ඊඊජී තාක්‍ෂණය උපයෝගී කරගෙන මනසින් පාලනය කරන රොබෝවකු නිපදවීමට විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්‍ෂණ පීඨයේ මෙකාට්‍රොනික්ස් ඉංජිනේරු අංශයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවකු බි‍්‍රටෝ පවර් නමින් රොබෝවන් නිපදවීමට රඛිත බි‍්‍රටෝ සිසුවා සමත්වී ඇත.
ලොව ඕනෑම තැනක සිට පාලනය කළ හැකි, සිංහල බසට සංවේදී, බහු පාද සහ සතුන්ගේ අංග ලක්‍ෂණ අනුව ක‍්‍රියාකරන රොබෝවන්, අන්ධ පුද්ගලයන්ට ගමනා ගමනයේදී ඇති බාධක හඳුනාගැනීමේ කෘත‍්‍රිම සංවේදක අඩංගු හිස්වැසුමක්, පොල්ගස් නැඟීමට උකරණයක්, ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ ‘ස්මෝක් ඩිටෙක්ටර්’ බිම සිට ගලවා නැවත සවි කිරීමේ යන්ත‍්‍රයක් ‘රෝලර් ගයිඩඩ් ප්ලාස්ටික් කටර්’ යන්ත‍්‍රයක්, දත් බුරුසුවලින් වීදුරු පිස දැමීමේ යන්ත‍්‍රයක් සහ ආබාධිත සුනඛයකුට අත්වැලක් වියහැකි උපකරණයක් නිපදවීම මීට පෙර ඔහුගේ නිපැයුම් අතර වේ.
ඊඊජී යනු මොළයේ ඇති නියුරෝන උද්දීපනයවීමෙන් මොළයේ පිටත සිවියෙන් ඇතිකරන සියුම් ඉලෙක්ට්‍රෝනික වෝල්ටීයතාව, ශීර්ෂ චර්මය මතදී පටිගත කරගන්නා උපකරණයි. අප කොපමණ අවධානයකින්, කල්පනාවකින් හෝ භාවනාකින් සිටියාද යන්න එයින් කියවෙනවා.
මෙම උපකරණයේ සංවේදක ලෙස යකඩ පතුරු දෙකක් හිසට සහ නලළට සම්බන්ධ වෙනවා.
‘අපගේ සිතුවිලිවල විද්‍යුත් චුම්භක ඝනත්වය 40% දක්වා පහළ අගයක පැවැතිය හොත් රොබෝවා කිසිඳු චලනයක් සිදු නොකරන අතර සංඥ බල්බය රතු පැහැයෙන් දිස්වෙනවා. අපගේ සිතුවිලිවල ඝනත්වය 60% වඩා වැඩිවුව හොත් රොබෝවා ක‍්‍රියාකරන අතර සංඥ බල්බය දම්පැහැයෙන් දිස්වෙනවා.
රොබෝවා හා ඊඊජී උපකරණය අතර සංවේදනය බ්ලූටූත් හරහා සිදුකෙරනවා. ඊඊජී හා රොබෝවා අතර සංවේදනය ආරම්භ වූයේද යන්න රොබෝවා තුළ ඇති බල්බය නිල් පැහැයට හැරීමෙන් හඳුනාගත හැකි වෙනවා. ප‍්‍රධාන බල්බය කොළ පැහැයට හැරීමෙන් රොබෝවා ක‍්‍රියාකිරීමට සූදානම් බව ඇඟවෙනවා. මොළය හා රොබෝවා අතර සංවේදනය ඉහළ මට්ටමක ඇති විට රොබෝවාගේ ප‍්‍රධාන බල්බය දම් හෝ නිල් පැහැයෙන් දිස්වෙන අතර රොබෝවා ගමන් කිරීමට පටන් ගනී. ඉදිරියේදී මෙය තවත් වැඩි දියුණු කිරීම මඟින් ආබාධිත පුද්ගලයන්ට හා ගෙදර දොරේ සහ කාර්යාලයීය වැඩ කටයුතු පහසු කර ගැනීම අරමුණක් වෙනවා. එවිට අප සිතන සෑම දෙයක්ම ක්ෂණිකව සිදුකිරීමට හැකි වෙනවා. උදාහරණයක් ලෙස රූපවාහිනයේ චැනල් මාරු කිරීම, රොබෝවරු අපට අවශ්‍ය දෑ සාදාදීම වැනි දෑ පෙන්වා දෙන්න පුළුවන්. ඉදිරියේදී මෙවැනි නිර්මාණ හඳුන්වා දෙමින් ලංකාවට සේවයක් කිරීමට මා බලාපොරොත්තු වෙනවා’



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිවිශිෂ්ට නිර්මාණයක්.රට ලොව ජය ගැනීමට ඔබට හැකියාව ලැබේවා! (නි)
රඛිත බ්‍රිටෝ, අප සැමට ඔබව ආඩම්බරයකි. ඔබේ ඉදිරි ගමනට අපි ආශීර්වාද කරමු. (නි)
සුපිරි වැඩක් !! තව තව නව නිපැයුම් නිර්මාණය කිරීමට ඔබට ශක්තිය ලැබේවා ! දිගටම මෙය සංවර්ධනය කරමු, ඔබට ජය! (බ)
සුපිරිම වැඩක්. දිගටම මේ වගේ වැඩ කරමු......ජය. (බ)
සුපිරිම අදහසක්.මේක ගොඩක් වටිනා කියන වෑඩක්.ඔයාට ජය. (ම)
ඉතාම අනර්ඝ නවෝත්පාදනයක් රඛිත අයියා.. සුබ පැතුම්..!!! ඊළඟ නිර්මාණය බිහිවනකම් අපි බලාගෙන ඉන්නවා..(හේ)
ඔබට සුභ පැතුම්. නව නිර්මාණ හරහා රටට කීර්තියක් අත්කර දීමට ඔබට තව තවත් ශක්තිය ලැබේවා. (බ)
ඉතාමත් අනර්ඝයි අයියයේ.. සුබ පැතුම්..!!! ! ඉස්සරහටත් මේ වගේ අලුත් දේවල් කරන්න...(බ)
සුබ පැතුම්! (නි)
රකිත, මේක නම් නියමයි.සුබ පැතුම්! ඉස්සරහටත් මේ වගේ අලුත් දේවල් කරන්න අපෙන් සුබ පැතුම්! (නි)