නයිජීරියාවේ දී කප්පම් කල්ලියක් විසින් පැහැර ගැනුණු සිවිල් ඉංජිනේරු ඩී ඒ කරුණාදාස මහතා වේයන්ගොඩ මොට්ටුන්නේ නිවසට පැමිණි අවස්ථාවේ පවුලේ උදවිය ඔහු සිප වැළැඳගෙන සතුටු කඳුළු හෙළුහ.
ඔහුගේ මස්සිනා වන ඩබ්ලිව් එල් ඇම් චන්ද්‍රදාස මහතා කීවේ මේ සිද්ධිය මුලින් වාර්තා කළ ලංකාදීපයට ස්තුති වන්ත වන බවයි.
කරුණාදාස මහතා වෙනුවෙන් ඔහුගේ හාම්පුතා වන ඉතාලි සමාගම නයිජීරියා ත්‍රස්තයන්ට කප්පම් ගෙවා ඇතත් කරුණාදාස මහතා ඒ ගැන කිසිත් නොකියයි.
නයිජීරියාවේ ආරංචි අනුව ඇමෙරිකා ඩොලර් ලක්ෂ පහක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් හැට හත් කෝටි පනස් ලක්ෂයක් (නයිජීරියාවේ නයිරා ලක්ෂ 9950.00) ගෙවා ඇත.
කරුණාදාස මහතා ඉතාලි සමාගමේ සිවිල් ඉංජිනේරුවකු ලෙස නයිජීරියාවේ මහා මාර්ග ඉදි කිරීමේ ප්‍රධාන ඉංජිනේරුවෙක් විය.
තම ඉල්ලා අස්වීම ඉතාලි සමාගම අකමැත්තෙන් බාර ගත් බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක නැවත එන ලෙස දැනුම් දුන් බවත් ඉංජිනේරුවා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සේවය මෙරටටද? පිටරටටද? (නි)
අර සමහර පාක්ෂිකයන් ළඟ නම් ඔය මුදල සාක්කුවෙත් ඇති නේද? (නි)
යහපානනේ පාලකයෝ මේ ගැන ස්ථිති කලොත් හොදයි නේද. නැත්නම් කවදාවත් මේ වගේ මුදලක් රජයෙන් යවයිද ? (ම)
ඔහු වාසනාවන්තයෙක් (නි)
මොකද මේ "යහපාලනේ පාලකයෝ" කියන්නේ ...? ඒගොල්ලෝ ගැන පොඩි ඊර්ෂියාවක් තියෙනවා වගේ. ඒවා හොඳ නැ කොල්ලෝ! (ම)
කප්පම් ගෙවා මිනිසුන් නිදහස්කර ගත්තාම, කප්පම් ගෙවූ බව හෝ ගෙව්ව මුදල හෝ ප්‍රසිද්ධ කරන්නේ නැහැ. කප්පම් ගැනීම සේම කප්පම් ගෙවීමත් වරදක්. නීතිය එහෙම වුණාට සමහර රජයන් පවා කප්පම් ගෙවා තම පුරවැසියන් නිදහස් කර ගත් අවස්ථා තියනවා. (ම)
මේක ලංකාවේ වුණා නම් නියමෙටම තියෙයි එහෙනම් (නි)
කොහොමහරි කමක් නැහැ, ලංකාවට එන්න ලැබුණ එකම ඇති (නි)
අපේ රටේ වුණා නම් මොනවා වෙයිද? (නි)
සුදෙල්මි,මේක යහපාලනය හින්දා වුණ දෙයක් නෙමෙයි. මේ මහත්තයා බේරුනේ එයා සේවයකළ සමාගම තම යුතුකම ඉටුකරමින් කප්පම් මුදල ගෙවූ නිසයි (නි)
පේනවා නේද මිනිස් ජීවිත වලට මිලක් නියමවෙන හැටි? (නි)
ඔහුගේ ජීවිතය මිලකළ නොහැකියි (නි)
කොහොමහරි කමක් නැහැ,බේරුනානේ! (නි)
යහපාලනය මේකට අදාළ නැති වුණාට රටක හොද විදේශ සේවාවක් තිබීම රටේ පුරවැසියන්ට රිසානාට වගේ මිදෙන්න නොදීමට එක හේතුවක්. මේ වගේ රටවල නායකයෝ තමා පසුගිය කාලේ අපේ රටට ආවේ (නි)
ඒත් කමක් නැහැ. මුදලට වඩා ජීවිතය වටිනවා (නි)
මෙච්චර ගාණක්?? (නි)
සල්ලි නෙමෙයි වටින්නේ ජීවිතය (නි)