කොළඹ ජාතික ඇස් රෝහලේ නිල වෙබ් අඩවිය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක අද විවෘත කෙළේය.
අද http://nationaleyehospital.health.gov.lk
යන මෙම වෙබ් අඩවිය මගින් අක්‍ෂි රෝහලේ සායන හා ඒවාට සම්බන්ධ වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විස්තර ඇතුළු රෝගීන්ට අවශ්‍ය සියලූ කරුණු හා සේවා පිළිබඳ තොරතුරු දැනගත හැකිය.
ජාතික අක්‍ෂි රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ, විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් වන මංගලා ගමගේ, චම්පා බානගල, චරිත් ෆොන්සේකා සහ වෙබ් අඩවිය නිර්මාණය කළ වෛද්‍ය අනෝම ජයරත්න යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක් වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනම් බොහොම හොඳ දෙයක් .දැන් වැඩිපුර අක්ෂි ලෙඩ හදාගන්නේ අන්තර්ජාලයේ එල්ලිලා ඉන්න අය තමයි (ස)
අක්ෂි රෝහලෙන් විශේෂ සේවයක් වෙනවා ,අඩුපාඩු ඇත්නම් පෙන්වා දෙන්න (ස)
කාලීන අවශ්‍යතාවක් , ස්තූතියි (ස)
වැඩේනම් හොඳයි , ඒත් මේවා නිතරම යාවත්කාලින කල යුතුයි (ස)
වෙබ් එක බැලුවහම නම් ඇස් සම්බන්ධ එකක් කියලා හිතෙන්නේ නැහැ අපිට. (නි)
හොද වැඩක්. මෙය ලංකාවෙන් පිටත සිටින සියලුම අයට ඉතා ප්‍රයෝජනවත් වේවි. (නි)
බොහොම හොඳ අගය කල යූතු දෙයක්. සියථම නළධාරින්ට ස්තූති කරමි. නමූත්.., "ශ්‍රිලංකා අක්‍ෂි රෝහල" කියා නම සිංහල භාෂාවෙන් මූලටම සදහන් කර භාෂා තුනෙන්ම ඉදිරිපත් කර තිබූනත් එහි ඇති නිල වෙබ් අඩවිය සම්පූර්ණ දත්තයන් ඉංශ්‍රීසියෙන් පමණක් ලියා තිබීම කනගාටූවට කරැණකි. සිංහළ රටේ හැම දෙයක්ම ඉංග්‍රීසියෙන් හදූන්නලා දෙමින් සිංහළ කමත් සිංහළ භාෂාවත් අමතක කරමින් යන මෙවැනි අවධියක එය ලක්වැසි සියථදෙනාගේ පහසූවට සහ මනා තේරැන් ගැනීමටත් සිංහළ, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ඉදිරිපත් කරන මෙන් සියථම වෛද්‍යවරුන් ගෙන් කාරැනිකව ඉල්ලා සිටිමූ....!!
හැමදාම එකම විදියට තියෙන වෙබ් අඩවියක ආරම්භයද? සයිබර් අවකාශයේ පුස් කන වෙබ් අඩවි.... ලංකාවේ රාජ්‍ය සහ පුද්ගලික වෙබ් අඩවි බොහොමයක් එහෙමයි. (නි)
මෙම වෙබ්සයිට් එකෙන් රෝගීන්ට ලැබෙන සහන මොනවද? වෛද්‍යවරුන් මුණ ගැසීමට උපකාරී කරගන්නේ කොහොමද?
මෙම වෙබ් අඩවියෙන් රෝගීන් ලබන ප්‍රතිලාභ මොනවාද? විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමට උපකාරි කරගන්නේ කොහොමද?
දැන් ඇස් සඳහා ප්‍රතිකාර කරන්නේ නැද්ද අක්ෂි කාච නැද්ද?