ඉතාලියේ සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයන් ගුවන් ටිකට් විකිණීමේ ආයතන අටවාගෙන ශ්‍රී ලාංකිකයන්ටම වංචා කරන අවස්ථා වැඩිවී ඇතැයි පැමිණිලි ලැබී තිබේ. ඇතැමුන් ශ්‍රී ලංකාවට යෑමට සහ ඒමට ‘ටිකට්‘ පත් විකුණා මුදල් ගනියි. පරිගණකයෙන් නිකුත් කරන එම ටිකට්පතින් ආපසු ඒමට නොහැකි බව රෝමයේ ශ්‍රී ලාංකිකයෙක් කියයි. ඔහු මේ ගැන පැමිණිලි කළ විට මුදලින් අඩක් දී ඉතිරිය නොදී මගහරිතියි කියයි. බ්‍රෙසියා නගරයේ ලාංකිකයකු එවැනි ගනුදෙනුවකින් යුරෝ 650ක් වංචා කළැයි ඉතාලි පොලීසියට පැමිණිලි කර ඇත. මෙවැනි වංචාවලට අසුවන බොහෝ දෙනෙකු පාඩුව විඳගෙන නිසොල්මනේ සිටිතියි කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කලින් පරීක්ෂාකරන්න ක්‍රමයක් නැද්ද (දී)
ඔය කට්ටිය 'ඔන්ලයින්' බුක් කරගන්නකෝ. (නි)
ලංකාවේ මිනිස්සුන්ව විශ්වාස කරන්න අමාරුයි (දී)
හැම දෙයක් පස්සෙම ලංකාවේ කවූරුහරි ඉන්නවා (දී)
ලේසියෙන් වැඩකරගන්න යන අය අහුවෙනවා....(ස)
ලෝකේ ඕනෑම රටක් එකයි අපිට (දී)
ලංකාවේ නම ලෝකේ කොතන හරි තියෙනවා නේද (දී)
පුදුම වදනේ. බයක් සැකක් නැතිව කරන වැඩ (දී)
රට යන්නත් බයයි (දී)
පාරේ බැහැල යන්න බැහැනේ දැන් (දී)
ලංකාවට විතරක් නෙවෙයි. ලෝකෙම විනාස වෙලා වගේ (දී)
ඔබ මිලටගත් ගුවන් ටිකට් පත සත්‍ය එකක් ද කියා බැලීමට අදාල airline එකේ manage a booking වලට ගොස් reservation code සහ last name එක enter කරන්න එවිට එය සත්‍ය ගුවන් ticket එකක්නම් ගමන් විස්තර හා ticket එක confirmed කර තිබෙන බව ඔබට දැකගත හැක .එසේ නැතිනම් එය හොර ticket එකකි . .(ස)
මේ පුවත අපිට කියා අපිව දැනුවත් කලට ලංකාදීපෙට ස්තුති (දී)
ලංකාවේ විතරයි කියල හිතුවේ (දී)
ඔබ ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේදී ගුවන් තොටුපළ කාර්යාලයෙන් හෝ අන්තර්ජාලය මගින් ලබාගන්න..!(නු)
ඔය තියෙන්නේ
ගෙදරම ඉන්න තරමටම හොදයි (දී)
ඉතාලියේ තියන හැම කාර්යාලයක්ම එහෙම නෑ.අව0කව වැඩ කරන අයත් ඉන්නව.අන්තර්ජාලයෙන් ගන්න බැරි හේතු කීපයක් තියනව. හැමෝටම ඒ ගැන දැනීමක් නැතිකම, හැමෝටම ක්‍රෙඩිට් කාඩ් නැතිකම, අන්තර්ජාලයෙන් ගන්න ටිකට් වල ගෙන යා හැකි බර ප්‍රමාණය අඩු වීම හා තවත් නොයෙකුත් පාහසුකම් අඩුවීම වගෙ කාරණා තමයි එයට හේතු. (දී)
ටිකට් විතරක් නෙවෙයි. දැන් හුස්ස්ම ගන්න වෙන්නෙත් හරි පරිස්සමෙන් (දී)
තිලක් ඉතාලියෙ ඉන්න ලංකාවෙ අය ගැන දන්නෙ නැහැ වගේ.. මැද පෙරදිග ඉන්න අයට වඩා අසරණයෝ ටිකක් තමයි ඉන්නෙ..!!(නු)
හැකිතාක් අපේ සහෝදර සහෝදරියන්ව දැනුවත් කරන්න,තිලක් කියපු ක්‍රමයත් හරි එත් පරිගණක මාර්ගයෙන් ඇණවුම් කිරීමට හැමෝටම බැහැ.. හැම දෙනාටම ක්‍රෙඩිට් කාඩ් නැති නිසා වංචා කිරීම් වැඩියි.අනේ කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මේ අහිංසක මිනිසුන්ව තවත් අමාරුවේ දාන්න එපා.කටුනායකින් එලියට යනකොටත් ගසා කනවා..,එතනින් එන විටත් ගසා කනවා,මෙහේ ඉන්න අයත් ගසාගෙන කන්නේ .හොර වැඩ කරන මහත්ම මහත්මිනි ඔය දෙය තමන්ට උනොත් මොකද කියා හිතන්න.එතකොට ඇස ඇරෙයි.ස්තුතියි. (නු)
ජනතාව අතරමන්
කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන්නේ නෑ...(ස)
අපේ අයියලා කොතැන ගියත් අංක එක. (නි)
ඉතාලියේ ඉන්න ගොඩක් දෙනෙක් ඕක දැන් අවුරුදු ගානක් කරනවා මිනිස්සු පාඩමක් ඉගෙන ගන්නෙ නැහැ. සුනාමියට නිකන් යන්න එන්න දුන්න ටිකට් පවා වික්කා .(ස)
අපේ අය නසන්නේ අපේ අයමයි .හදවතක් තියෙන මිනිස්සුනම් ඔහොම කරන්නේ නෑ...(ස)
ගෙදරින් එලියට යන්න වෙන්නේ නැති පාටක් තියෙන්නේ (දී)
අපේ මිනිස්සුන්ට ටිකක් අඩුවෙන් දුන්නොත් ඕන කුණු ගොඩක් ගන්නවා...(ස).
ඕවා හැමදාම බැහැ මල්ලී. කොයි වෙලේ හරි ටිකට් එක ඇදෙනවා. (නි)
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ...(ස)
මෙකෙන් වෙන්නෙ ලන්කවෙ ඉන්නෙ හොරු කියන එක මුලු ඉතාලියම දනගන්න එක...(නු)
අයියෝ සල්ලි
පුළුවන්තරම් online tickets ගන්න බලන්න නැතිනම් ඒ අදාල airline එකෙන්ම ගන්න. තිලක් කියපුදෙත් හරි .(ස)
ලංකාවේ කිසි කෙනෙක් එක්ක ගණුදෙනු කරන්න එපා..ඔක්කොම හොරු .(ස)
මෙයාලා අපේ රටේ නම කනවා. .(ස)
ඉතාලියෙ ඉන්න ශ්‍රී ලාංකිකයින්ම තමා තමුන්ගෙම රටේ අයව රවට්ටලා හම්බ කරන්නෙ..රස්සාවක් කරන්න බැරි කාලකන්නි කරනනේ ඔපිස් එකක් අටවගෙන තමුන්ගෙ රටේ අයවම අන්දන එක තමා....(ස)
මේ නිවුස් එක නිසා ඇත්තටම හරියට මේ දේ කරන ලාංකිකයෝ ගැනත් මිනිස්සු වැරදියට හිතනවා. (දී)
මේ අය නිසා ඇත්තටම හරියට මේ දේ කරන ලාංකිකයන් ගැනත් මිනිසුන් වැරදියට හිතනවා. ඉතාලි රජයේ ලියාපදිංචි ආයතනයකින් ටිකට් පත මිලට ගන්න එක තමා වඩාත් නිවැරදි. අපේ අය ගොඩක් පුරුදු වෙලා ඉන්නේ කවුරු හරි ලාබෙට දෙනවා නම්, ගහක් යට ඉඳන් ටිකට් එක විකුණුවත් , හොයලා නොබලා පොඩි වාසියට ටිකට් පත් මිලදී ගන්නයි. අනිත් දේ තමයි තිලක් කියපු විදියට ටිකට් පත මිලදී ගත්තට පසු එය අන්තර්ජාලය මගින් පරික්ෂා කිරීමක් කරන්න පුළුවන්. (නි)
උඩින් යන්න එපා. එන්න මගෙත් එක්ක. මම මුහුදෙන් එක්ක යන්නම් (දී)
හොර සල්ලි වගේ හොර වීසත් තියෙනවද (දී)