(සුජිත් හේවාජුලිගේ )
මෙරට ඉතිරිවී ඇති ෆයිසර් එන්නත් ලක්ෂ හයක තොගය මියන්මාරයට ලබාදී ඒ වෙනුවෙන් එරටින් සහල් ලබාගැනීමට රජයේ අවධානය යොමුවී ඇත.
මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් සේවා අධ්‍යක්ෂ සහ ඖෂධ ආධාර පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම එන්නත් තොගය බාරගැනීමට මියන්මාරය කැමැත්ත පළ කර ඇති බවයි.
මෙම ෆයිසර් එන්නත් තොගය තව මාස කිහිපයකින් කල් ඉකුත් වීමට නියමිතය.
මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් විදේශයන්ගෙන් ඩොලර් මිලියන 15ක ආධාර දැනටමත් ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය පොදු ගිණුමටද ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක් පසුගිය සතියේ දී ලබා දුන් බව පැවසූ අන්වර් හම්දානි මහතා ඕමානය කටාර්, ඩුබායි යන රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද කොරියාව ඉතාලිය කැනඩාව යන රටවල ශ්‍රී ලාංකික නායක ස්වාමීන් වහන්සේලාද ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා ගැනීමට උදව් කරමින් සිටින බව ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්. තවද මේ මොහොතේ රට තුල පවතින සහල් ඒකාධිකාරය සහ ව්‍යාපාරික මාෆියාව බිඳදැමීම පිණිස සහල් ආනයනය කොට ජනතාවට සහනයක් සැලසීමට බලධාරීන් පියවර ගත යුතුයි...
අම්මෝ ඒ දවස්වල කට්ටි, අපිට ෆයිසර්ම ඕනෑ කියලා මැරෙන්න ගියා.. දැන් දුන්නත් ගන්නෑ...!
පව් දෙයියනේ රටකට වුණු විපතක්. වුණා නෙවෙයි හිතාමතාම රට විනාශ කළා..
දූෂණය, වංචාව මෝඩ තකතීරු කලමනාකාරීත්වය, උද්දච්ඡකම, සියල්ලදත් ලොකු මෝඩකතාවල ප්‍රතිඵලය ලක්ෂ 220ක් ජනතාව අන්ත අසරන ආහාර හිඟයකට ආර්ථික හා සමාජ පරිහානියකටද පත්කර ඇත.
අනේ අපිට වෙච්චි දෙයක්. විලි ලැජ්ජයි මෙහෙම හිඟන තත්වෙට වැටිච්ච රටක් ලෝකේ කොහෙවත් නැතිව ඇති. මේවාට වගකිවයුත්තෝ සුවසේ වෙසේ... හැම පාලකයෙක්ම බැලුවේ තමන්ගේ පාලන කාලය ගෙවල දාන්නයි. රටේ අනාගතයක් ගැන හිතුවේම නෑ. 6 පාරක් අගමැති වෙලා ඉඳලා රටට මොනවද කලේ? කරපු දේවල් වල විපාක තමයි මේ. දැන් රට ගොඩගන්න ඇවිත් තවත් රට කනවා. ඔක්කොම විකුණලා විකුණලා කනවා. ඔය 225ම මේවාට වගකියන්න වෙන දවසක් එයි. එතෙක් ඉවසමු. මේ මිනිස්සු දුක් විඳින්නේ ඒ මිනිස්සු කරපු වරදකට නෙමෙයි දෙවියනේ...!
එහෙම ගන්න පුළුවන් නම් ලංකාවේ තේ දීලා රුසියාවෙන් බොරතෙල් ගනිල්ලා... එතකොට සපුගස්කන්දේ පිරිපහදුව වහන්න වෙන්නේ නැහැ පිරිපහදුවේ සේවක ප්‍රශ්නය විසඳේවි රටේ ඉන්ධන ප්‍රශ්නය විසඳේවි...., ගොවීන්ට ඔවුන්ගේ යන්ත්‍රෝපකරණ වැඩට යොදන්න හැකිවේවි... නුවනැත්තෝ රජ සබයේ සිටී නම් කල්පනාවට ගනියි කියලා හිතෙනවා...