IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඉංජිනේරුවා බේරා ගන්න කෝටි 67ක් දීලා

නයිජීරියාවේ දී කප්පම් කල්ලියක් විසින් පැහැර ගැනුණු සිවිල් ඉංජිනේරු ඩී ඒ කරුණාදාස මහතා වේයන්ගොඩ මොට්ටුන්නේ නිවසට පැමිණි අවස්ථාවේ පවුලේ උදවිය ඔහු සිප වැළැඳගෙන සතුටු කඳුළු හෙළුහ.

ඔහුගේ මස්සිනා වන ඩබ්ලිව් එල් ඇම් චන්ද්‍රදාස මහතා කීවේ මේ සිද්ධිය මුලින් වාර්තා කළ ලංකාදීපයට ස්තුති වන්ත වන බවයි.

කරුණාදාස මහතා වෙනුවෙන් ඔහුගේ හාම්පුතා වන ඉතාලි සමාගම නයිජීරියා ත්‍රස්තයන්ට කප්පම් ගෙවා ඇතත් කරුණාදාස මහතා ඒ ගැන කිසිත් නොකියයි.

නයිජීරියාවේ  ආරංචි අනුව ඇමෙරිකා ඩොලර් ලක්ෂ පහක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් හැට හත් කෝටි පනස් ලක්ෂයක් (නයිජීරියාවේ නයිරා ලක්ෂ 9950.00) ගෙවා ඇත.

කරුණාදාස මහතා ඉතාලි සමාගමේ සිවිල් ඉංජිනේරුවකු ලෙස නයිජීරියාවේ මහා මාර්ග ඉදි කිරීමේ ප්‍රධාන ඉංජිනේරුවෙක් විය.

තම ඉල්ලා අස්වීම ඉතාලි සමාගම අකමැත්තෙන් බාර ගත් බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක නැවත එන ලෙස දැනුම් දුන් බවත් ඉංජිනේරුවා කියයි.

 



අදහස් (0)

ඉංජිනේරුවා බේරා ගන්න කෝටි 67ක් දීලා

සරණ Friday, 05 June 2015 09:30 PM

මගේ සේවය මෙරටටද? පිටරටටද? (නි)

:       0       0

පෙරේරා Friday, 05 June 2015 10:05 PM

අර සමහර පාක්ෂිකයන් ළඟ නම් ඔය මුදල සාක්කුවෙත් ඇති නේද? (නි)

:       0       0

ලුසේනා Friday, 05 June 2015 09:35 AM

යහපානනේ පාලකයෝ මේ ගැන ස්ථිති කලොත් හොදයි නේද. නැත්නම් කවදාවත් මේ වගේ මුදලක් රජයෙන් යවයිද ? (ම)

:       0       0

බුද්ධික Friday, 05 June 2015 11:56 PM

ඔහු වාසනාවන්තයෙක් (නි)

:       0       0

ප්‍රේම් Friday, 05 June 2015 10:09 AM

මොකද මේ "යහපාලනේ පාලකයෝ" කියන්නේ ...? ඒගොල්ලෝ ගැන පොඩි ඊර්ෂියාවක් තියෙනවා වගේ. ඒවා හොඳ නැ කොල්ලෝ! (ම)

:       0       0

සෑම් Friday, 05 June 2015 10:24 AM

කප්පම් ගෙවා මිනිසුන් නිදහස්කර ගත්තාම, කප්පම් ගෙවූ බව හෝ ගෙව්ව මුදල හෝ ප්‍රසිද්ධ කරන්නේ නැහැ. කප්පම් ගැනීම සේම කප්පම් ගෙවීමත් වරදක්. නීතිය එහෙම වුණාට සමහර රජයන් පවා කප්පම් ගෙවා තම පුරවැසියන් නිදහස් කර ගත් අවස්ථා තියනවා. (ම)

:       0       0

උපජීව Friday, 05 June 2015 10:44 AM

මේක ලංකාවේ වුණා නම් නියමෙටම තියෙයි එහෙනම් (නි)

:       0       0

අබේරත්න Saturday, 06 June 2015 01:08 AM

කොහොමහරි කමක් නැහැ, ලංකාවට එන්න ලැබුණ එකම ඇති (නි)

:       0       0

අජිත් Friday, 05 June 2015 11:10 AM

අපේ රටේ වුණා නම් මොනවා වෙයිද? (නි)

:       0       0

සුමේධ Saturday, 06 June 2015 02:24 AM

සුදෙල්මි,මේක යහපාලනය හින්දා වුණ දෙයක් නෙමෙයි. මේ මහත්තයා බේරුනේ එයා සේවයකළ සමාගම තම යුතුකම ඉටුකරමින් කප්පම් මුදල ගෙවූ නිසයි (නි)

:       0       0

යසිත් Saturday, 06 June 2015 03:02 AM

පේනවා නේද මිනිස් ජීවිත වලට මිලක් නියමවෙන හැටි? (නි)

:       0       0

රුචිර Saturday, 06 June 2015 04:37 AM

ඔහුගේ ජීවිතය මිලකළ නොහැකියි (නි)

:       0       0

විකී Friday, 05 June 2015 12:29 PM

කොහොමහරි කමක් නැහැ,බේරුනානේ! (නි)

:       0       0

සුදෙල්මි Friday, 05 June 2015 12:33 PM

යහපාලනය මේකට අදාළ නැති වුණාට රටක හොද විදේශ සේවාවක් තිබීම රටේ පුරවැසියන්ට රිසානාට වගේ මිදෙන්න නොදීමට එක හේතුවක්. මේ වගේ රටවල නායකයෝ තමා පසුගිය කාලේ අපේ රටට ආවේ (නි)

:       0       0

ටිරෝන් Friday, 05 June 2015 12:39 PM

ඒත් කමක් නැහැ. මුදලට වඩා ජීවිතය වටිනවා (නි)

:       0       0

ඉරන්ත Saturday, 06 June 2015 05:14 AM

මෙච්චර ගාණක්?? (නි)

:       0       0

ටූආන් Friday, 05 June 2015 01:37 PM

සල්ලි නෙමෙයි වටින්නේ ජීවිතය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site