නීති විරෝධී ලෙස බහුදින ධීවර යාත්‍රාවකින් ඉතාලියට ගිය ශ්‍රී ලාංකික යුවලක් වසර අටකට පසු ආපසු ශ්‍රී ලාංකාවට පැමිණ සිටියදී කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මොවුහු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. වයස අවුරුදු 43 හා 33 වියැති වු මෙම යුවල 2008 වසරේදී බහු දින ධීවර යාත්‍රාවක නැගී තවත් 50 කගෙන් යුත් කණ්ඩායමක් සමග ඉතාලියට පැන ගොස් ඇති බව කරන ලද විමර්ශණ වලින් අනාවරණය වී තිබේ.
ඒ සදහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් මීගමුවේ ඒජන්තවරයෙකුට ගෙවා තිබිණි. පසුව මෙම යුවලට එහිදී දරුවෙකු ලැබී ඇති අතර එම දරුවාගේ දැන් වයස අවුරුදු දෙකකි. දරුවා ලැබීමෙන් පසු ඉතාලි රජය මොවුනට එරට පුරවැසි බාවය ලබා දී ඇති බව පැවසේ.
මේ පිළිබද වැඩිදුර විමර්ශණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉතාලියෙදි පී.ආර් පවුල ලංකාවෙදි අමාරුවේ
අබරන් Tuesday, 09 June 2015 09:07 AM
ලෝකයේ තියෙන බරපතලම සහ සාහසිකම ක්‍රියාව අපරාධ පරීක්ෂණ නිලධාරින් විසින් අල්වා ගෙන ඇති නිසා ඔවුන්ට ඉහලම දේශප්‍රේමී සම්මානය පිරිනැමිය යුතුය (ම)
සෙහාන් අමරසින්ග්හේ Tuesday, 09 June 2015 09:15 AM
ඉතාලියේ ළමයි ලැබුණහම පුරවැසි බවයි දෙන්නේ නැහැ.(ම)
සිල්වා Tuesday, 09 June 2015 09:31 AM
බරපතල අපරාධකාරයෝ නිදැල්ලේ හැසිරෙද්දී , මේ වගේ ඉතාලියට ගිහින් ලංකාවට කොටි කිහිපයක් විදේශ විනිමය එවන මේ වගේ අහිංසකයන් ඇල්ලීමට අපේ අපරාධ පරීක්ෂණ (ම)
චන්ද්‍රදාස විතානගේ Tuesday, 09 June 2015 06:39 PM
නාමල් ඔබ හරි (නදී)
ෆොන්සේකා Tuesday, 09 June 2015 07:09 PM
මට නම් පෙනෙන්නේ මෙතන මොකක්හරි අසාධාරන යටි දෙයක් තියනවා කියලයි. ඒ මිනිසුන්ට තමන්ගේ මවුබිමේ සතුටින් වසන්න ඉඩදීලා , මිලියන ගණන් අපරාධ සිද්ධවෙන අප රටේ ඒවා නිරවුල් කරන්න කාලය වැයකරන්න. (නි)
නිහාල් Tuesday, 09 June 2015 10:38 PM
දැන් ඉතින් මොනවා කියලා කරන්නද? (නි)
නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Tuesday, 09 June 2015 10:45 AM
මේ අය ජිවිත අනතුර නොතකා ඉතාලි ගියේ ඇයි කියලා හේතු අහල ඊට වගකිව යුතු අයට නිසි දඩුවම් දී මේ අය පිලිබඳ තීරණයක් ගන්න... (ම)
ගොඩගේ Tuesday, 09 June 2015 10:56 AM
ඉතාලියට ගිය ගොඩ අය සංක්‍රමිකයන් විදියට ගිහින් ඉතාලියේ එම්බසියේ එකෙන් පාස්පෝර්ට් අරන් ලිඛිතව විස ගත්තු අය තම ලංකාවට එන්නේ .මෙතැන මිට වැඩ යට සිද්දියක් තියෙන්න ඕන.(ම)
නිමලරත්න Tuesday, 09 June 2015 11:05 AM
මොවුන් ජිවිතය් අවදානමකට ලක් කර රට ගියේ ලංකාවේදී ලැබිය නොහැකි ඉසුරුමත් අනාගතයක් සඳහා මිස අපරාදයක් කර නොවේ. (ම)
නිහාල් Tuesday, 09 June 2015 11:08 AM
දැන් එතකොට කොටි ත්‍රස්තවාදී සමයේ ඉන්දියාවට පැන ගිය අයත් ආපසු ලංකාවට පැමිණෙන විට අත්අඩංගුවට ගන්නවද? දෙගොල්ලගෙම බලාපොරොත්තුව වූයේ ජීවිතය සරු කර ගැනීම නේද? නැතිනම් මේගොල්ල සිංහලයන්ද? (ස)
වතිල Tuesday, 09 June 2015 11:29 AM
ඇත්තටම අපරාධ විමර්ශනේට වෙන වැඩ නැද්ද? (ම)
රෝසා Tuesday, 09 June 2015 12:58 PM
ඉතාලියේ ඉපදුන කෙනෙකුට අවුරුදු 18 පිරුණාට පසු ඉතාලියේ පුරවැසිබව ඉල්ලිව හැකියි නේද? (නි)
තුෂාන් Tuesday, 09 June 2015 01:03 PM
මර බයෙන් ගැහි ගැහි බෝට්ටුවල රට ගිහිල්ල එහෙත් ඇතිවෙන්න දුක්විදල සල්ලි හම්බකරගෙන එනකොට මෙහෙන් හිර කරනවා. ඉන්දියා ඉඳල එන අයට නම් කිසි කරදරයක් නෑ අායිත් සෙට්ල් වෙන්න ආණ්ඩුවෙනුත් උදව් කරනවා. මොන ජාතියක උනත් රටට බරක් නැති මේ පවුලට අසාදාරනයක් වෙලා වගෙයි පෙනෙන්නේ. පවු අහිංසක මිනිස්සු. (නදී)
නාමල් Tuesday, 09 June 2015 08:33 AM
මොවුන් ලංකාවේ නොලැබෙන ආර්ථික තත්වයක් බලාපොරොත්තුවෙන් ඉතාලි ගිහින් මිස වැරදි වැඩ කරන්න ගිහින් නෙමේනේ.. වහාම නිදහස් කරන්න...(හේ)
පියලාල් Tuesday, 09 June 2015 08:35 AM
මදැයි මවුබිමට ආවා.(ම)