(අංජුල මහික වීරරත්න)
ඉංග්‍රීසි ගුරුවරුන් 2500 ක් අලුතින් බඳවා ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුවේ දී පැවසීය.
හදිසි අවශ්‍යතාවය සලකා බලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්විය හැකි සුදුසුකම්ලත් විශ්‍රාමික ගුරුවරුන් 1,000ක් වසර තුනක කොන්ත්‍රාත් කාලයක් සඳහා කඩිනමින් බඳවා ගැනීමටද ඒ අතර තුර විවෘත තරඟ විභාගයක් මඟින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය හැකි උපාධිධාරීන් 1,100ක් අදියර වශයෙන් බඳවා ගැනීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය දෙන පාසල් සංඛ්‍යාව 1,000 දක්වා වැඩි කරන ලෙස දැනුම් දුන් ජනාධිපතිවරයා 2025 වසර වන විට අවම වශයෙන් සිසුන් 200,000ක් සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබා ගැනීමට පහසුකම් සැලසීම තම අරමුණු බව සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේදී මෙම අමාත්‍ය මණ්ඩල කමිටුව රැස්විය.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහත්වරුන් ඇතුළු අමාත්‍යවරුන් 8 දෙනකුගෙන් මෙම කමිටුව සමන්විතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටමත් අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේ කටයුතු මග හිටලා....ඒ ගැන ඇමතිවත් දන්නෙ නැත්ද..
ජනාධිපතිතුමා ඉංග්‍රීසියෙන් ඉගැන්වීම කිව්වම පොත පමණක් කියලා දෙන සමහර ගුරුවරු ඉන්නවා සමහර අයට ඉංග්‍රීසියෙන් කතාකරන්න අමාරුයි කියලා හිතෙනවා. ඉතින් දරුවන්ට ඉංග්‍රීසියෙන් කතාකරන්න හැකියාව ඇතිකල හැකි ගුරුවරු ගන්නවා නම් වටිනවා .තවත් දෙයක් කියන්න ඕන සාමාන්‍යයෙන් පාසලේදී සාමාන්‍ය පෙළ විභාගයට නියමිත විෂයයන් කීපයක්(උදාහරණයක් හැටියට විද්‍යාව,ගණිතය වගේ) සෑම පාසලකම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම කරන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා
අහුවෙන්න එපා ,චන්ද ගුණ්ඩු !!! ෆොක්ස් වැගන් අමතක නැහැ නේද ? අලුත් ආණ්ඩුවක් පත්වුණ වහාම ඔය පත්වීම් අවලංගුයි !!!