නීති විරෝධී ලෙස බහුදින ධීවර යාත්‍රාවකින් ඉතාලියට ගිය ශ්‍රී ලාංකික යුවලක්  වසර අටකට පසු ආපසු ශ්‍රී ලාංකාවට පැමිණ සිටියදී කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින්   අත් අඩංගුවට ගනු ලැබීය.

මොවුහු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. වයස අවුරුදු 43 හා 33 වියැති වු මෙම යුවල 2008 වසරේදී බහු දින ධීවර යාත්‍රාවක නැගී  තවත් 50 කගෙන් යුත් කණ්ඩායමක් සමග ඉතාලියට පැන ගොස් ඇති බව කරන ලද විමර්ශණ වලින් අනාවරණය වී තිබේ.

ඒ සදහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් මීගමුවේ ඒජන්තවරයෙකුට ගෙවා තිබිණි. පසුව මෙම යුවලට එහිදී දරුවෙකු ලැබී ඇති අතර එම දරුවාගේ දැන් වයස අවුරුදු දෙකකි. දරුවා ලැබීමෙන් පසු ඉතාලි රජය මොවුනට එරට පුරවැසි බාවය ලබා දී ඇති බව පැවසේ.

මේ පිළිබද වැඩිදුර විමර්ශණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.