නයිජීරියාවේ කප්පම් කල්ලියක් විසින් පැහැර ගැනුණු ලාංකික ඉංජිනේරුවා බේරා ගත් ආකාරය ගැන නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය කිසිවක් නොකියයි.
ඔහු බේරා ගැනීමට ඔහු සේවය කළ ඉතාලි සමාගම මුල් වූ බව තානාපති ආරංචි පවසයි.
දැනගන්නට ඇති විදියට කප්පමේ කොටසක් හෝ දෙන්නට ඇතැයි ද, ඉතාලි සමාගම ඔහු මුදා ගැනීමට වෙහෙසී ඇතැයි ද කියති.
කරුණාදාස නම් ඉංජිනේරුවරයා පසුගිය 18 වැනි දා පැහැර ගැනුණේ ඉතාලි සමාගමේ නයිජීරියා වැඩ බිමට යන අතර තුරේය. ඔහුගේ ආරක්ෂාවට සිටි නයිජීරියා පොලිස් භටයා වෙඩි තබා මරා ඔහුගේ රියදුරාට ද වෙඩි තබා ඔහු පැහැරගෙන ගොස් මහා කැළයේ රඳවාගෙන සිටි බව කියති.
රඳවා ගත් දවසේ සිට නිතරම වේයන්ගොඩ ඔහුගේ බිරියට දුරකතනයෙන් කතා කළ නමුත් පසුගිය දින කිහිපයේ ඔහු දුරකතනයෙන් කතා නොකළ බව ද දැනගන්නට ඇත.
නයිජීරියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඒ එල් රත්නපාල මහතා ද මොහු බේරා ගැනීමට මහ මෙහෙවරක් කළ බව නයිජීරියා ආරංචි කියයි.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාද බදාදා (27) ඉංජිනේරුවා මුදාහැර ඇති බව පැවසීය.
නයිජීරියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මේ ගැන කරුණාදාස මහතාගේ ඥාතීන්ට දැනුම් දුන් බවද අජිත් පී. පෙරේරා මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මව්බිමට සේවය කරන්න කවුද රස්සාවක් දෙන්නේ? (ත)
නානායක්කාර, මේ වෘත්තිකයා උපයන මුදල් යවන්නේ ස්වාසිලන්තයට නොවේ, ලංකාවටමයි. අද ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය විදෙස් ශ්‍රමිකයින්. (බ)
නානායක්කාර වගේ මෝඩයෝ හින්ද තමයිලංකාවේ හොර දේශපාලඥයෝ රජ කරන්නේ. (බ)
නානායක්කාර අපේ රටේ ප්‍රධාන ආදායමක් අපි පිට රට වැඩ කරලා එවන මුදල් තණ්හාවකට අපි පිට රට වැඩ කරන්නේ නැහැ වැඩි මුදලක් උපයලා ඉක්මනින් ලංකාව එන්න තමා කාගේත් උනන්දුව ලංකාව වගේ රත්තරන් රටක් දාල මොන මිනිහද කැමති පිටරට ඉන්න ,කටුනායකින් එක වරක් වත් ගිහිල්ල තිබුන නම් තේරවි (ම)
මගේ මහත්මය ප්‍රධාන නාවික ඉංගිනේරු හැටියට රුපියල් ලක්ෂ 15ක් පමණ මාසික වැටුපක් ලබනවා වරක් ලංකා බැංකු කළමනාකරුට ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඔහුට කතා කරන්න අවශ්‍ය වුනත් මුහුද මැද නිසා අපහසු වුන වෙලාවේ මට කීව මේ මිනිස්සු මොනට මේවයේ රස්සාවට යනවද මන්ද කියල. එවිට මන් කිව්වා ඔගොල්ලන්ටත් පඩි ගෙවන්නේ මේ වගේ මිනිස්සු එවන මුදල් නිසා තමයි කිව්වම මගේ වැඩෙත් නොකර අතහැරිය. (බ)
හැමෝම විදේශ විනිමය ගෙන්න රට යන්න හැදුවොත් රටට යන කල දසාව කුමක්ද? (ම)
හැමෝම විදේශ විනිමය ගේන්න ගියොත් රට සුඛිත මුදිත වෙනවා දුමින්දයානෝ...(ම)
දුමින්ද, හැමෝම නෙමේ, හොඳට ඉගෙන ගත්තු බුද්ධිමත් අයට තමා විදේශ රටවල ලොකු වැටුපක් සමඟ වැදගත් රැකියා ලැබෙන්නේ. (ම)
සමහරුන්ගේ බුද්ධිය අදහස්වලින් පේනවා,,හැමෝම රට ගිහින් සල්ලි එවුවත් දුමින්දල,නානායක්කාරල වගෙ හිතන අය ඉන්නකන් රටේ කලදාස වෙන්ස් වෙන්නෙ නෑ..(ම)
නිමාලි මහත්මිය ඔය වගේ දේවල් වෙන්නේ මිනිස්සුන්ගේ නොදන්නකමත් උඩඟු කමත් නිසා. ඒ කෙසේ වෙතත් ඔහුව බේරාගැනීමට කට යුතු කළ සැමටම ස්තුති කළ යුතුයි (ම)
නානායක්කාර මිදී කඩාගන්න බැරි වෙච්ච නරිය වගේ (බ)
හරි පුද්ගලයා හරි තැන තිබ්බාම සියල්ල හරි විදියට කෙරෙනවා, කෙසේ හෝ මොහු බේරගත්තට ඔවුන් සියලු දෙනාටම ස්තුති.(ම)
මුදල් තණ්හාව අතහැර මව්බිමට සේවය කරන්න (බ)