්තමාන තත්වයට ප්‍රදාන හේතුව,වෑටීගෙන යන ගමන්ම බේද බින්න වී තවත් ආගාදයකට වෑටෙන මෙවන් පක්ෂ නිසායි.මොවුන් ඉල්මහ විරුවන් නමින් සමරන්නේද,තම රටට මුලිම ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කල දිනයයි ,(අ)
සදුනි, ඔයාට යන්තන් මතක ඇති. මට හොඳට මතකයි. ඇයි 89 භීෂණයක් ආවේ. කවුද ඒක නිර්මාණාත්මක පසුබිම සැදුවේ ? කවුද මිනිසුන් 60,000 ක් පමණ මැරුවේ, (මාතලේ සමූහ මිනී වල දැනට අමතක කරමුකෝ) කවුද ප්‍රා, කළු බලල්ලු, ගෝනි බිල්ලෝ සංස්කෘතිය හැඳුවෙ. ඒ විතරක්ද ඒ සංස්කෘතිය පාතාලය සහ සුදු වෑන් සංස්කෘතිය දක්වා ව්‍යාප්ත වූ ආකාරය. බොහෝ දේ තිබෙනවා සඳුනි. ඉගෙන ගන්න.(නදී)
අසවලා වගේ අය ඉන්නකන් මේ රට ගොඩ දාන්න බෑ. කෘෂිකාර්මික රටක් වන අපි ගොඩ යන්න ඕන කෘෂිකර්මයෙන්. යුද්දය හැමදාම දඩමීමා කරගන්න එපා. අපි චන්දය වර්ජනය කල යුතුය.(නදී)
අපේ රට සොවභාවික සම්පත්වලින් පිරුණු රටක්. මේක දියුනු කරගන්න බැරිව ලෝකෙට ණයවෙලා දැන් ජනතාව මරාගෙන කන්න හදනවා?(නදී)
ඉතිහාසයේ ලොකුම ආර්ථික විනාශයක් කලේ 1971. 1989 ත් 30 වසරක ත්‍රස්තවාදයත්. වගකිව යුත්තෝ කව්ද? අපිද? ඒ අයද?.(නදී)
මම නම් ඔය කියන කඩා වැටීමට අහු වෙන් නෑ. අපේ රටේ අහිංසක දුප්පත් මනුසයෝ ගැන තියන්නේ ලොකු දුකක් .(නදී)
ඉල් මහ සැමරුම කියන්නෙ ලංකාව අපායට සම්බන්ද කළ දිනයටයි.(නදී)
දැන් ඇසල වගේ අය වඳවීගෙන යනවා වගේ. (නදී)
තරංග, එතකොට ඔයා එයාලගේ ක්‍රියාදාමය අගය කරන්නේ ඔයත් ඒ විනාශයේ වගකිවයුත්තෙක් වෙලා හිටිය නිසාද..? (නි)
අසේල වගේ අය ඉන්නකන් ලොක්ක ගොඩ. (නදී)
මහින්ද චින්තනේට කවමදාකවත් මේ රට ගොඩදාන්න බැහැ. ගොඩයන්නේ මහින්ද චින්තනේට කඩේ යන හොරු.(නදී)
සඳුනි, රටේ ප්‍රශ්න දෙස ඇස යොමු කර, අවධානයෙන් බලා සිටිනවා සහ යථාර්තය දකිනවා කියන්නේ ඔහු ද වගකිව යුත්තෙක් බවට පරිවර්ථනය වෙනවා නොවේ. එසේම සමාජ අසාධාරණ හමුවේ දෑස් පියා සිටීම පුරවැසි යුතුකමක් ද නොවේ. එසේ නම් අපිද අන්ධයින් බිහිරන් සේ අපේ පාඩුවේ කවුරු හෝ දිනා දෙන දෙයක් වෙතොත් එය බුක්ති විදිමින් සිටින්නෝ වෙමු (නි)
අපට ඕන රට අලුත් මගක් කරා යන ගමනක්. එකට ඕන සටනක්. එවැනි සටන් සගයන් සමරන එක වැරදි නැ. (නදී)