(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මෙරට ධාවනයට තහනම්,ලියාපදිංචි නොකළ අධි බල යතුරුපැදියක් මිලදීගෙන වෑන් රථයක පටවාගෙන අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන යාමට  පැමිණි  පුද්ගලයන් දෙදෙනකු සමග වෑන් රථයද  ගැලනිගම අධිවේගී  පිවිසුමේදී  අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි 

අත්අඩංගුවට පත් වූවන් අතර වෑන් රථ රියැදුරා ද වන බව පොලිසිය කියයි 

ගැලණිගම අන්තර්  හුවමාරු මධ්‍යස්ථාන පිවිසුමෙන් කොළඹ දෙසට යාමට පැමිණි වෑන් රථය පරික්ෂා කිරීමේදී අධිවේගී රථවාහන පොලිසියේ නිලධාරීන්ට යතුරුපැදිය දැකගත හැකි වී තිබූ බව පොලිසිය කියයි 

යතුරු පැදිය සහ එහි සිටි පුද්ගලයන් දෙදෙනා සමඟ බණ්ඩාරගම පොලීසියට භාරදීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී  මූණුපොතෙන් දැන  හඳුනා ගත් පුද්ගලයකු ගෙන් රුපියල් 6 ලක්ෂ 80ක මුදලකට බණ්ඩාරගම නගරය ආසන්නයේ ස්ථානයකදී යතුරුපැදිය මුදල් ලබාදී මිලදී ගත් බවත් සැකකරුවන් දෙදෙනා  පොලිසියට ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය 

එම ගනුදෙනුව සඳහා කිසිදු ලිපි ලේඛනයක් හුවමාරු කර නොගත් බවත් යතුරුපැදිය විකුණූ පුද්ගලයන් පිළිබඳව කිසිදු තොරතුරක් නොදන්නා බවත් යතුරු පැදිය රැගෙන පුද්ගලයන් සිව් දෙනකු පැමිණ සිටි බවත් සැකකරුවන් ප්‍රකාශ කළ බව පොලිසිය කියයි 

මුව ආවරණ පැළඳ සිටීමේ කිසිවකු  හඳුනාගත නොහැකි බවත් එම සැකකරුවන් දෙදෙනා සිදුකළ ප්‍රකාශය වැඩිදුරටත් සඳහන් වේ 

රේස් පැදීමට ආශාව හේතුවෙන් මෙම යතුරුපැදි මිලදී ගත් බව යතුරු පැදියේ ගැණුම්කරු පොලිසියට සිදු කළ ප්‍රකාශයක වැඩිදුරටත් සඳහන් වේ 

රුපියල් 7,500 ක පොරොන්දු මත කුලී ගමනක් පැමිණි බව වෑන් රථ රියැදුරු සිදු කළ ප්‍රකාශයක වැඩිදුරටත් සඳහන් වේ

පාණදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත  සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ආර් ඒ ගුණසේකර ,රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රරත්න මහත්වරු  පරීක්ෂණ පවත්වයි