විදේශ රටක මාපියනට දාව තම රටේදී උපදින දරුවනට ඉපදුන දා පටන්ම ඉතාලි පුරවැසිකම ලබාදිය යුතු යැයි ජනාධිපති ජෝර්ජො නාපෝලිතානෝ කියයි.
ශ්‍රී ලාංකික සම්භවයක් ඇතිව ඉතාලියේ ඉපදුණ දරුවන් විශාල පිරිසක් සිටින අතර ඇතැම් දරුවෝ ඉතාලි අධ්‍යාපනය ලබති.
අග‍්‍රාමාත්‍ය මාරියෝ මොන්තිගේ නව රජය තම යෝජනාව සඳහා අනුමැතිය ලබාදෙතියි තමා විශ්වාස කරන බව ජනාධිපති පවසයි. ජනාධිපති ඉහත කී ප‍්‍රකාශය කර සුළු වේලාවකට පසු දැඩි මතධාරි ලෙගා නෝර්ඞ් පක්ෂය කියා සිටියේ මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට යෑමේදී නව රජය අස්ථාවර විය හැකි බවයි. ඉතාලියේ සේවය කරන විදේශ යුවලකට දාව ඉතාලියේදී උපත ලබන දරුවකුට ඉතාලි පුරවැසිකම ගැනීමට දැන් වසර 18ක් බලා සිටිය යුතුය. එහි ජනගහන වර්ධන වේගයද පහළ මට්ටමක පවතී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දරුවනට පසුවට ඇනිවන ප්‍රශ්නය නම්, ඉතාලි රජය පුරවැසිකම දුන්නත් ලංකා නීතිය අනුව වයස 18න් පසුව ඒ දරුවෝ එක පුරවැසිකමක් තෝරා ගත යුතුයි නේද?
ඇත්තටම ඉහත කී පරිදි ලාංකිකයන්ටදාව උපදින දරුවන්ට ඉතාලි පුරවැසිකම ලබා දීම හොද පණිවුඩයක්. එය ඉටුවනවා නම් ගොඩක් හොද යැයි සිතමි.
දැන් ලොකුම ප්‍රශ්නය ලංකාවේ ද්විත්ව පුරවැසිකම ගන්නෙ කොහොමද කියන එක?
ලංකාවේ ද්විත්ව පුරවැසිකම දීම නැවත අරඹන්නේ කවදා ද කියා කවුරුන් හෝ දන්නවාද?