ඉතාලියේ ඵක්සත් ජාතික පක්‍ෂ ශාඛා සමිති සමිමේලනය ඉතාලියේ මිලානෝ නුවරදි පැවැත්විණි. ඵහිදි නව නිළධාරින් පත්කර ගැනිමේදි තරමක් උද්වේගකාරි අවස්ථාවක් ඇති වු බව වාර්තාවිය. මිලානෝ ඵක්සත් ජාතික පක්‍ෂ කර්යාලයේ ප‍්‍රධාන නිළධාරියකු පැවැසුයේ කැඳවීම් කරුවෙක් පත්කිරිමට ඇතැමුන් යෝජනා කළත් තවත් පිරිසක් කියා සිටීයේ ඵක් පුද්ගලයෙකූ වටා බලය කේන්ද්‍රගත වනවාට වඩා කමිටුවක් පත්කිරිම සුදුසු බවයි. පසුව ඵක් ශාඛා සමිතියකින් දෙදෙනෙකූ කමිටුවට ඇතුලත් කිරිමෙන් බලයලත් කමිටුවක් පත් කිරිමට බහුතරය ඵකග විය. ප‍්‍රධාන සම්බන්ධීකාරක නිලධරයා වශයෙන් රොෂාන් ලෝ මහතා පත් කැර ගැණිනි. කමිටුවේ අඩක් ඵදින ද ඉතිරි පිරිස පසුව පත් කිරිමට ද යොජනා විය.


1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන අදහස් දාන ගොඩක් අය අවස්ථාවාදියෝ (නි)
මෙහෙමත් මෝඩයෝ..... (ස)
මට මේකට මොකුත් ලියන්න හිතෙන්නෙ නැහැ (නි)
නිමල්, ඔයා කොහොමද ගණන් හදන්නේ? (නි)
වෙන්නප්පුව ආසනයෙන් වැඩිම පිරිසක් ඉන්නේ ඉතාලියේ. එහෙත් ගොඩක් පවුල් පිටින් ඔවුන්ගෙන් සියට 90ක් එක්සත් ජාතික පාක්ෂිකයන්. ඒ වගේම ලංකාවේ අනිකුත් පළාත්වල අයත් වැඩි පිරිසක් ඉතාලියේ ඉන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්.ඉතින් මේ අය ඉතාලිය තුළ එකතුවීම වරදක්ද ? ලංකාවේ තියෙන වැඩිම පාක්ෂිකයන් ඉන්න තනි පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. (නි)
විදේශගතව සිටින අප සියලු දෙනා එක් වී අප විසින් මවුබිම වෙත යවන අපගේ විදේශ විනිමයේ ශක්තිය පෙන්වීමට එක්සත්ව නැගී සිටීමේ කාලයයි. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඔය හතරවන පින්තූරයේ ඉන්නේ කවුද? (නි)
විදේශගතව සිටින අප සියලු දෙනා එක් වී එක්සත්ව නැගී සිටීමේ කාලයයි. (නි)
අපිව රවට්ටනවාවද්ද දන්නෙ නැහැ නේද? (නි)
කෙරුවා කලක් ඔය දෙස්පාලනය ........ජරා අද වගෙ එදත් සමහරු ගහ ගත්ත ........මරා අටුවා ටිකා මොනවට කියනවද ....... හොරා දැන්වත් පිය නගමු නව ලෝකයක් .....කරා රාජිත ආවම ඔහුව අරන් හැම තැන ඇවිදිනවා මිලානො.....................ලෝ රෝහිත ආවත් අවිද්දන්නෙ ඔය මිලානො ඉන්නා ජෝ නෙ ............හලෝ දෙස් පාලනෙ ගැන කතා කිය කියා කවුරුත් පෙන්නයි අපටත් ...........ලෝ බේගල් බරටම පැලෙන්නෙ නැති එක පුදුමයි නොවැ මේ ලෙස ...පොලෝ (නු)
මූලු ලෝකයේම ඉන්නා කොටි ත්‍රස්තවාදීන් වන සහ නොවන දෙමළ ජාතීන් එකාමෙන් එකමූතූව නැගී සිටින විට අපේ සිංහල පිරිස් පමණක් මේ ආකාරයෙන් විදෙස් රටවලත් බෙදී සිටීම කණගාටූ විය යූතූ කරුණකි. ඇතැම් දෙමළ පිරිස් කොටින්ගේ ක්‍රියාකලාපයන් හෙලා දකින විට, සිංහලයින් නොයෙකූත් පාවාදීම් කරමින් පක්ෂ පාට බෙදීම් ඇතිකරගෙන වෛයිරයෙන් එකිනෙකා ගහ මරා ගනිති. සමස්ත ශ්‍රී ලාංකිකයන්ම එකට එකමූතූව අත්වැල් බැදගෙන දෙස් විදෙස් රඟන රෑකඩ පරාජය කිරීමට සිංහල ජාතියක් වශයෙන් සැවොම එකා මෙන් නැගී සිටිය යූතූ කාලයයි මේ. (නි)
කරුනා කරල අපිට සෑනසීමෙන් ඉතාලියෙ ඉන්න එක නෑති කරන්න එපා ඕව ලංකාවට ගිහිල්ල කරගන්න....(නු)
මෙක තිබුණේ මොන ස්ථානයකද? (නි)
ලාල් ගලබඩ අපේ මිනිස්සුන්ට ගිය කලක් ඇත්තටම, ලංකාවෙත් මිනිස්සු බෙදිලා භේධ බින්න වෙලා.අඩු ගානේ විදෙස් රටකින්වත් ඇවිත් මේ ජරා දේශපාලනය මදකට නතර කරන්න බැරි හැටි.ශ්‍රී ලාංකිකයෝ වගේ සැවොම එකතුවී ඉන්න ඕන වෙලාවක් මේක.දැන් ඇති බෙදුනා,පක්ෂ දේශපාලනය මෙහෙන් අතුගා දමන්න.එකමුතුකම වර්ධනය කරමු,ස්තුතියි. (ස)
අනේ මන්දා ඕවා (නි)
සමහර අය දේශපාලනය යනු කුමක්ද කියලවත් දන්නේ නැහැ (නි)
බලන්නකෝ වැඩ (නි)
දැන් ඉතිං දිනයි. (නි)
එහේවත් එකමුතුව හරියට වැඩක් කරගන්න බැරිද? (නි)
එතකොට අනෙක් පක්ෂවල සමුළු තියන්නේ කොයි කොයි රටවලද? (නි)
මේ අයගේ මේවා ලංකාවේවත් තියාගන්න බැරුව ඉතාලියේ තියන්න යනවා. (නි)
කට්ටිය නායකතුමාව හරියට අනුගමනය කරලා තියෙනවා. නිලධාරීන් ටික පත්කරගෙනත් නැහැනෙ. ඵ් ටික පත්කරන විට 2025 වත් වෙයි.හනික යමුකෝ. (නි)
පක්ෂ දේශපාලනය නිසා මිනිස්සු බෙදෙන්නේ ගහගන්නේ මරාගන්නේ තුන්වන ලෝකයේ රටවල. හරියට ප්‍රජාතන්ත්‍ර වාදය රකිනවානම් එහෙම වෙන්නේ නෑ. ක්‍රමයේ වරද නොව අපේ වරදයි. දේශපාලනය මතවාදයට පමණක් සිමාකරමු.(නු)
අනේ ලාල් මෙහෙත් ඔහොම තමයි .කොහේ හිටියත් මිනිස් ගතිය වෙනස් වෙන්නේ නැහැයි කියවනෙ කතාවටත්. (අ)
ලාල් ඔබගේ අදහස ඉතා ප්‍රයෝගිකය්. පිටරටකටවත් ඇවිත් මේ පක්ෂ දේශපාලනයෙන් ඇත්වී ඉන්නබරි හැටි. අපේ අය බලන්නේ කොහොම හරි බෙදීමක් ඇති කරගන්න. එක්කෝ ජාතිය නැතිනම් කුලය.එහෙමත් නැතිනම් අපි දකුණේ,මීගමුවේ ආදී වශයෙන් පළාත් ලෙස බෙදෙනවා. අනික මේ අය කරන්න ඕන එරටේ දේශපාලන පක්ෂයකට බැදී තමාට තිබෙන ප්‍රශ්නවලට විසදුම් හොයා ගැනිමය්. දැන් තවත් ලංකාවේ දේශපාලන පක්ෂයක අය සමිතියක් පිහිටෙව්වහම එකම නගරේ ඉන්න සුළු පිරිස දෙකඩ වෙනවා. පන්සලට ගියත් තරගෙට තමය් පින්කම් කරන්නේ.හාමුදුරුවන්වත් මේවට ගාවගන්නවා.පක්ෂ දේශපාලනයක් නැතිව හැමෝම එකතුවෙලා ලංකාවේ ඉන්න දුප්පත් පවුලකට උදව්කරන්නකෝ. මේ වර්තවෙන්ම පේනවා එකම පක්ෂයේ අය අතරවත් සමගියක් නැතිබව.(නු)