ඉතාලියේ දකුණු කලාපිය තානාපති ජංගම සේවාව මැයි 30 සහ 31 දෙදින උදැසන 8.30 සිට බාරී ප්‍රදේශයේ පිහිටි දොන් වීතො දියානා, වියා දුකා දෙල්ලි අබ්රුස්සි හී පැවැත්වෙන බව රෝම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
අලුත් ගමන් බලපත් සහ තාවකාලික ගමන් බලපත් අයදුම් කිරීම්, නව උපත් ලියාපදිංචි කිරීම, පුරවැසි අයදුම් කිරීම් ,රියදුරු බලපත් අයදුම් කිරීම් සහ කොන්සියුලර් සේවයේ අනිකුත් ලිපි කටයුතු මෙදින සිදුවන බව තානාපති කාර්යාලය කියයි.
ඉතාලි ජනරජ දින නිවාඩුව නිසා තානාපති කාර්යාලය ජුනි දෙවැනිදා නිවාඩු බව තානාපති කාර්යාලයය සඳහන් කරයි. වැඩි විස්තර 06.8840801 හෝ 06. 8554560 දුරකතන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලිනුත් එකක් තිබ්බා නේද ? ඒක සාර්ථකද (නදී)