ඈත අතීතයේ ඉංග්‍රීසි භාෂාව කතාකර ඇත්තේ එංගලන්තයේ බොහෝම දිළිඳු පවුල්වල කුලහීනයින් බවත් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ආචාර්යවරියක් වන ට්‍රිෂ් බ්‍රෙසොලින් කියන්නීය.
ඇය මෙසේ පැවසුයේ විදෙස් රටවල් දහයකටත් වඩා වැඩි සංඛ්‍යාවකින් ඕස්ට්‍රේලියායට පැමිණි සිටි සිසුන් පිරිසක් නියෝජනය කළ දේශනයකදීය.
වත්මන් ලෝකයේ භාෂාවන් පිළිබඳව දැනුවත් කරමින් කතා කළ ඇය පැවසුවේ තිස් අට කෝටියක් දෙනා පළමු බස ලෙස ඉංග්‍රීසි භාෂාව කතාකරන බවයි .දැනට සිය කෝටියකටත් වඩා වැඩියෙන් ලෝකය පුරා වෙසෙන ජනතාව ඉංග්‍රිසී ඉගෙන ගන්නා බවත් වසර 2050 වන විට ලෝක ජනගහණයෙන් බාගයකටත් වඩා වැඩියෙන් ඉංග්‍රීසි භාෂාව කතා කරන බවත් ඇය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් දැන් නම් ඒක "ටොප් ක්ලාස් ලැන්ග්වේජ්" ඒකක්. ඉංග්‍රිසි කථා කරනවා කියන්නෙත් ලොකු වැඩක්. අනේ! බලනකොට මේකත් පටන් අරන් තියෙන්නේ බිංදුවෙන්නේ. (නි)
ඉංග්‍රීසි භාෂාවට "මෑඩ් මෑන්ස් ලැංග්‍වේජ්" කියලත් කියනවා. (නි)
මේකෙන් ගම්‍ය වනුයේ ලෝක ජනගහනයෙන් භාගයක්ම කුලහීන දිළිඳු කියන එක නොවේද? (නි)
100% ඇත්ත (දී)
ලොව ඉගෙනීමට අමාරුම භාෂාව චීන භාෂාවයි. (නි)
ජ්‍යාත්‍යන්තරව කටයුතු කරන්න අපිට ඒ භාෂාව අවශ්‍යයි (දී)
ලෝකේ ඕනෑම තැනකට ගිහින් සිංහල කතා කරන්න මමනම් බය නැහැ (දී)
මම සිංහල භාෂාවට ගරු කරනවා (දී)
ඕනෙම දෙයක් ගත්තොත් අපේ එක තමා හොඳම, උසස්ම, අනිත් ඒවා සියල්ල ඊට පහළින් කියා හිතන එක අපේ බොහෝ දෙනා ගේ තියෙන දුර්වලතාවයක් (නි)
සිංහල භාෂාව තරම් වටිනා භාෂාවක් තවත් නැත (දී)
දැන් ඉංග්‍රීසි කියන්නේ සන්ධාන භාෂාවයි (දී)
ඒකනේ අපි දන්නේ නැත්තේ (දී)
සිංහල භාෂාව තරම් වටිනා එකක් සිංහලයින්ට තිබිය නොහැක (දී)
නොමඟ යන සුලු වැටහීමක් එන්න පුලුවන් නිසා මේකත් කියන්න ඕනෑ. ඒ කාලේ එංගලන්තයේ උසස් භාෂාව වුණේ ලතින්. ශේක්ස්පියර් වගේ රචකයො නිසා තමයි ඉංග්‍රිසියට තැන ආවෙ. දැන් ලතින් භාවිතා වෙන්නෙ වතිකානුවේ විතරයි. (නි)
එතකොට එංගලන්තයේ සාමාන්‍ය පවුල්වල අය කථා කළේ මොන භාෂාවද? (නි)
එංගලන්තේ කුලවත්තු ඉස්සර කලේ කතා කළේ සිංහලද දන්නෙ නැහැ. (නි)
හරි, මට කියන්න දැන් ඉංග්‍රීසි නැතිව මොනවාද කරන්න පුළුවන් (දී)
කොච්චර කුලහීන උනත් දැන් කුළු ලෝකෙම කතා කරන්නේ ඉංග්‍රීසි (දී)
භාෂා වලට අගෞරව කරනවා නොවෙයි. මමනම් සිංහල භාෂාව කතා කාරන්න කැමති (දී)