මැක්සි බාලසූරිය වසර 15ක පටන් ඉතාලි ෆිරෙන්සි නගරයේ පදිංචි වී සිටියි. 2009 වර්ෂයේ ඔහු සේවය කළ රථවාහන අලූත්වැඩියා කරන ස්ථානයේ හාම්පුතුන් විසින් කැරුණ බව කියූ ලොකු සොරකමකින් මැක්සි ෆිරෙන්සි පොලිසියට හසුකර දුන්නේය. අලූත්වැඩියාවට ගෙන එන බස් ලොරි කාර් ඇතුළු සෑම වාහනයකින්ම ඉන්ධන සොරකම් කිරීම කලක පටන් එහි සිටි ඉතාලි ජාතිකයින් විසින් කරන ලදැයි සොයාගත් පොලිසිය පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙළේය.
රැුකියාව අහිමි වූ මැක්සිට පොලිසිය මැදිහත්ව වෙනත් ස්ථානයක ස්ථීර රැුකියාවක් ලැබුණේය. වසර කිහිපයකට පසු නැවතත් ඔහුට රැුකියාව අහිමිව ඇත. ඒ මැක්සි සේවය කළ ස්ථානය ඉතාලියේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් වැසීයාම නිසාය. දරුවන් තිදෙනකුගේ පියකු වන මැක්සිත් ඔහුගේ බිරියත් අද අන්ත අසරණ වී සිටිති. ජීවත්වන නිවසේ කුලිය පවා ගෙවා ගැනීමට නොහැකි බැවින් එයින් ද ඉවත්ව යෑමට ඔවුන්ට සිදුවී ඇත. එහෙත් මෙවර ෆිරෙන්සි දිස්ත‍්‍රික් මුද්‍රිත මාධ්‍ය ඔවුන් වෙනුවෙන් පෙනී සිටියි. පසුගිය සතියේ එහි පළ වූ සෑම පුවත්පතකම මැක්සි හා ඔහුගේ දරු පවුල වෙනුවෙන් සුවිශේෂී ඉඩකඩක් දුන්නේය. තම වටිනා රැකියාව පවා කැප කරමින් ෆිරෙන්සි නගරයේ නම කැත කළ සොර කල්ලියක් කොටුකර දීමට ක‍්‍රියා කළ මේ අවංක ශ්‍රී ලාංකිකයාට හා ඔහුගේ දරු පවුලට පාරට බසින්නට ඉඩ දීම සාධාරණදැයි ෆිරෙන්සි පුවත්පත් නගර ප‍්‍රධානීන්ගෙන් විමසයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගලබඩ යුවල ගෙන්... ෆිරෙංසි ලාංකිකයිනි මැක්‌සි අවංක කෙනෙක්‌නම් ඉන්න තැනක් සොයා දෙන්න ඉදිරිපත් වන්න,කාරුණික ඉල්ලීමක්.......
බටහිරට අසාත්මික සමහරක් අපේ අයට මේව වහ කඩුරු,ඔව්න් හිතන් ඉන්නෙ ලංකාව තමා ලොකෙන් උතුම් රට කියල. අපේ රටෙ මෙහෙම දෙයක් වෙයි කියල හිතන්න පුලුවන්ද?
බලමු නේද අවංක මහත්තයාට, ඉතාලියේ ඉන්න කී දෙනෙක් අත දෙයිද කියල. මේ තමයි ොමිනිස්සු හඳුනගන්නට තියෙන නියම වෙලාව. මැකිසි මහත්තයෝ