ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති අසිත පෙරේරා මහාතාට නෑවත ලංකාවට පෑමිණීම සදහා නියමිත දිනයක් ලබා දි ඇති බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා එසැණට පැවසීය.
නව තානාපතිවරයෙකු පත් කිරිම සදහා මෙ වනවිට සාකච්ඡා කරමින් පවතින බවත් පත්වන තානාපතිවරයාට ඉතාලියේ ශ්‍රි ලාංකිකයින්ගේ ගෑටලු ඉක්මනින් විසැදිමට උපදෙස් දෙන බවත් කරුණාතිලක මහාතා කියයි.
තුන්වැනි පාර්ශ්වයක් මගින් ගෙනෙන ලියවිලි රෝමයේ තානාපති කාර්යාලය මගින් බාර නොගන්නා මුත් නව තානාපති මගින් ඉදිරියේදි ඊට විසදුම් ලෑබෙනු ඇති බවයි.
රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයෙන් කරවා ගත යුතු වීසා ඇතුළු විවිධ වැඩ ඉතාලි රජයේ ලියා පදිංචි නියෝජිතයන් මගින් තානාපති කාර්යාලයයට යොමු කිරීමට මෑතක සිට නොහැකි වී ඇතැයි ද තානාපති කාර්යාලයය එවැනි ලියැවිලි ප්‍රතික්ෂේප කිරීම නිසා තමනට අධික මුදලක් වැය කැර බොහෝ දුර ගෙවා රෝමයට යෑමට සිදුවී ඇතැයි ද ශ්‍රී ලාංකිකයෝ කියති.
මේ අතර රෝම තානාපති කාර්යාලයේ ප්‍රධාන නිලධරයන් හතර දෙනකුගේ අඩුවක් කලක සිට පවතින බව ඉතාලි ශ්‍රී ලාංකිකයෝ කියති.
ලක්ෂයක් පමණ වන සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන්ගේ කන්සියුලර් කටයුතු පමා වීමට ප්‍රධාන හේතුව එය බව ද ඔවුහු කියති.
විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක රොඩ්නි පෙරේරා මහතා පැවසුවේ ඒ ගැන තමා නොදන්නා බවයි.
එම කාරණය පරිපාලන අංශයට දන්වන බව ද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම 1983 සිට ඉතාලියේ ඉන්න කෙනෙක්. මට දැනෙන විදියට නම් හේමන්ත වර්ණකුලසූරිය මහතා තමයි මිනිසුන්‍ගේ හදවටතට දැනෙන හොද සේවයක් ඉටුකළේ. (නි)
ඇයි යවන්න කෙනෙක් නැද්ද ? (ස)
තවම තානාපති තෝරා අවසන් නැද්ද? (නි)
එක හොදයි (දී)
හොදට වැඩ දන්න, අත්දැකීම් බහුල කෙනෙක්ව එවන්න. (නි)
සෞදියටත් ඉතා ඉක්මණින් තානාපතිවරයෙක් අවශ්‍යයි. (නි)
අසිත පෙරේරා ගොඩක් කලක් හිටියේ එහේ නිසා දැන් එහේ කට්ටිය එයාට ගොඩක් කැමති ඇති. (නි)
මුස්ලිම් කෙනෙක්ව යවනවා නම් අපි කැමතියි. (නි)
කාව හරි ඉක්මනටම පත් කරන්න (දී)
ඒ ක්‍රියාව ඉතාම වැදගත් (දී)
තානාපති පත් කරන්නේ ජනාධි පති තුමා නේද (දී)
දැන් අපේ අදහස් දක්වන කට්ටිය නම් කරන කෙනාවම දායි... (නි)
මෙම තානාපති කාර්‍යාලය සම්පූර්ණයෙන් වෙනසක් කරනවා නම් තමා හොඳ. අනිත් සෑම රටක්ම සින්නක්කර ස්ථානයක් පවත්වාගෙන යනවා. (නි)
ඒ එක්කම විදේශ අමාත්‍යංශයටත් වැඩක් හරියට කරන්න පුළුවන් අය කීපදෙනෙක් පත් කර ගත්තොත් නේද හොඳ? (ස)
කවුරුවත් නැත්නම් මම යන්නම් (ස)
කවුරුහරි ඉන්නවානම් ඔන්න අවස්ථාව (ස)
මට නම් හොදයි හේමන්ත වර්ණකුලසූරිය මහතාව. ඔහු හොද නිළධාරියෙක්. (නි)
මොකද ඒ කාරනාව (දී)