ඉතාලියේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකුට එරෙහිව පාර්නා නගරයේ සිංහලෙන් කැලෑ පත්තර ඇලවූ පුද්ගලයකුගේ තොරතුරු නගරයේ ආරක්ෂිත වීඩියෝ කැමරාවලින් සොයා ගත් කැරිබ්මේරි පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සොයයි.
පසුගිය 26 වැනිදා අලුයම 12.33ට ෆියට් පුන්තෝ මෝටර් රියකින් ආ පුද්ගලයකු එම කැලෑපත්තර අලවනු එම කැමරාවේ සටහන් වී තිබේ.
ඒ අනුව ඔහු කවුදැයි හදුනාගෙන ඇත.
එම පුද්ගලයා වෙන්නප්පුවෙන් ඉතාලි ගිය අයෙකියි කියති.
කැලෑපත්තර ගසා ඇත්තේ සිලෝන් කොපරතිවා නම් සංවිධානයකට එරෙහිවය. එහි ප්‍රධානියාද ශ්‍රී ලාංකිකයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්නප්පුවේ කෙසෙල් කැන් සහ කුකුලෝ අයිතිකාරයන්ට වෙලදාම් කරපු වෙළඳ මහතෙක් වගේ පෙනෙන්නේ.(නදී)
මෙන්න අපේ අය කරන වැඩ. ගිහිල්ලා ඉන්නේ මොකටද කියලා අමතක වෙලා (නි)
කොහේ ගියත් අපේ අයගේ ජන්ම ගතිය තමයි ඕක (දී)
මට හිතෙන්නේ අසාධාරනයක් වෙච්ච අහිංසකයෙක් කරපු වැඩක් මේක. (නි)
වෙන්නප්පුවේ අය අපේ රටේ නම කනවා. (නි)
බලූ නගුට මතක්වුනා.(නදී)
මම කියන්නේ බුදු හිමියන්ටත් හතුරෝ ඕනෑ තරම් හිටියා. (නි)
අනේ අපි කාට කාට තව තව කැලෑ පත්තර ගහයිද දන්නෙ නෑ.(නදී)
ඔය කොපරතීවා කාරයා ලංකාවේ මිනිස්සුන්ගෙන් වැඩ අරගෙන පඩි ගෙවන්නේ නෑ. පොලු රජෙක්.(නදී)
අම්මෝ ඔය කොපර්තිවා එක අයිති මනුස්සයා මිනිස්සුන්ගෙන් වැඩ අරන් පඩි ගෙවන්නේ නැහැ. ලෝක හොරෙක්.(නදී)
මේ වැඩපොලේ ලොක්කා ගැන බොහෝ දේ කිව හැකි වුනත් සටහන් නොකරමි.කවුරු වුනත් මිනිස් ශ්‍රමය සූරාකෑම ඉවසන්නේ නැහැ. (දී)
වෙන්නප්පුවේ මහත්මයෙක් නේද මෙය කරලා තියෙන්නේ. (අ)
කොච්චර උනත් කුඩල්ලන්ව මෙට්ටේ තියන්න බෑ.(නදී)
හරි වචනේ කැරබිනේරි. අම්මෝ ඔය අපේ ලංකාවේ මිනිස්සු අටවාගෙන ඉන්න සමිති වලට නම් යන්න එපා කිසිම හේතුවකට. ඒ මිනිස්සු ඒ සමිති හදන්නේ අපේම මිනිස්සුන්ට සේවය කරන්න කියලයි, ඒ වුනාට කරන්නේ අපේම මිනිස්සුන්ව සූරාගෙන කාලා එයාලා පොහොසත් වෙන එක. මේ කැලෑ පත්තර ගහන්න ඇත්තේ අර සංවිධානයෙන් අසාධාරණයක් කරපු නිසා වෙන්න ඕනා.(නදී)
අපේ ලංකාවේ අය බොහොම දක්ෂයි කැලෑ පත්තර ගහන්න පෙත්සන් ගහන්න. රට ගියත් ඒවා කරනවා. එයාගේ ගමත් හොඳ ලංකාවේ ප්‍රසිද්ද නගරයක්. අහන්න දෙයක් නැහැ.(නදී)
ඕවා කොන්ද පන නැති බාල වැඩ. ප්‍රශ්නය බේර ගන්න මුනට මුණ කතාකරලා දෙකින් එකක් බේරගන්න. නැත්නම් රටේ නම කැත වෙන්නේ. (නි)
වෙන්නප්පුවේ කොල්ලන්ගෙන් ගුටිකාපු අයතමයි මේ (දී)