ඉතාලි වීසා, ගමන් බලපත්, වැලි බලපත් ආදිය හොරට හදන තැනක් බොරලැස්ගමුවේ දේවාලෙමුල්ලෙන් මින් මද වේලාවකට කලින් අල්ලාගත් බව පොලිසියේ බස්නාහිර පළාත් බුද්ධි කෝට්ඨාස අංශය කියයි.
‘මැණික් ගල් වලට සම්බන්ධ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මුවාවෙන් මේ හොර කච්චේරිය වටලා ඇත්තේ හොර සල්ලි මුද්‍රණය කරන බවට ලැබුණු ඔත්තුවක් අනුවය. ඉතාලි වීසාවකට රුපියල් ලක්ෂ තුනේ සිට දොළහ දක්වා අය කරතියි කියති. වරෙන්තු හතරක් ද ඇති ප්‍රධාන සැකකරු සමග කාන්තාවක ද ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ත් යනවානේ
ඒක අල්ලපු එක නම් හොදයි. ඒ වුණාට ඉතාලි යන්න තිබුණා නම් ඊටත් වඩා හොදයි. (නි)
ඈල්ලුවට වෑඩක් නැහැ මේවා. ටික කාලෙකින් කරපු කෙනා එළියට එනවා. ඈවිත් ආපහු කරන්නේ ඔය දේමයි. අන්තිමට අමාරුවේ වෑටෙන්නේ නොදන්නකමට සල්ලි දීලා රට යන්න හදපු අහිංසක මිනිස්සු විතරයි. මොරටුවෙත් ඔය වගේ රට යවන්න සල්ලි ගත්ත හෙණ හොරෙක්ව ඈල්ලුවා වංචා විමර්ශනෙන්. කෝටි ගානක් අරන් මිනිසුන්ගෙන්. ඔය ඉන්නේ දැන් සෑපට ආපහු. මිනිස්සු අමාරුවේ. ඔක්කොම බොරුව විතරයි. (නි)
නීතිය හරියට ක්‍රියාත්මක වෙනවද... අපි බලා ඉන්නවා ..... සල්ලිවලට ඔක්කොම යට වෙනවා..... එහෙම නේද.... මේකයි අද රටේ තියන තත්ත්වය.
මොනවා කරන්නද
හොර වැඩ වල සීමාවක් නැහැ
හරි වරෙන්තු තුනක් තියෙන සැක කරුවෙක් මොන ව්‍යාපාපරයක් හරි ප්‍රසිද්ධයෙ කරගෙන යන්නේ කාගෙ පිහිටෙන්ද? ඒක තමයි මුලින්ම හොයා ගන්න ඕන..!(නු)
අනේ මන්දා
ඔහොම ඇල්ලුවට නීතිය දිගටම ක්‍රියාත්මක වෙනවද?
මෙයාලට අහුවෙන අසරණයෝ ජීවිත කාලයම වන්දි ගෙවනවා අහුවුණුට පස්සේ.
මම දැනගෙන හිටියෙ නැහැනේ මෙහෙම තැනක් ගැන. අපරාදේ ඉතාලි යාගන්න තිබුණා.(නු)
අයියෝ සල්ලි
දැන් වරෙන්තු පහක් වෙයි එච්චරයි.(නදී)
හොරෙන් යන අය අල්ලන්න මෙහෙම මහන්සි වෙන්න එපා (නි)
දැන් මොකද කරන්නේ......? හෙට ගෙදරද..!! මෙලහකටත් ඔවැනිම තව හොර කච්චේරි කී තැනක ඇද්ද....? මේලහකටත් කී දෙනෙකුගෙන් නම් ලක්ෂ ගණනින් අරන් ඇද්ද...? මේ වැඩ වලින් පොලී මූදලාලිගේ අතමිට තවත් සරැවේවි...!!
මමත් මුද්‍රනාලයක් පවත්වාගෙන යනවා. ඔය මුල් පින්තූරෙ තියෙන්නෙ මැෂින් එකක් ලක්ෂ 12 - 15 ක් විතර වෙනවා. මේ වගේ අය හින්දා තමයි අපේ ව්‍යාපාර වලට හෙන වැදිලා තියෙන්නේ. (නි)
ඔය වගේ කාර්යාල රටේ හැමතැනම තියෙනවා. (නි)
ඒකනෙ කියන්නෙ ප්‍රසංග, පටන්ගන්නකො ඔයත් ඔය වැඩේ. මාර සල්ලියක් හම්බකරන්න පුළුවන්නේ... නැත්තං අපරාදේ ඔයාගේ මැෂිං එකට වියදං කරපු සල්ලි... (නි)