උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතාට ඇසිඩ් ගැසී යැයි කියන ආයුර්වේද වෛද්‍යවරයා ඇතුළු තිදෙනා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් ලබන 27 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ. මින්නේරිය, හබරණ පාර ආයුර්වේද වෛද්‍ය සුසිරි කුමාර වික්‍රමසිංහ, ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන ගජබා රෙජිමේන්තුවේ සෙබළකු වන නිට්ටඹුව ඌරාපොළ පල්කුඹුර නුවන් කුමාර සහ මාළු වෙළෙන්දකු වන කැලණිය තොරණ පාරේ ඩබ්ලිව්. ඒ. තෝසිත ඔවුහුය. කුමාර අල්විස් මහතාගේ ඇස් දෙකේ පෙනීම ලබාගත හැකිදැයි උත්සහයක් ගැනීමට ඔහු එතෙර යැවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරලා තියෙන දේ නම් ආනන්තරීය පාප කර්මයකටත් වඩා පවුකාරකමක්! (නි)
මේක කළ අපරාධරකු හිරේ යායුතුම නැත. ඔහුට ස්වභාව ධර්මයෙන් නිසි දඩුවම් ලැබේවි. (නි)
ආශ්චර්යය සමගම වෛද්‍යවරුනුත් පිරිහී ඇත. (නි)
ඒ මහතාගේ ඇස් දෙකට ඉක්මණින් පෙනීම ලැබේවා කියලා මම පතනවා. (නි)