දිවි නැගුම මගින් රජයේ මහජන මුදල් කෝටි ගණනින් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින ආර්ථික කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් දොස්තර නිහාල් ජයතිලක, දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.කේ.රණවක හා අධ්‍යක්ෂ බන්දුල තිලකසිරි ඇප ඉල්ලා කොළඹ මහාධිකරණයට අද (1) පෙත්සම් ඉදිරිපත් කළහ.
ඔවුනට ඇප ප්‍රතික්ෂේප කරමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කිරීම ඉවත් කර ඇප දෙන්නැයි ඉල්ලමින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම වෘතීය පාවාදුන් ඔබ රටේ අනාගත පරපුරට, තම දරුවන්ට දුන් ආදර්ශය ඉතාම පිළිකුල් සහගතයි. අනාගතයේ මෙවැනි දේවල් නොවන්නට, ඔබ සිටිය යුත්තේ සිපිරි ගෙයිම තමයි (නදී)
දොස්තර නිහාල් ජයතිලක වැදගත් අවංක නිළධාරියෙක්.ඔහු මෙම සිද්ධියට පැටළෙන්න ඇත්තේ එකල සිටි බලවත් දේශපාලඥයින්ගේ දැඩි බලපෑම නිසා වෙන්න ඇති. කෙසේවෙතත් ඉදිරියේදී සියළු රාජ්‍ය නිළධාරීන් දේශපාලනඥයින්ගෙන් ඇඟ බේරාගෙන වැඩ කිරීමට මෙවැනි සිද්ධීන් පාඩමක් කොට ගතයුතුයි. (නි)
යහපාල ළිඳ ඇතුළේ ඉඳගෙන එහි දකින දේ පමණක් ඔහේ කියවනවා.අපි ඉන්නේ අවට ලෝකයේ නිසා ඔහුට දකින්න නොහැකි බොහෝ දේ දකිනවා (නි)